Pages

Tuesday, November 9, 2010

ජාල් සුළි කුණාටුවෙන් ලංකාවට බලපෑමක් නෑ


ජාල් සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ වන විට එම සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වී ඇති ඇති අතර එය දුර්වල තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.
චෙන්නායි උතුරු ප්‍රදේශය ආසන්නයේ පිහිටි දකුණු අන්ද්‍රා ප්‍රදේශයට හා චෙන්නාහි වයඹ ප්‍ර‍දේශයට මේ වන විට මෙම සුළි කුණාටුව බලපා ඇත.

මේ හේතුවෙන් අන්ද්‍රා ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත.

මෙම සුළි කුණාටුව හේතුවෙන් එරට ඇතැම් ප්‍රදේශවලට දැඩි සුළඟ සමඟ තද වැසි ද ඇති වී තිබෙන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment