Archive for September 2010

සූර්යකෝෂ භාවිතයෙන් විදුලිය


ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින ගෘහස්ථ විදුලි ඉල්ලුමට පිළියමක් වශයෙන් සූර්යකෝෂ භාවිතයෙන් ගෘහස්ථ පාරිභෝගිකයින්ට විදුලිය නිෂ්පාදනය කරගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත එම අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙමගින් විදුලි පාරිභෝගිකයන්ගේ ගෘහස්ථ අවශ්‍යතා සඳහා විදුලිය උත්පාදනය කරගැනීමේ හැකියාව පවතියි.

මෙසේ උත්පාදනය කරනු ලබන විදුලියේ අතිරික්තය ලංකා විදුලිබල මණ්ඩලයට අලෙවි කිරීමේ පහසුව ද සකස් කොට ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මෙම විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයෙන් අවශ්‍ය තොරතුරු ලබාගැන‍ීමේ හැකියාව පවතී.
(July 30, 2010)

Leave a comment

බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකුට මේජර් ජෙනරාල් තනතුරු

බ්‍රිගේඩියර් තනතුරේ කටයුතු කළ යුද හමුදා නිලධාරීන් පස් දෙනෙකු මේජර් ජෙනරාල් තනතුරට උසස් කර තිබේ. සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම උසස් වීම් ලබාදී ඇති බව සඳහන්ය.

ඒ අනුව ‍මේ දක්වා බ්‍රිගේඩියර්වරුන් ලෙස කටයුතු කළ උභය මැදිවෙල, උදය නානායක්කාර, එම්. එච්. එස්. බී. පෙරේරා, ඊ.කේ.ජේ.කේ.විජේසිංහ, එස්. ඒ. එල්. ඒ. පෙරේරා යන මහත්වරුන් මෙසේ මේජර් ජෙනරාල් තනතුරට උසස් කර ඇත.
(2010-07-29)

Leave a comment

ඩෙංගු සුවයට ගස්ලබු කොළ


ඩෙංගු රෝගීන් සඳහා පැපොල් (ගස්ලබු) පත්‍රවල යුෂ සුදුසු බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී ඇත. ළමුන් 10 - 15ත් අතර පිරිසක්ද ඇතුළුව ඩෙංගු වැළදුණු රෝගීන් 70 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඔවුන්ගෙන් සෑම අයෙකුටම පැපොල් කොළ යුෂ මිලි ලීටර් 10ක් පානය කිරීමට දී තිබේ.

සාමාන්‍යයෙන් සිදුකරන වෛද්‍ය පරීක්ෂණවලින් ඕනෑම රෝගයක් සුවවීමේ ප්‍රතිශතය වන්නේ 50%ක් පමණය. නමුත් පැපොල් යුෂ යොදා ගනිමින් ඩෙංගු රෝගීන් වෙනුවෙන් සිදුකළ මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලය 100%ක් බවට ඔප්පුවී ඇතැයි වෛද්‍ය සනත් හෙට්ටිගේ මහතා ප්‍රකාශ කර ඇත. ඵලදාව ඇති, හොඳින් වැඩුණු රතු වර්ගයේ ගස්ලබු (Red lady) ගසක පත්‍රය පමණක් ගෙන පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා එම පත්‍රය වංගෙඩියක දමා කොටාගත යුතුය. වතුර හෝ ලුණු වතු නොදමා ගස්ලබු කොළය පමණක් මෙසේ හොඳින් කොටා ගෙන එයින් මිරිකා ගත් සාරය බීමට ගත යුතුය. සීනි හෝ වතුර හෝ කිසිවක් මිශ්‍ර නොකර ගස්ලබු කොළ සාරය පමණක් පානය කළ යුතු බව වෛද්‍ය හෙට්ටිගේ මහතා සඳහන් කරයි.

වැඩිහිටියන් මි.ලී 10ක ප්‍රමාණයක්ද, වයස අවුරුදු 05 - 12ත් අතර ළමුන් මි.ලී 05ක් ප්‍රමාණයක්ද දිනකට දෙවරක් පානය කළ යුතුය. ඩෙංගු වැළඳී අසාධ්‍ය මට්ටමේදී මෙය පානය කිරීමේ ප්‍රතිඵලයක් නොලැබේ. ඩෙංගු යැයි හඳුනාගත් වහාම මෙය පානය කළ යුතු අතර ඩෙංගු රෝගය සඳහා දෙනු ලබන බෙහෙත් සමඟ මෙය බීමට ගත හැකිය.

