Archive for December 2010

හමුදා සාමාජිකයින්


මේ වසර තුළ ති‍්‍රවිද හමුදා සාමාජිකයින් 17,255 දෙනෙකුට පූර්ණ භූමි පදක්කම ප‍්‍රදානය කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශ 2010 වසරේ ප‍්‍රගති වාර්තාවට අනුව ඉන් පූර්ණ භූමි පදක්කම් 10,925 ක් ලබාදී ඇත්තේ යුද හමුදා සාමාජිකයන් හටයි. නාවික හමුදා සාමාජිකයින් 5,910 දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් 420 දෙනෙක් මේ වසර තුලදී පූර්ණ භූමි පදක්කම් හිමිකර ගත්තා. මේ වසර තුලදී උත්තම සේවා පදක්කම හිමිකරගත් ති‍්‍රවිද හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 200 ක්. යුද හමුදා සාමාජිකයින් 5,140 දෙනෙකු දීර්ඝ සේවා සන්නද්ධ සේවා පදක්කම් හිමිකරගත් අතර, නාවික හමුදා සාමාජිකයින් 371 දෙනෙකු, ගුවන් හමුදා සාමාජිකයින් 402 දෙනෙකු දීර්ඝ සේවා සන්නද්ධ සේවා පදක්කම මේ වසර තුලදී හිමිකරගෙන තිබෙනවා. දේශ පුත‍්‍ර සම්මානයට මේ වසර තුලදී හිමිකම් කී ති‍්‍රවිද හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 1,643 ක්. මීට අමතරව කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කිරිමේ මානුෂීය මෙහෙයුමට දායක වූ ති‍්‍රවිද හමුදා සහ පොලිසියේ ස්ථිර සහ ස්වෙච්ඡුා බලසේනාවන්හි සියලූම නිලධාරීන්ට හා සෙසු නිලයන්ට උතුර නැෙඟනහිර දෙපළාත සඳහා මානුෂීය මෙහෙයුම් පදක්කමක් ප‍්‍රදානය කිරිම සඳහා කටයුතු සම්පාදනය කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ. මානුෂීය මෙහෙයුමේ දී දිවි පිදු රණවිරුවන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන් හා ඥාතීන් සඳහා උපහාර වශයෙන් උත්තම පූජා ප‍්‍රණාම පදක්කමක් ද මේ වසර තුලදී පිරිනමා තිබෙනවා.

Leave a comment

ගංගොඩවිල සෝම හිමි ගුණ සැමරුම


අපවත් වී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ සයවන ගුණ සැමරුම සහ සුනාමි විපතින් මියගිය ජනතාවටත්, රට දැය වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ රණ විරුවන්ටත් පිං පතා අද (10) සිට විශේෂ පිංකම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මේ නිමිත්තෙන් අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ශ්‍රී විජයාරාම රජමහා විහාරයේදී ලේ දන් දීමේ පිංකමක් පැවැත්වෙන අතර පස්වරු 7.00ට බෝධි පූජාවක් පැවැත්වේ.

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමිපාණන් විසින් සිදුකරනු ලබන ධර්ම දේශනාවක් හෙට පස්වරු 7.30ට විජේරාම මංසන්ධියේදී පැවැත්වීමට නියමිතය.

එසේ ම ලබන 12 වනදා මහා සංඝරත්නය 61 නමක් වෙනුවෙන් දානමය පූජා පිංකමක් ද විජේරාම මංසන්ධියේදී සිදුකෙරේ.

Leave a comment

තායිලන්තයේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් පිරිසකට නිදහස


තායිලන්තයේ බැංකොක් නුවර දී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් අතරින් පිරිසක් නිදහස් කර ඇතැයි වි‍දේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මේ බව විදේශ කටයුතු අමාත්‍යාංශය‍ වෙත දැනුම් දී ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස වලංගු වීසා කාලය ඉක්මවා බැංකොක් නුවර රැදී සිටීමේ හේතුව මත අත්අඩංගුවට පත්ව තිබුණි.

