එක්සත් ජාතීන්ගේ සංවිධානය


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් නැගෙනහිර පළාතේ සංචාරය කිරීමට නියමිතයි.එහි ප‍්‍රධානත්වය දරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප‍්‍රධානී නීල් බූනේ මහතායි.
මෙම සංචාරය අතර තුර දී අදාළ නියෝජිත පිරිස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියල් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සිවනේතුරෙයි චන්ද්‍රකාන්තන් සහ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේඛම් හමුවීමට සැලසුම් කර තිබෙනවා.

යුරෝපා කොමිසම මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ක‍්‍රියාත්මක නැගෙනහිර පළාත් සංවර්ධන ව්‍යාපෘති වල ප‍්‍රගතිය සොයා බැලීම මෙම සංචාරයේ අරමුණයි.

. Bookmark the permalink.

Leave a Reply