පෞද්ගලික බස් රථවල ගාස්තු


පෞද්ගලික බස් රථවල ගාස්තු වැඩි කිරීම සිදු නොකළ හොත් සියළු පෞද්ගලික බස් රථ අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට ස¥දානම් බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
පෞද්ගලික බස් රථ සංගමයේ සම සභාපති රූබන් සිල්වා මහතා ප‍්‍රකාශ කළේ එවැනි වර්ජනයක නිරත වීමේදී ජනතාවට සිදුවන අපහසුතාව ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා සහ ජාතික ගමනාගමන කොමිසමේ සභපති සශී වෙල්ගම මහතා භාර ගත යුතු බවයි.
බස් ගාස්තු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියට අනුව මේ වසරේ ජූලි මාසයේ සිට පෞද්ගලික බස් ගාස්තුව වැඩිවීම සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක නොකර කෙටිදුර ගාස්තු පමණක් ඉහළ දමන ලෙස ඇමති වරයාට සහ කොමිසමේ සභාපතිට දැණුම් දී තිබෙනවා.
මේ වන විට මාස හතරක් ගතවී ඇතත් ප‍්‍රවාහන ඇමති වරයා තම සංගමයට මේ පිළිබඳව සාකච්ඡුාවක් ලබා දී නොමැති බව බස් සංගමයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා ලිපියක් මඟින් පෙන්වා දී තිබෙනවා
කෙසේ වෙතත් බස් රථ වර්ජනයක් ඇතිවිම සම්බන්ධයෙන් අප මගී ජනතාවගෙන් හා බස්රථ සේවකයන්ගෙන් අදහස් විමසීමක් කළා.

. Bookmark the permalink.

Leave a Reply