මෙසේ පැපොල් කොළ යුෂ බීමට ගැනීමෙන් ඩෙංගු රෝගීන්ගේ සුදු රුධිරාණු මෙන්ම රුධිර පට්ටිකා වර්ධන කෙරේ. එසේම ‍ රුධිරය කැටි ගැසීම වර්ධනය කරන අතර ඩෙංගු වැළඳීමෙන් අක්මාවට වන හානිය යම් තරමක් දුරට සමනය වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ රුධිර පට්ටිකා 150,000 - 350,000 අතර පවතී. ඩෙංගු රෝගය වැළඳීමෙන් එය 150,000ක් වැනි අඩු තත්වයක් පැවතියහොත් පැපොල් කොළ පානය කිරීමෙන් එය වර්ධනය කරගත හැකිය.
(July 18, 2010)

Leave a comment

අකමැත්තෙන් වුණත් නායකත්වයට කැමතියි


අකමැත්තෙන් වුණත් පක්ෂ නායකත්වයට ගරු කරන්නට සිදුව ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්රීෙ දයාසිරි ජයසේකර මහතා පවසයි.

මොනදේ කළද කීවද නායකයා"නායකයාම"බැවින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන් පිළිගන්නා බවත්,ඊට ගරු කරන බවත් හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්යන සාකච්ඡාවකදී මාධ්යවවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

එසේ වුවද තම පක්ෂ නායකත්වයට කිව යුතුදේ මුහුණටම කියන බව ද දයාසිරි ජයසේකර මන්ත්රීිවරයා කියා සිටියේය.

රජය කැබිනට් රැස්වීම් කිලිනොච්චියේ පවත්වා උතුරේ ඉන්ධන මිල අඩු කරන්නට රජය කටයුතු කළ බවත්,ඒ ආකාරයෙන්ම දකුණේ ප්රිදේශවල කැබිනට් රැස්වීම් පවත්වා රටේම ඉන්ධන මිල අඩුකරන්නට කටයුතු කළ බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
(July 15, 2010)

Leave a comment

විධායක ධූරයට මම නම් කැමතියි


විධායක ජනාධිපති ධූරය පැවතිය යුතු බව තමන්ගේ පුද්ගලික අදහස බවත්,පක්ෂයේ බහුතර මතයට හිස නමමින් තමන්ටද ඊට එරෙහි මතයක් දරන්නට සිදුවූ බව ත් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්රීෂ සජිත් ප්රේිමදාස මහතා පවසයි. එහෙත් විධායක ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට වග කියන,රටට වග කියන ජනාධිපති ධූරයක් බවට පරිවර්තනය විය යුතු බව තමන්ගේ විශ්වාසය බවත් හෙතෙම කියා සිටියේය.

මේ වන විට විධායක අගමැති ධූරයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් හා ආණ්ඩුව අතර සාකච්ඡා පැවැත්වෙන අතරතුර තම පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට පිරිසක් බා ගැනීමේ උගුල්ද ක්රි්යාත්මක වන බව ඔහු පෙන්වා දුන්නේ අද පැවති මාධ්යය හමුවකට සහභාගී වෙමිනි. එකී උගුල් වලට හසුනොවන්නේනම් සාකච්ඡා වඩා ඵලදායි වනු ඇති බවද මන්ත්රීිවරයා කියා සිටියේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ චින්තනය, සංවිධානය ඇතුළු ක්රිායාකාරීත්වය රටට ගැලපෙන ලෙස වෙනස් විය යුතු බව මෙම මාධ්යස හමුවේදී සජිත් ප්රේ්මදාස මහතා සඳහන් කළේය. වත්මන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන් පිළිගන්නා අතර පක්ෂ ප්රයතිසංවිධානය පිළිබඳව පක්ෂයේ කෘත්යා ධිකාරී මණ්ඩලය විසින් සාකච්ඡා කරනු ඇති බව ඒ මහතා ප්ර්කාශ කළේය.

යම් හෙයකින් පක්ෂයේ නායකයා තේරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ නම් ඊට ඉදිරිපත් වන්නේද යන්න සම්බන්ධයෙන් දැනට ප්රාකාශ කළ නොහැකි බව ප්රේධමදාස මහතා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කළේය.
(July 14, 2010)

Leave a comment

ලෝක ජනගහන දිනය අදයි

ලෝක ජනගහන දිනය අදට යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 1989 වසරේ සිට සෑම වසරකම ජූලි 11 වන දින ලෝක ජනගහන දිනය ලෙස සැමරීමට කටයුතු යොදනු ලැබීය. මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව ලෙස"සියල්ලන් ගණනයට ලක් වීම අවශ්ය1යි "යන්න හඳුන්වා දී තිබේ.

මේ වන විට ලෝක ජනගහනය බිලියන 6 .8 වන අතර එයින් බිලියන 5 .6 ක ජනගහනයක් අඩු ආදායම් ලාභීන් බව සඳහන්ය. ශ්රී ලංකාවේ ජනගහනය මිලියන 20 කට ආසන්න වන අතර වසරකට දෙලක්ෂ විසි පන්දහසක් පමණ එකතු වන බව වාර්තා වේ.

