මහනුවර -පේරාදෙණිය දුම්රිය ධාවනය ඇනහිටියි


අද(19) පෙරවරු 9 .30 සිට හෙට(20) පෙරවරු 5 .00 දක්වා පේරාදෙණිය -මහනුවර මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දමන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. එම මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් සිදුකිරීම ඊට හේතුව බව ද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මහනුවර -මාතලේ සහ කොළඹ -බදුල්ල උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

. Bookmark the permalink.

Leave a Reply