Pages

Friday, December 10, 2010

පාකිස්තාන නාවික හමුදාපති ජනපති හමුවේ


පාකිස්තාන නාවික හමුදාපති අද්මිරාල් නෝමාන් බෂීර් මහතා අරලියගහ මන්දිරයේ දි ඊයේ (08) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ 60 වන සංවත්සරයට සහභාගි විම සඳහා පාකිස්තාන නාවික හමුදාපතිවරයා දිවයිනට පැමිණ සිටියි.

මෙහි දී ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර නාවික පුහුණු කටයුතු සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කොට ඇත.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ සහ ශී‍්‍ර ලංකාවේ පාකිස්තාන තානාපතිනිය ද එම අවස්ථාවට එක් විය.

No comments:

Post a Comment