විධායක ධූරයට මම නම් කැමතියි


විධායක ජනාධිපති ධූරය පැවතිය යුතු බව තමන්ගේ පුද්ගලික අදහස බවත්,පක්ෂයේ බහුතර මතයට හිස නමමින් තමන්ටද ඊට එරෙහි මතයක් දරන්නට සිදුවූ බව ත් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්රීෂ සජිත් ප්රේිමදාස මහතා පවසයි. එහෙත් විධායක ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට වග කියන,රටට වග කියන ජනාධිපති ධූරයක් බවට පරිවර්තනය විය යුතු බව තමන්ගේ විශ්වාසය බවත් හෙතෙම කියා සිටියේය.

මේ වන විට විධායක අගමැති ධූරයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් හා ආණ්ඩුව අතර සාකච්ඡා පැවැත්වෙන අතරතුර තම පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට පිරිසක් බා ගැනීමේ උගුල්ද ක්රි්යාත්මක වන බව ඔහු පෙන්වා දුන්නේ අද පැවති මාධ්යය හමුවකට සහභාගී වෙමිනි. එකී උගුල් වලට හසුනොවන්නේනම් සාකච්ඡා වඩා ඵලදායි වනු ඇති බවද මන්ත්රීිවරයා කියා සිටියේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ චින්තනය, සංවිධානය ඇතුළු ක්රිායාකාරීත්වය රටට ගැලපෙන ලෙස වෙනස් විය යුතු බව මෙම මාධ්යස හමුවේදී සජිත් ප්රේ්මදාස මහතා සඳහන් කළේය. වත්මන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන් පිළිගන්නා අතර පක්ෂ ප්රයතිසංවිධානය පිළිබඳව පක්ෂයේ කෘත්යා ධිකාරී මණ්ඩලය විසින් සාකච්ඡා කරනු ඇති බව ඒ මහතා ප්ර්කාශ කළේය.

යම් හෙයකින් පක්ෂයේ නායකයා තේරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ නම් ඊට ඉදිරිපත් වන්නේද යන්න සම්බන්ධයෙන් දැනට ප්රාකාශ කළ නොහැකි බව ප්රේධමදාස මහතා මෙහිදි වැඩිදුරටත් අවධාරණය කළේය.
(July 14, 2010)

. Bookmark the permalink.

Leave a Reply