ලංකාවේ වන වියන අඩුවෙයි


ශ‍්‍රී ලංකාවේ මුඵ වනාන්තර ප‍්‍රමාණය සියයට විසිපහකින් අඩු වී ඇතිබව පරිසරවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
මේ නිසා පරිසරයේ ස්වභාවික සමතුලිතතාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ගැටඵ රැුසක් මතුවී ඇතිබව එහි සභාපති ජගත් ගුණවර්ධන මහතා පවසනවා.
දහනමවැනි සියවසේ දී සියයට හැත්තෑ පහක්ව පැවති වන සම්පත සීඝ‍්‍රයෙන් අඩුවීමට හේතුව වී ඇත්තේ මිනිසුන්ගේ වැරදී ක‍්‍රියා කලාපයන්ය.
අනවසරෙන් වනාන්තර එළිපෙහෙලි කර ගොවිතැන් කටයුතු ස`දහා යොදාගැනීම ඉන් එක් පියවරක්.
මෙයින් ජල පෝෂක ප‍්‍රදේශ වලට දැඩිතර්ජනයක් එල්ල කරණු ලබනවා.
උග‍්‍ර ජල හි`ගයක් ඇතිවීම ද මෙහි අනිසි ප‍්‍රථිපලයක්.
පස දුර්වල වී ජල වහනය අවහිර වීම නිසා පරිසරයේ සමතුලිතතාවය
බි`දී යෑමකට ලක්වනවා.
ඊට අමතරව සිදුවන දේශගුණික විපර්යාසද වන විනාශයට ප‍්‍රභල හේතුවක්.

නිය`ග ඇතිවූ කාලවල , එහි පීඩනය අවම කිරීමට හා `ගංවතුර ඇතිවූ කාලවල , එහි පීඩනය අවම කිරීමටද වනාන්තර පද්ධති බෙහෙවින් උපකාරී වනවා.
ලොව පැවැත්ම තීරණය කරන ප‍්‍රධානතම සාධකය වන්නේ වනගහනයයි.
එය චිරත්කාලීනව පවත්වා ගැනීම මිනිසා සතු පරම යුතුකමක්.
2010-10-08

. Bookmark the permalink.

Leave a Reply