Pages

Tuesday, November 9, 2010

උතුරු-නැගෙනහිර


උතුරු-නැගෙනහිර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, සංචාරක කර්මාන්තය හා පාලන ව්‍යුහය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 125.4 ක සහන ණය මුදලක් ලබාදීමට සූදානම් බව ලෝක බැංකුව කියයි.
ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් බවට පත්වීමට යන ගමනට මෙම ව්‍යාපෘති මගින් සවියක් ලැබෙන බව මෙම ණය ලබාදීම පිළිබඳව අදහස් දක්වමින් ලෝක බැංකුවේ මෙරට වැඩබලන ප්‍රධානී, අමිට් ඩාර් සඳහන් කර තිබේ.
මෙම ණය මුදල ලබාදෙන්නේ ලෝක බැංකුවේ ආයතනයක් වන ජාත්‍යන්තර සංවර්ධන සංගමය (International Development Association) හරහා වන අතර වසර විස්සකින් ගෙවා නිමකළ යුතුවන සේ ලැබෙන මෙය ගෙවීම සඳහා වසර 10 ක සහන කාලයක්ද ලබාදී ඇත.

No comments:

Post a Comment