ජනගහනය වැඩි වීමට උපත් වැඩි වීම, මරණ අඩු වීම රට තුළ හා රටෙන් පිටතට ජනගහනය සංක්ර මණය වීම පෙන්වා දිය හැකිය. ලෝක ජනගහන දිනය නිමිත්තෙන් ජාතික වැඩසටහන ශ්රීී ලංකා පදනම් ආයතනයේ දී සෞඛ්ය අමාත්යං මෛත්රී පාල සිරිසේන මහතාගේ ප්රයදානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
(July 11, 2010)

Leave a comment

සාමකාමී උද්ඝෝෂණය විසිරෙව්වේ පගාමරුවෙක්

ජාතික නිදහස් පෙරමුණ මගින් සංවිධානය කළ සාමකාමී විරෝධතා ව්‍යාපාරය පොලිස්බලය යොදා විසුරුවාහැරීමට ක්‍රියා කළ උසස් පොලිස් නිලධාරියා පගාමරුවෙක් බවත්,එම විරෝධතාවය මැඩපැවැත්වීමට ක්‍රියා කළේ එක්සත් ජාතීන්ගෙන් පගාව ගත් නිසා බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක,නිවාස-ඉදිකිරීම් හා පොදුපහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

තමන්ගේ විරෝධතා ව්‍යාපාරය නිසා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ සේවකයින්ට පිටතට එන්නට නොහැකි සේ අවහිර වුණත් උද්ඝෝෂණය සිද්ධවුණේ සාමකාමීව බවත්,උද්ඝෝෂණයකදී මෙවන් සුළු සුළු අවහිරතා සිදුවිය හැකි බවත් හෙතෙම කියා සිටියි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත් කර තිබෙන විශේෂඥ කමිටුව ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් බැන්කී මූන් මහතා අද දිනයේ ප්‍රකාශයක් සිදු කළ යුතු බව හෙතෙම කියා සිටියේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

බෑන්කී මූන්ගේ කමිටුව ඉවත්කර ගැනීම පිළිබඳ අද දිනයේ ප්‍රකාශයක් නොකළහොත් දැනට ක්‍රියාත්මක උපවාසය මරාන්තික උපවාසයක් දක්වා ගෙන යන බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

රට වෙනුවෙන් තම පක්ෂය ගනුලැබූ මෙම ක්‍රියාමාර්ගයට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනා සහය විය යුතු බව ද වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජතාන්ත්‍රික විදිහට විසඳාගත යුතු ප්‍රශ්න තිබෙන බවත්,මෙම ප්‍රශ්නය රාජතාන්ත්‍රික විදිහට විසදාඳාගත නොහැකි බවත් ,තමන්ගේ ක්‍රියාකලාපයන් නිසා බෑන්කී මූන් පාඩමක් ඉගෙනගනු ඇති බවත් වීරවංශ මහතා පැවසීය.

බැන්කී මූන් මහතා පත් කර තිබෙන කමිටුවට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණ ඊයේ දිනයේ එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කරමින් උපවාසයක් ද ආරම්භ කරන ලදී. .

එම උපවාසය තවදුරටත් පැවැත්වෙන අතර මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ උපවාසය පැවැත්වෙන අතරතුරදීය.
(July 7, 2010)

Leave a comment

Yawwanaye

Leave a comment

මන්දාරම


මන්දාරම අහස ඉමට වේ හිනැහෙන හැන්දෑවක -පොලොව මතට බිම් කළුවර දී හිනැහෙනවා
නුබත් සබද මන්දාරම සේ එබිලා මගේ හිතට - විටෙක එබී විටෙක නොදී අදුරෙහි ලනව
දුකට කදුළු සිනා පොදක එතිලා මුන් හිනැහෙන සද -ඒ කදුලින් බිදුවක් ගෙන ඔබ හිනැහෙනවා
ජීවිත මග ගැට ගැට මුන් යනවිට මළගම වෙත-නුබ ආයෙත් සදක් වගේ පය එනවා
අරුම පුදුම නුබේ හිත ලග මගේ සිත සතපවා සැමදින -සුසුම් අතර අවද ඇවිද මුන් විදවනවා

Leave a comment

The Love

I Will Love You Forever

I love you so deeply,
I love you so much,
I love the sound of your voice
And the way that we touch.
I love your warm smile
And your kind, thoughtful way,
The joy that you bring
To my life every day.
I love you today
As I have from the start,
And I'll love you forever
With all of my heart. Day by day
Night by night
Kiss by kiss
Touch by touch
Step by step
I fall in love
A love so incomprehensible
So vivid
So unique
So wild, that not even the reign of God could control
A passion so deep
A need so necessary
A want so strong
The universe would not handle
I love you today
I’ll love you tomorrow
I’ll love you forever(Duleeka Nangi)

Leave a comment