ජනපති දෙවන පදවිප‍්‍රාප්තිය නොවැම්බර් 19 වැනිදා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවන ජනාධිපති ධුර කාලය සඳහා ලබන නොවැම්බර් 19 වැනිදා දිවුරුම් දිමට නියමිතයි.

ජනාධිපතිතුමාගේ පළමු ධුර කාලය 2005 නොවැම්බර් මාසයේ ආරම්භ විය.

එය හය වසරක් සඳහා වුවත් පළමුධුරයේ සිව්වසර අවසානයේ නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීම නිසා ව්‍යවස්ථානුකූල ව එම කාලය පස් වසරකට සීමා වුණා.

1978 ව්‍යවස්ථාව අනුව ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිධූරයකට තරග කළ හැකි වාර ගණන දෙවරක් පමණි.

පසුගිය දා සම්මත වූ 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එය ඉවත් කෙරුණා.

ජනතාවගේ කැමැත්ත මත ඕනෑ ම වාර ගණනක් ජනාධිපතිධූරය දැරීමට ඒ අනුව අවස්ථාව හිමි වෙනවා.

. Bookmark the permalink.

Leave a Reply