අනාවැකි කියූ ‘පෝල්’ බූවල්ලා මියයයි


මෙවර ලෝක පාපන්දු තරගාවලියේදී අනාවැකි පළ කරන ලද ‘පෝල්’ නමැති බූවල්ලා මියගොස් ඇත. ‍

මෙම බූවල්ලා මියගොස් ඇති බව දැනගැනීමෙන් තමන් ඉතා කණගාටුවට පත්වූ බව බූවල්ලා වාසය කළ ජර්මනියේ සමුද්‍ර ජීවී මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය පවසයි.
මෙවර ලෝක පාපන්දු තරගාවලියේදී ජයග්‍රහණය කරන රටවල් පිළිබඳව සාර්ථක ලෙස අනාවැකි පළ කළ මෙම බූවල්ලා ලොව පුරා ජනතාව අතර ජනාදරයට පත්විය.

සාමාන්‍යයෙන් බූවල්ලෙකුගේ ආයු කාලය වසර දෙකකට අධික නොවන බැවින් මෙය සාමාන්‍ය තත්ත්වයක් බව එම කාර්ය මණ්ඩලය පෙන්වා දෙයි. මියයන විට පෝල්ගේ වයස අවුරුදු දෙක හමාරක් පමණ වී ඇත.

මෙම බූවල්ලා සිහිවීම පිණිස ඔහු වාසය කළ සමුද්‍ර ජීවී මධ්‍යස්ථානයේ ස්මාරකයක් ඉදිකිරීමට තීරණය කර ඇත.

. Bookmark the permalink.

Leave a Reply