එහෙත් තායිලන්ත පොලිස් නිලධාරීන් සිදුකළ පරීක්ෂණවලදී ඉන් කිහිපදෙනෙකු සතුව වලංගු වීසා සහිත ගමන් බලපත්‍ර තිබූ බැවින් ඔවුන් නිදහස් කර ඇති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

පසුගිය බදාදා බැංකොක් නුවර රැදී සිටියදී ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු තායිලන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
Viewer Comments

Leave a comment

ජ -පුර සරසවි සිසුන් 109 ගේ පන්ති තහනම ඉවතට


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පන්ති තහනමට ලක්ව සිටි සිසුන් අතරින් 109 දෙනෙකුගේ පන්ති තහනම ඉවත්කිරීමට විශ්ව විද්‍යාලයීය පරිපාලනය තීරණය කර තිබේ.

මෙය ශිෂ්‍ය අරගල හරහා ලැබූ ජයග්‍රහණයක් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

තවදුරටත් පන්ති තහනමට ලක්ව සිටින ශිෂ්‍යයින් වෙනුවෙන් ද අඛණ්ඩ අරගලයේ යෙදෙන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සංජීව බණ්ඩාර අවධාරණය කරයි.

මේ අතර අදාළ ශිෂ්‍යයින්ගේ පන්ති තහනම ඉවත් කිරීමට ශිෂ්‍ය අරගල කිසිසේත් හේතු නොවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න මහතා පැවසුවේය.

විශ්ව විද්‍යාල විභාග සමය ආරම්භ වී ඇති බැවින් පන්ති තහනමට ලක්වූ ශිෂ්‍යයින් පිළිබඳ සානුකම්පිතව සිතාබලා මෙම තීරණය ගැණුනු බව උපකුලපතිවරයා පෙන්වාදෙයි.

Leave a comment

මහාධිකරණ නියෝගය පරිදි උදුල් ඇප මත මුදාහැරීමට නියෝග ලැබෙයි


මහාධිකරණය මගින් ඊයේ(09) දිනයේදී ලබාදුන් නියෝගය පරිදි දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

උදුල් ප්‍රේමරත්නගේ ඇප ඉල්ලීම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය සැකකාර උදුල් ප්‍රේමරත්න මහත්මිය රුපියල් 50, 000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට ඊයේ නියෝග කරනු ලැබීය.

එමෙන්ම අනාගතයේ පෝස්ටර් ඇලවීම, රැස්වීම් වැනි ශිෂ්‍ය කටයුතු වලට සහභාගිවීම මුළුමනින්ම අධිකරණය මගින් තහනම් කළ අතර, එවැනි කටයුතු වලට සහභාගි වූ බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කොට සැකකරු රිමාන්ඩ් භාරයට පත්කරන බව ද අවවාද කරනු ලැබීය.

එම ඇප ඉල්ලීම උදුල් ප්‍රේමරත්නගේ නීතිඥවරුන් විසින් අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා දැනට රිමාන්ඩ් භාරයේ පසුවන උදුල ප්‍රේමරත්න එම ඇප කොන්දේසි මත මුදාහරින ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත.

නැවත ලබන මස 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර උදුල් ප්‍රේමරත්නට නියෝග කර තිබේ.

Leave a comment

කොළඹ වරායේ කන්ටේනරයකින් හෙරොයින් කිලෝ 50 ක් හමුවෙයි


කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයා ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව රේගු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ ආර් සෙනෙවිරත්න මහතා පැවසුවේය.

එම පරීක්ෂණවලින් අනතුරුව සොයාගන්නා ලද හෙරොයින් තොගය කෙතරම් බරකින් යුක්ත ද යන්න සහ එහි වටිනාකම කෙතරම් ද යන්න ප්‍රකාශ කළ හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් අදාළ හෙරොයින් තොගය කිලෝග්‍රෑම් 50 ට ආසන්න බව වරාය ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය.

සොයාගනු ලැබූ‍ හෙරොයින් තොගය මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය ද යන්න පිළිබඳව විමර්ශනය කෙරෙමින් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.

Leave a comment

ජුවෙල්ස් ශ්‍රී ලංකා 2010, ස්වර්ණාභරණ, මැණික් හා ඛණිජ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) ආරම්භ වේ. ප්‍රදර්ශනය ලබන 12 වැනිදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ


ජුවෙල්ස් ශ්‍රී ලංකා 2010, ස්වර්ණාභරණ, මැණික් හා ඛණිජ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) ආරම්භ වේ.

