ව්‍යාජ ඖෂධ මාෆියාව රට පුරා


දිවයින පුරා ඇති ඔසුසල් වල නියම්ත ඖෂධ වෙනූවට ව්‍යාජ ඖෂධ ලබාදෙන බවට තොරතුරු ලැබී ඇති බව ඖෂධ පාලන මණ්ඩලය පවසනවා.
ඔවුන් කරන ලද වැටලීමකට අනූව මේ පිළිබ`දව තොරතුරු අනාවරණය වූ බව එහි අධ්‍යයක්ෂක වෛද්‍ය අමල් කරුණාතිලක මහතා පවසනවා.

ශරීරයට හිතකර වූ , අතුරුඵල අවම කරන එමෙන්ම ලාභදායි මිලකට ජනතාවට ම්ලදී ගත හැකි ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරන ඖෂධ අත්‍යාවශ්‍ය ඖෂධයි.

ඖෂධ සමාගම් විසින් භාවිතා කරන ප‍්‍රචාරණ ක‍්‍රමය ව්‍යාජ ඖෂධ භාවිතය වැඩිවීම ට බලපාන බව ඖෂධ පාලන මණ්ඩලය පෙන්වා දෙනවා.

ව්‍යාජ ඖෂධ වලින් හටගන්නා අතුරු ආබාධ ශරීරයේ විකෘතිතා ඇතිකරනු ලබයි.

ශ‍්‍රී ලංකාව 1970 දශකයේ මුල් භාගයේදීම අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ප‍්‍රමාණය 2100 සිට 800 දක්වා අඩුකර තිබෙනවා.
1971 දී සේනක බිබිලේ වාර්තාව අනූව එම වසරේදීම පුද්ගලික අංශය ම`ගින් ආනයනය කරනු ලැබූ ඖෂධ වර්ග ප‍්‍රමාණය 800 ක්.

එදා සිටම අත්‍යාවශ්‍ය ඖෂධ ලේඛණ සකස් කිරීම රාජ්‍ය මට්ටමින් සිදුකරණු ලැබුවත් ශ‍්‍රී ලංකාවේ භාවිතා වන අනතුරුදායක ව්‍යාජ ඖෂධ ප‍්‍රමාණය මේ වසර වන විට වැඩිවීමක් සිදු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

රජයේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිවල පවත්නා ලිහිල් ස්වභාවයත් , විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ ඖෂධ වෙළදාම සම්බන්ධයෙන් රජය අනුගමනය කරන්නාවූ ප‍්‍රතිපත්ති වල ස්වභාවයත් මේ ස`දහා හේතු වී තිබෙනවා.

රාජ්‍ය මට්ටමින් ඖෂධ වෙළදාම සම්බන්ධයෙන් සීමා පැනවීම අනිවාර්ය කරුණක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

මෙම සාර්ථක ඖෂධ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව හා ලාභදායි හා ප‍්‍රතිඵලදායක ඖෂධ ස`දහා ප‍්‍රමුඛත්වය දීම,විධිමත් ආකාරයට ඖෂධ නියම කිරීමේ ක‍්‍රමයක් සකස් කිරීම හා ඖෂධ පිළිබ`ද රෝගීන්ට අවශ්‍ය තොරතුරු සැපයීමේ විධිමත් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම ආදිය පිළිබ`ද අවධානය යොමු කිරීම වැදගත් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
2010-10-08

. Bookmark the permalink.

Leave a Reply