ගුවන් විදුලි හා රූපවාහිනි සංඛ්‍යාත බලපත‍්‍ර


ශ‍්‍රී ලංකා රජය සතු සියඵම රූපවාහිනි හා ගුවන් විදුලි බලපත‍්‍ර විවිධ ජනමාධ්‍ය ආයතන වලට පවරාදීම අවසන්කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ නිසා ඉදිරියේදී ගුවන් විදුලි හෝ රූපවාහිනි නාලිකා ස`දහා බලපත‍්‍ර ලබාදීමේ හැකියාවක් නොමැතිබව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේඛම් ඩබ්.බී ගනේගල මහතා ස`දහන් කරනවා.

ශ‍්‍රී ලංකාවේ රූපවාහිනි ආයතන එකොලහකටත් ,ගුවන් විදුලි ආයතන දාහතකටත් මේ වනවිට බලපත‍්‍ර නිකුත්කොට තිබෙනවා.

එක් මාධ්‍ය ආයතනයකට නිකුත් කරන සංඛ්‍යාත ස`දහා වූ බලපත‍්‍ර යටතේ ගුවන් විදුලි හෝ රූපවාහිනි නාලිකා ගණනාවක් විකාශය කිරීමට පු`ඵවන.
දැනට රූපවාහිනි හා ගුවන් විදුලි බලපත‍්‍ර යටතේ නාලිකා හතලිස් එකක් විකාශන කටයුතු ආරම්භකර තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉදිරියේදී අලූතින් රූපවාහිනි හා ගුවන් විදුලි බලපත‍්‍ර ලබාදීමට නම් ශ‍්‍රී ලංකාව අංකන සංඛ්‍යාත ක‍්‍රමයට යා යුතු බවයි.

. Bookmark the permalink.

Leave a Reply