ප්‍රදර්ශනය ලබන 12 වැනිදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අනිල් කොස්වත්ත මහතා පවසයි.

ප්‍රදර්ශන කුටි 167 ක් සමන්විත මෙම ප්‍රදර්ශනයේදී නවීන පන්නයේ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කරන බවත්, අවම මිලකට ස්වර්ණාභරණ මිලදී ගැනීමේ පහසුකම් සලසා ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ඒ මහතා සියලුම ජනතාව වෙත ආරාධනා කර සිටියි. එමෙන්ම පැමිණෙන සෑම අයෙකුටම සිහිවටනයක් ලෙස අගනා මැණිකක් නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇති බව ද අනිල් කොස්වත්ත මහතා කියා සිටියේය.

Leave a comment

ස්විට්සර්ලන්ත ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත


ශ්‍රී ලංකාවේ නිර්මාණය වී තිබෙන සාමකාමී පරිසරය තුළ තම රටේ ඉහළ පෙළේ ආයෝජකයන් විශාල පිරිසක් ඉදිරියේදී මෙරට ආයෝජන අවස්ථා ලබා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති තෝමස් ලීට්ස්චර් (Thomas Listcher) මහතා පවසයි.

අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා ඊයේ අග්‍රාමාත්‍ය නිල නිවසේ හමු වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

Leave a comment

මෙරට පළමු වන ජීවි කෞතුකාගාරය 16 විවෘත වෙයි


මෙරට පළමු වන ජීවි කෞතුකාගාරය ගිරිතලේ ප්‍ර‍දේශයේදී ලබන16 වනදා විවෘත කිරීමට වන ජීවි දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

අදාළ කෞතුකාගාරයෙන් මෙරටට ආවේණික සතුන්ගේ අනුරූ ප්‍රදර්ශනය කෙරෙන අතර වන ජීවින් පිළිබඳ අප්‍රකට තොරතුරු රැසක්ද මහජනතාවට දැනගැනීමේ අවස්ථාව මෙමඟින් හිමි වේ.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතා පැවසුවේ, එම කෞතුකාගාරය සතියේ සෑම දිනකම විවෘතව තැබීමට නියමිත බවය.

වනෝද්‍යානවල තොරතුරු සම්බන්ධයෙන්ද එහිදී ජනතාව දැනුවත් කරන බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Leave a comment

ශ්‍රී පාද වන්දනා සමය 20වන දා ඇරඹේ


මෙවර ශ්‍රී පාද වන්දනා සමය ලබන 20 වන දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පෝ දිනෙන් ආරම්භ වේ.
අවාර සමයේ දී සධාතුක කරඬුව, දේවාභරණ සහ සමන් දෙව් පිළිරුව තැන්පත් කොට ඇත්තේ පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරස්ථානයේය.

එම විහාරස්ථානයේ තැන්පත් කොට ඇති සධාතුක කරඬුව, දේවාභරණ සහ සමන් දෙව් පිළිරුව රැගත් පෙරහැර ලබන 19වන දා ශ්‍රී පාදස්ථානයේ උඩමළුව බලා සුභ නැකතින් ගමන් ආරම්භ කිරීමට නියමිත ව ඇත.

Leave a comment

නකල්ස් රක්ෂිතයේ පහත රට වැසි වනාන්තරයක්


නකල්ස් හෙවත් දුම්බර නිම්නය ආශ්‍රිතව ප්‍රථමවරට‍ පහත රට වැසි වනාන්තරයක් හමුවී තිබේ. මෙරට පරිසර විද්‍යාඥයින් පිරිසක් විසින් කරන ලද අධ්‍යනයකදී මෙම හඳුනා ගැනීම සිදුකර ඇත.

මඩොල්කැලේ පන්විල ප්‍රදේශයේ මෙම පහත රට වැසි වනාන්තරය පිහිටා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ මහාචාර්ය අයි.ඒ.යූ.එන්. ගුණතිලක මහතා ප්‍රකාශ කළේය. එය හොර කුලයේ ශාඛවලින් යුක්ත වන බව මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ඊට අමතරව වඳ වෙමින් පවතින ශාඛ රැසක් ද එම වනාන්තරයේ ඇතැයි, මහාචාර්යවරයා පැවසීය.

