කඩිනමින් ඉදිවන හම්බන්තොට වරාය


හම්බන්තොට වරායේ දෙවන අදියරේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව වරාය අදිකාරිය පවසනවා.
දෙදහස් දොළහ වසරේ දී මෙහි වැඩවටයුතු අවසන් කිරීමට හැකිවන බව වරාය අදිකාරියේ සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතා පවසනවා.

දෙදහස් එක වසරේ සැප්තැම්බර් අට වන දින හම්බන්තොට වරාය ස්ථාපනය ස`දහා යෝජනාව ඉදිරිපත් කෙරුණා.
ඒ එවකට විෂයභාර අමාත්‍ය වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්.
අදියර 03කින් නිමකිරීමට යෝජිත වරායේ මුළු භූමි ප‍්‍රමාණය හෙක්ටයාර දෙදහසක්.
එය නැංගුරම් පොලවල් 33කින් සමන්විතයි.
සමස්ත වරාය ඉදිකිරීම් ස`දහා වැයවෙතැයි ඇස්තමේන්තු කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක්.
එයින් 85% ක මුදල් ප‍්‍රමාණයක් විශේෂ ණය පහසුකම් යටතේ මහජන චීන ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.
එහි පළමු අදියරේ වැඩකටයුතු පසුගිය දොළොස්වැනිදා නිමාවට පත්කෙරුණා.
නවීන තාක්්ෂණික ක‍්‍රම උපයෝගී කොට ඉදිකෙරෙන මෙම වරාය ඉදිකිරීම් අතර දියකඩනය ,සාමාන්‍ය නැව්බඩු පර්යන්තය .තෙල් හා ගෑස් ස`දහා වන ජැටිය, වාහන ආනයන හා අපනයන පර්යන්ත.අධි තාක්ෂණික සන්නිවේදන පරිඝණක පද්ධති ආදී අංගෝපාංග රැුසකින් සමන්විත වනවා.
මෙහි පළමු පියවර වශයෙන් කරගං ලේවායේ මඩ ඉවත්කර නැංගුරම් පොලවල් තුනක් ඉදිකිරීමට නියමිතයි.
සමස්ත හම්බන්තොට වරායම ඉදිවන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හරිත වරාය ලෙසයි.
ප‍්‍රදේශයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කරමින් වරාය ඉදිකිරීමෙන් අනතුරුව සෘජු රැුකියා අවස්ථා හයදහසක් හා වක‍්‍ර රැුකියා අවස්ථා පනදහසක් පමණ බිහිවනවා.

. Bookmark the permalink.

Leave a Reply