ක්ෂණික ආහාර අංශභාගයට ම`ග පාදයි


ක්ෂණික ආහාර වලට හුරුවීමෙන් අංශභාග රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ පිරිමින් ගෙන් සියයට අසූ එකක් (81%* හා කාන්තාවන් ගෙන් සියයට අසූතුනක් (83%* ක්ෂණික ආහාර වලට හුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

ක්ෂණික ආහාර වල අඩංගු තෙල් වර්ග , නොයෙකුත් වර්ණකාරක හා රසකාරක වල අඩංගු රසායනික දාව්‍ය ම`ගින් ස්නායු දුර්වලතාවයට ලක්වන බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

මේ නිසා මෙයින් වාර්ෂිකව සියයට එකොළහක (11%* පිරිසක් මිය යනවා.

ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් මරණයට පත්වන රෝග අතර දෙවන ස්ථානය හිමිවන්නේ අංශභාග රෝගයට බව ඔහු වැඩි දුරටත් ස`දහන් කළා

. Bookmark the permalink.

Leave a Reply