Pages

Wednesday, December 8, 2010

ත්‍රස්ත ක්‍රියාවලට සහය දුන්නු සිව් දෙනා යළි රිමාන්ඩ්


යුදමය වාතාවරණය පැවති සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ත්‍රස්ත ක්‍රියා සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් සිව්දෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ සැකකරුවන් ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මෙම සැකකරුවන් පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සබඳතා පවත්වාගෙන යමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිපිරීම් ඇතුළු ත්‍රස්ත ක්‍රියා සිදුකිරීම සඳහා අනුබල දී ඇති බවට ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කරන ලදී.

ඒ අනුව සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ සියලුම පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව සඳහන් කළ පොලිසිය නීතිඋපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව අධිකරණයට දැනුම් දී තිබේ.

No comments:

Post a Comment