දහ අට වන ව්‍යවස්ථා සංශෝධනය



දහ අට වන ව්‍යවස්ථා සංශෝධනයත් සම`ග බඩුමිල ඉහළ ගොස් ඇති බව මහජනතාව චෝදනා න`ගනවා.
එළවඵ මිල වෙනුවෙන් පාලන මිලක් පැනවිය නොහැකි වූවත් අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් පාලන මිලක් පැනවිය හැකි බව මහජනතාව පවසනවා.
යුධ සමයේදීත් අසීමිතව ඉහළ ගිය බඩු මිල යුද්ධය අවසන් වී වසරක් ගත වූවද ස්ථාවරව නොපැවතීම ජනතාවට මහත් ගැට`ඵවක්.

යුද්ධය වෙනුවෙන් රජයට වැයකරන්නට සිදු වූ අතිවිශාල ධනස්කන්ධය හේතුවෙන් එකල ජනතාව බඩු මිල දරාගත්තද අද වන විටත් භාණ්ඩ මිල ජනතාව කෙරෙහි පීඩනයක්ව පවතිනවා.

මැතිවරණයට පෙරාතුව අත්‍යාවශ්‍ය භාණ්ඩ 11 ක් වෙනුවෙන් ඉවත්කළ බදු මැතිවරණයෙන් පසුවත් පනවා තිබීම මේ තත්වයට හේතුව බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

මෙම බදු පනවා ඇත්තේ මැයි මස 07 වැනි දින අංක 1652/59 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රය ම`ගිනි.

මෙම බදු වැඩිවීම මැයි මස 10 වැනි දින සිට ක‍්‍රියාත්මකවී ඉදිරිමාස 04 දක්වා වලංගුව පවතින බවද එම ගැසට් පත‍්‍රයේ වැඩි දුරටත් ස`දහන් වනවා.

කෙසේ වෙතත් රජය පවසන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට කරන බලපෑම, වෙළ`දපොල භාණ්ඩ උච්චාවචණය , භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඔවුන්ට වැය කිරීමට සිදුවන බදු වල වැඩි වීම මිල ඉහළ යාමට හේතුව බවයි.

දේශීය වශයෙන් වගාකරන ආහාර දාව්‍ය වලට බලපාන කාලගුණික හා දේශගුණික හේතු නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීමට සිදුවන බවරජය පවසනවා.

එ් වෙනුවෙන් සැලසුමි සහගත නව ආර්ථීක වැඩපිළිවෙලක් යටතේ ජනතාවගේ මූලික අවශ්‍යතා අතරට ගැනෙන ආහාර ප‍්‍රශ්නය නැතහොත් බඩු මිල ප‍්‍රශ්නය වෙනුවෙන් මූලික අවධානය යොමු කළ යුතු බව ආර්ථීක විශේෂඥයන් පෙන්වා දෙනවා.

. Bookmark the permalink.

Leave a Reply