නකල්ස් හෙවත් දුම්බර නිම්නය ආශ්‍රිතව ප්‍රථමවරට‍ පහත රට වැසි වනාන්තරයක් හමුවී තිබේ. මෙරට පරිසර විද්‍යාඥයින් පිරිසක් විසින් කරන ලද අධ්‍යනයකදී මෙම හඳුනා ගැනීම සිදුකර ඇත.

Leave a comment

පාකිස්තාන නාවික හමුදාපති ජනපති හමුවේ


පාකිස්තාන නාවික හමුදාපති අද්මිරාල් නෝමාන් බෂීර් මහතා අරලියගහ මන්දිරයේ දි ඊයේ (08) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ 60 වන සංවත්සරයට සහභාගි විම සඳහා පාකිස්තාන නාවික හමුදාපතිවරයා දිවයිනට පැමිණ සිටියි.

මෙහි දී ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර නාවික පුහුණු කටයුතු සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කොට ඇත.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ සහ ශී‍්‍ර ලංකාවේ පාකිස්තාන තානාපතිනිය ද එම අවස්ථාවට එක් විය.

Leave a comment

කාලගුණය අගුණ වී පීඩා වූවන් එක් ලක්ෂ තිස් අටදහස ඉක්මවයි


ජල ගැලීම් හා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් ලක්ෂ තිස් අටදහස් තිස් අටදෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් අතුරින් පවුල් 450 ක පිරිසක් අවතැන්ව සිටින බව එම මධ්‍යස්ථානය පැවසුවේය. නායයෑම් හා ජල ගැලීම් ‍හේතුවෙන් ගතවූ සති කිහිපය තුළ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

තවත් අටදෙනෙකු තුවාල ලබා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියි. නිවාස 315 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 3715 කට අර්ධ හානි සිදුව ඇති බව වාර්තා වේ.

අවතැන්වූවන් කඳවුරු 53 ක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

Leave a comment

ත්‍රස්ත ක්‍රියාවලට සහය දුන්නු සිව් දෙනා යළි රිමාන්ඩ්


යුදමය වාතාවරණය පැවති සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ත්‍රස්ත ක්‍රියා සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින් සිව්දෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ සැකකරුවන් ලබන 22 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

මෙම සැකකරුවන් පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සබඳතා පවත්වාගෙන යමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිපිරීම් ඇතුළු ත්‍රස්ත ක්‍රියා සිදුකිරීම සඳහා අනුබල දී ඇති බවට ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කරන ලදී.

ඒ අනුව සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ සියලුම පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව සඳහන් කළ පොලිසිය නීතිඋපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව අධිකරණයට දැනුම් දී තිබේ.

Leave a comment

සිරිමාවෝ මැතිණියගේ ප‍්‍රතිපත්ති අද ද ජීවමානයි


රට තීරණාත්මක මොහොතකට එළඹුනු සෑම අවස්ථාවකම රට, ජාතියේ යහපත මුල් තැන තබා එයට ඍජුව මුහුණදීමෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කළ ප‍්‍රතිපත්තීන් අද ද එලෙසම සුරකින බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය බවට පත්ව 50 වසරක් සපිරිම නිමිත්තෙන් එතුමියගේ ගුණ සැමරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ උපහාර උත්සවයක් අද (07) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව පවැසීය. මෙරට දේශපාලන ක්ෂේත‍්‍රය උදෙසා එතුමිය ඉටු කළ මෙහෙවර මෙහිදි ඇගයීමට ලක් විය.

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අප සියලූදෙනාගේ හදවත් තුළ සදා ජීවමාන චරිතයක් බවත් එතුමිය කළ කී දෑ තවමත් අප සිතුම් පැතුම්වල මෙන්ම දේශපාලන චර්යාවේ සහ හැසිරීමේ රටාවේ කොටසක් වශයෙන් පවතින බවත්ය.

