ලෝක ජනගහන දිනය අදයි

ලෝක ජනගහන දිනය අදට යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 1989 වසරේ සිට සෑම වසරකම ජූලි 11 වන දින ලෝක ජනගහන දිනය ලෙස සැමරීමට කටයුතු යොදනු ලැබීය. මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව ලෙස"සියල්ලන් ගණනයට ලක් වීම අවශ්ය1යි "යන්න හඳුන්වා දී තිබේ.

මේ වන විට ලෝක ජනගහනය බිලියන 6 .8 වන අතර එයින් බිලියන 5 .6 ක ජනගහනයක් අඩු ආදායම් ලාභීන් බව සඳහන්ය. ශ්රී ලංකාවේ ජනගහනය මිලියන 20 කට ආසන්න වන අතර වසරකට දෙලක්ෂ විසි පන්දහසක් පමණ එකතු වන බව වාර්තා වේ.

ජනගහනය වැඩි වීමට උපත් වැඩි වීම, මරණ අඩු වීම රට තුළ හා රටෙන් පිටතට ජනගහනය සංක්ර මණය වීම පෙන්වා දිය හැකිය. ලෝක ජනගහන දිනය නිමිත්තෙන් ජාතික වැඩසටහන ශ්රීී ලංකා පදනම් ආයතනයේ දී සෞඛ්ය අමාත්යං මෛත්රී පාල සිරිසේන මහතාගේ ප්රයදානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
(July 11, 2010)

. Bookmark the permalink.

Leave a Reply