
කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයා ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ ආර් සෙනෙවිරත්න මහතා පැවසුවේය.
එම පරීක්ෂණවලින් අනතුරුව සොයාගන්නා ලද හෙරොයින් තොගය කෙතරම් බරකින් යුක්ත ද යන්න සහ එහි වටිනාකම කෙතරම් ද යන්න ප්‍රකාශ කළ හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් අදාළ හෙරොයින් තොගය කිලෝග්‍රෑම් 50 ට ආසන්න බව වරාය ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය.
සොයාගනු ලැබූ හෙරොයින් තොගය මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය ද යන්න පිළිබඳව විමර්ශනය කෙරෙමින් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.
No comments:
Post a Comment