මේ වසරේ මග නැගුමට මිලියන 1200 ක්


මග නැගුම වැඩසටහන යටතේ මේ වසරේ ග්‍රාමීය මාර්ග නවීකරණය සඳහා රුපියල් මිලියන 1200ට වැඩි මුදලක් වැය කර තිබේ. මේ වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ඒ සඳහා රුපියල් මිලියන 1214ක් වැය කර ඇති බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

මේ යටතේ ග්‍රාමීය මාර්ග කිලෝ මීටර 534ක් නවීකරණය කර තිබේ. ගම්පහ, කුරුණෑගල, හම්බන්තොට සහ කළුතර යන දිස්ත්‍රික්ක වල වැඩි මාර්ග ප්‍රමාණයක් සංවර්ධනය කර ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ එක් පියවරක් වශයෙන් එම ප්‍රදේශ වල මාර්ග නවීකරණයට රජය සැලසුම් කර ඇත.

. Bookmark the permalink.

Leave a Reply