සූර්යකෝෂ භාවිතයෙන් විදුලිය


ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින ගෘහස්ථ විදුලි ඉල්ලුමට පිළියමක් වශයෙන් සූර්යකෝෂ භාවිතයෙන් ගෘහස්ථ පාරිභෝගිකයින්ට විදුලිය නිෂ්පාදනය කරගැනීමේ ක්‍රමවේදයක් සකස් කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත එම අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙමගින් විදුලි පාරිභෝගිකයන්ගේ ගෘහස්ථ අවශ්‍යතා සඳහා විදුලිය උත්පාදනය කරගැනීමේ හැකියාව පවතියි.

මෙසේ උත්පාදනය කරනු ලබන විදුලියේ අතිරික්තය ලංකා විදුලිබල මණ්ඩලයට අලෙවි කිරීමේ පහසුව ද සකස් කොට ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මෙම විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයෙන් අවශ්‍ය තොරතුරු ලබාගැන‍ීමේ හැකියාව පවතී.
(July 30, 2010)

. Bookmark the permalink.

Leave a Reply