ශී‍්‍ර ලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ මහඟු මෙහෙවරක් ඉටු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට දැක්විය හැකි ඉහළම උපහාරය එතුමියගේ දේශපාලන දර්ශනය ඉදිරියට ගෙන යාමට සියලූදෙනා කැපවීම බවද ජනාධිපතිතුමා මෙහිදි වැඩිදුරටත් පැවසීයරට තීරණාත්මක මොහොතකට එළඹුනු සෑම අවස්ථාවකම රට, ජාතියේ යහපත මුල් තැන තබා එයට ඍජුව මුහුණදීමෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කළ ප‍්‍රතිපත්තීන් අද ද එලෙසම සුරකින බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලොව ප‍්‍රථම අග‍්‍රාමාත්‍යවරිය බවට පත්ව 50 වසරක් සපිරිම නිමිත්තෙන් එතුමියගේ ගුණ සැමරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ උපහාර උත්සවයක් අද (07) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව පවැසීය. මෙරට දේශපාලන ක්ෂේත‍්‍රය උදෙසා එතුමිය ඉටු කළ මෙහෙවර මෙහිදි ඇගයීමට ලක් විය.

මෙහිදි අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අප සියලූදෙනාගේ හදවත් තුළ සදා ජීවමාන චරිතයක් බවත් එතුමිය කළ කී දෑ තවමත් අප සිතුම් පැතුම්වල මෙන්ම දේශපාලන චර්යාවේ සහ හැසිරීමේ රටාවේ කොටසක් වශයෙන් පවතින බවත්ය.

ශී‍්‍ර ලංකා දේශපාලන ක්ෂේත‍්‍රයේ මහඟු මෙහෙවරක් ඉටු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට දැක්විය හැකි ඉහළම උපහාරය එතුමියගේ දේශපාලන දර්ශනය ඉදිරියට ගෙන යාමට සියලූදෙනා කැපවීම බවද ජනාධිපතිතුමා මෙහිදි වැඩිදුරටත් පැවසීය

Leave a comment

67067ක් මැතිවරණ නාම ‍ලේඛනයෙන් ඉවතට

බස්නාහිර පළාතේ මැතිවරණ නාමලේඛනවල බහුලියාපදිංචිය ලබා ඇති 67067 දෙනකුගේ නම් ඉවත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
2008 වසරේ ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමේ දී 2007 වසරේදී බහුලියාපදිංචිය ලබා තිබූ පුද්ගලයින් මෙසේ නාම ලේඛනයේ එක් ලිපිනයක් යට‍තේ පමණක් ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇත.

කොළඹ 51585ක් ද ගම්පහ 12549ක් ද කළුතර 2933 දෙනකු ද බහුලියාපදිංචිය ලබා ඇතැයි පරිගණකගත කිරීම්වලදී අනාවරණය වී තිබේ.

එම පුද්ගලයින්හට ලියාපදිංචි එක් ලිපිනයක පමණක් ඡන්දය පාවිච්චි කළ යුතු බව දැනුම්දීමට ද ඒ පිළිබඳ ව ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් දැනුවත් කිරීමට ද එවැනි අයෙකු ඡන්ද පොළකට පැමිණි විට ඡන්ද විමසීම් පනත අනුව සුදුසු ප්‍රකාශ ලබා ගැනීමට ද මැතිවරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Leave a comment

අලුත් අවුරුද්දට පැලවත්ත කිරිපිටි එයි

පැලවත්ත කිරිපිටි ඉදිරි සති 02 ක ඇතුළතදී වෙළෙඳ පොළට සහන මිලට නිකුත් කරන බව, එහි සභාපති ආරියශීල වික්‍රමනායක පවසයි.

දිනකට කිරි ලීටර් 150,000 ක ධාරිතාවයකින් මෙහි කිරිපිටි නිපදවන බවත් ඒ සියළු කිරි දේශීය වශයෙන් මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වලින් ලබා ගන්නා බවත් හෙතෙම “විමසුම” ට කීය.

“මේ වනවිට යෝගට්,අයිස් ක්‍රීමි අපි වෙළෙඳ පොළට දමලයි ඇත්තේ.කිරිපිටි තවම ඇත්තේ පර්යේෂණ අදියරේ.ජනපති තුමාගෙන් දිනයක් ලද වහාම මේ කිරිපිටි වෙළෙඳ පොළට දැමීමේ නිළ උත්සවය මේ වසර අවසන් වෙන්න පෙර ගන්න අපි බලාපොරොත්තු වෙනවා.”

