Pages

Friday, December 10, 2010

ගංගොඩවිල සෝම හිමි ගුණ සැමරුම


අපවත් වී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ සයවන ගුණ සැමරුම සහ සුනාමි විපතින් මියගිය ජනතාවටත්, රට දැය වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ රණ විරුවන්ටත් පිං පතා අද (10) සිට විශේෂ පිංකම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ නිමිත්තෙන් අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී විජයාරාම රජමහා විහාරයේදී ලේ දන් දීමේ පිංකමක් පැවැත්වෙන අතර පස්වරු 7.00ට බෝධි පූජාවක් පැවැත්වේ.

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණන් විසින් සිදුකරනු ලබන ධර්ම දේශනාවක් හෙට පස්වරු 7.30ට විජේරාම මංසන්ධියේදී පැවැත්වීමට නියමිතය.

එසේ ම ලබන 12 වනදා මහා සංඝරත්නය 61 නමක් වෙනුවෙන් දානමය පූජා පිංකමක් ද විජේරාම මංසන්ධියේදී සිදුකෙරේ.

No comments:

Post a Comment