Pages

Tuesday, November 9, 2010

එක්දින ශ්‍රේණිගත කිරීම්වල දී දෙවැනි තැන ශ්‍රී ලංකාව


ඕස්ටේ‍්‍රලියානු එක්දින කි‍්‍රකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයග‍්‍රහණය කිරීමත් සමඟ ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව දෙවන ස්ථානය හිමිකරගෙන සිටී. නවතම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ප‍්‍රසාද ලකුණු 118ක් ලබා ගනිමින් ශී‍්‍ර ලංකාව මෙසේ දෙවන ස්ථානයේ පසු වේ.

ප‍්‍රසාද ලකුණු 128ක් ලබා ගනිමින් ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රථම ස්ථානයේ පසුවන අතර ප‍්‍රසාද ලකුණු 117ක් ලබාගනිමින් ඉන්දියාව තුන්වන ස්ථානය හිමිකරගෙන සිටී.

සිව්වන ස්ථානය දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ද පස්වන සහ හයවන ස්ථාන පිළිවෙළින් එංගලන්ත සහ පාකිස්තානු කණ්ඩායම් හිමිකරගෙන තිබේ.

No comments:

Post a Comment