Pages

Friday, December 10, 2010

ශ්‍රී පාද වන්දනා සමය 20වන දා ඇරඹේ


මෙවර ශ්‍රී පාද වන්දනා සමය ලබන 20 වන දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පෝ දිනෙන් ආරම්භ වේ.
අවාර සමයේ දී සධාතුක කරඬුව, දේවාභරණ සහ සමන් දෙව් පිළිරුව තැන්පත් කොට ඇත්තේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරස්ථානයේය.

එම විහාරස්ථානයේ තැන්පත් කොට ඇති සධාතුක කරඬුව, දේවාභරණ සහ සමන් දෙව් පිළිරුව රැගත් පෙරහැර ලබන 19වන දා ශ්‍රී පාදස්ථානයේ උඩමළුව බලා සුභ නැකතින් ගමන් ආරම්භ කිරීමට නියමිත ව ඇත.

No comments:

Post a Comment