Pages

Friday, December 10, 2010

තායිලන්තයේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් පිරිසකට නිදහස


තායිලන්තයේ බැංකොක් නුවර දී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් අතරින් පිරිසක් නිදහස් කර ඇතැයි වි‍දේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මේ බව විදේශ කටයුතු අමාත්‍යාංශය‍ වෙත දැනුම් දී ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස වලංගු වීසා කාලය ඉක්මවා බැංකොක් නුවර රැදී සිටීමේ හේතුව මත අත්අඩංගුවට පත්ව තිබුණි.

එහෙත් තායිලන්ත පොලිස් නිලධාරීන් සිදුකළ පරීක්ෂණවලදී ඉන් කිහිපදෙනෙකු සතුව වලංගු වීසා සහිත ගමන් බලපත්‍ර තිබූ බැවින් ඔවුන් නිදහස් කර ඇති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

පසුගිය බදාදා බැංකොක් නුවර රැදී සිටියදී ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු තායිලන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
Viewer Comments

No comments:

Post a Comment