Pages

Tuesday, November 9, 2010

මඩකලපුව පවුල් 100කට වන්දි


ගැටුම් හේතුවෙන් විපතට පත් මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 100කට වන්දි පිරිනැමීම ලබන 12 වනදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩිව් ගුණසේකර සහ නියෝජ්‍ය අමාත්‍ය විජිතමුණි සොයිසා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙහිදී මෙම පවුල් වෙත රුපියල් මිලියන 12ක පමණ වන්දි මුදල් පිරිනැමේ.

එසේම ස්වයං රැකියා සඳහා ණය ලබාදීමේ වැඩසටහන යටතේ එදින පෙරවරුවේ සිට පස්වරු‍ව දක්වා මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදුස්සන් තෝරාගැනීම සිදුකෙරේ. මෙම ණය 4%ක සහනදායී පොළී අනුපාතයක් යටතේ රුපියල් 250,000ක උපරිමයකට යටත්ව ලබාදෙයි.

මේ අතර මෙම වසර තුළ පුලියන්කුලම, මුලතිව් හා නැදුන්කර්නි යන ප්‍රදේශයන්හි නිවාස 250ක් පිළිසකර කරගැනීම සඳහා මුල්‍යාධාර පිරිනැමීමට නියමිතය.

එසේම පසුගියදා මුල්‍යාධාර ලබාදුන් කිලිනොච්චියේ නිවාස 500 පිළිසකර කටයුතු ජනපති පදවි ප්‍රාප්තියට සමගාමීව සම්පූර්ණයෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

No comments:

Post a Comment