
ජල ගැලීම් හා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් ලක්ෂ තිස් අටදහස් තිස් අටදෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් අතුරින් පවුල් 450 ක පිරිසක් අවතැන්ව සිටින බව එම මධ්‍යස්ථානය පැවසුවේය. නායයෑම් හා ජල ගැලීම් හේතුවෙන් ගතවූ සති කිහිපය තුළ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.
තවත් අටදෙනෙකු තුවාල ලබා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියි. නිවාස 315 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 3715 කට අර්ධ හානි සිදුව ඇති බව වාර්තා වේ.
අවතැන්වූවන් කඳවුරු 53 ක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.
No comments:
Post a Comment