“මිල්කෝ සමාගමේ කිරිපිටි මිල ගණන් වලටම මේ පැලවත්ත කිරිපිටි වෙළෙඳ පොළට දාන්න අපි සැලසුම් කරලයි ඇත්තේ.ජාතික කිරිපිටි අවශ්‍යතාවයෙන් සියයට 20 ක් දක්වා කිරි පිටි නිපදවන්න අපිට ශඛ්‍යතාවය තිබෙනවා”

යැයිද හෙතෙම කීය.

Pelwatte Dairy Industries Ltd. (PDIL) සමාගම රුපියල් බිලියන 1.4 ක ආයෝජනයක් ස්වකීය කිරි ආශ්‍රීත මෙම ව්‍යාපෘති වෙනුවෙන් සිදු කර ඇත.

Leave a comment

අලුත් අවුරුද්දට පැලවත්ත කිරිපිටි එයි

පැලවත්ත කිරිපිටි ඉදිරි සති 02 ක ඇතුළතදී වෙළෙඳ පොළට සහන මිලට නිකුත් කරන බව, එහි සභාපති ආරියශීල වික්‍රමනායක පවසයි.

දිනකට කිරි ලීටර් 150,000 ක ධාරිතාවයකින් මෙහි කිරිපිටි නිපදවන බවත් ඒ සියළු කිරි දේශීය වශයෙන් මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වලින් ලබා ගන්නා බවත් හෙතෙම “විමසුම” ට කීය.

“මේ වනවිට යෝගට්,අයිස් ක්‍රීමි අපි වෙළෙඳ පොළට දමලයි ඇත්තේ.කිරිපිටි තවම ඇත්තේ පර්යේෂණ අදියරේ.ජනපති තුමාගෙන් දිනයක් ලද වහාම මේ කිරිපිටි වෙළෙඳ පොළට දැමීමේ නිළ උත්සවය මේ වසර අවසන් වෙන්න පෙර ගන්න අපි බලාපොරොත්තු වෙනවා.”

“මිල්කෝ සමාගමේ කිරිපිටි මිල ගණන් වලටම මේ පැලවත්ත කිරිපිටි වෙළෙඳ පොළට දාන්න අපි සැලසුම් කරලයි ඇත්තේ.ජාතික කිරිපිටි අවශ්‍යතාවයෙන් සියයට 20 ක් දක්වා කිරි පිටි නිපදවන්න අපිට ශඛ්‍යතාවය තිබෙනවා”

යැයිද හෙතෙම කීය.

Pelwatte Dairy Industries Ltd. (PDIL) සමාගම රුපියල් බිලියන 1.4 ක ආයෝජනයක් ස්වකීය කිරි ආශ්‍රීත මෙම ව්‍යාපෘති වෙනුවෙන් සිදු කර ඇත.

Leave a comment

වස කන්න දී දළ ඇතා මරාදමයි


මන්නාරම, සිලාවතුර ප්‍රදේශ‍යේ දී තවත් දල ඇතෙකු මියගොස් තිබේ. වට්ටක්කා ගෙඩිවලට වස දමා එම ඇතාට ආහාරය සඳහා දී ඇති බවට සැකකෙරෙන බව වනජීවී නිලධාරීන් පවසයි.

අවුරුදු 25 ක් පමණ වයසැති මෙම දල ඇතා ගොවී‍න්ගේ වගාවලට හානි සිදුකරන බැවින් මෙසේ මරා දමන්නට ඇති බව වනජීවී නිලධාරීන් කියා සිටියි. ගතවූ වසරක කාලය තුළ මෙලෙස වල් අලි තිදෙනෙකු තිදෙනෙකු මරා දමා ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

Leave a comment

වස කන්න දී දළ ඇතා මරාදමයි

මන්නාරම, සිලාවතුර ප්‍රදේශ‍යේ දී තවත් දල ඇතෙකු මියගොස් තිබේ. වට්ටක්කා ගෙඩිවලට වස දමා එම ඇතාට ආහාරය සඳහා දී ඇති බවට සැකකෙරෙන බව වනජීවී නිලධාරීන් පවසයි.

අවුරුදු 25 ක් පමණ වයසැති මෙම දල ඇතා ගොවී‍න්ගේ වගාවලට හානි සිදුකරන බැවින් මෙසේ මරා දමන්නට ඇති බව වනජීවී නිලධාරීන් කියා සිටියි. ගතවූ වසරක කාලය තුළ මෙලෙස වල් අලි තිදෙනෙකු තිදෙනෙකු මරා දමා ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

Leave a comment

පාර්ලිමේන්තුව නොසන්සුන්-විනාඩි 15 ට කල්තබයි


පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කල් තැබූ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

කරූ ජයසූරිය මහතා විසින් පුවත්පතකට කරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද පාර්ලිමේන්තුවේදී යළි ප්‍රශ්න කිරිමත්,කරූ ජයසූරිය මහතා ඊට පිළිතුරු දෙන්නට යාමත් සිදුවීම නිසා නොසන්සුන්කාරී තත්ත්වය නිර්මාණය වී තිබේ.

ඉන්පසු කථානායක චමල් රාජපක්ෂ මහතා මිනිත්තු 15 ට පාර්ලිමේන්තුව කල්තබා තිබේ

Leave a comment

උදුල්ට අදත් ඇප නෑ


රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා‍ගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දිනය දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

අදාළ ඇප ඉල්ලීම අද සලකා බැලූ අවස්ථාවේ විත්තිය වෙනු‍වෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ‍රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සෙසු සරසවි සිසුන් ඇප මත මුදා හැර ඇති බැවින් උදුල් ප්‍රේමරත්න ද ඇප මත මුදාහරින ලෙසයි.

එහෙත් රජයේ නීතීඥවරයා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි වි‍ජේසුන්දර මහත්මිය ඒ අනුව නියෝග කර සිටියේ අදාළ ඇප අයදුම්පත හෙට ‍දිනයේ සලකා බලන බවයි.

Leave a comment

ඇමරිකාවේ කනෙන් රිංගා ශ්‍රී ලංකාවට උතුරු කොරියාවෙන් ආයුධ ගෙන්නුවාලු


ඇමරිකාවේ විරෝධය නොතකා ශ්‍රී ලංකා රජය විසින් උතුරු කොරියාවෙන් අවි ආයුධ මිලදීගෙන ඇති බව විකිලීක්ස් වෙබ් අඩවිය විසින් අනාවරණය කරමින් සිටින ප්‍රවෘත්ති කේබල් වල අන්තර්ගතව ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ඒ අනුව රොකට් ලොන්චර්,ස්කුඩ් මිසයිල් ශ්‍රී ලංකා රජය විසින් 2009 වසරට ආසන්න මාසයකදී මිලදී ගෙන ඇතැයි ඇමරිකානු ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියෙකු ප්‍රකාශ කළ බව 2009 ජූලි මස ප්‍රවෘත්ති කේබලයක සඳහන් වී තිබෙන බව වාර්තා වේ.

කොරියාව විසින් ඔවුන්ගේ ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර හා උපාංග ආනයනය වෙනුවෙන් කොරියානු කර්මාන්ත සංවර්ධන සංස්ථාව හරහා චීනය,ජපානය,චීනය හා තායිවානය යන රටවල් දෙස බැලුම්හෙළාගෙන සිටින බව ද විකිලීක්ස් වෙබ් අඩවිය අනාවරණය කර තිබේ.

මීට පෙරාතුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සන්නිවේදන තොරතුරු හුවමාරු වී ඇති බව අනාවරණය වූ අතර ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු පත්කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයට දැනුම්දී තිබුණු බව ද හෙළිදරව් විය.

කෙ‍සේ වෙතත් මේ වන විට විකිලික්ස් වෙබ් අඩවියේ හා ප්‍රවෘත්ති ජාලයේ නිර්මාතෘවරයා වන ජූලියන් අසන්ජි මේ වන විට ‍අත්අඩංගුවේ පසුවන අතර ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

උත්සව සමයට මස්,බිත්තර ඒරොප්පෙන්


උත්සව සමයේ කුකුළු මස් ටොන් 25,000 ක් හා බිත්තර මිලියන 50 ක් ආනයනය කිරීමට පියවර ගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී විවාදයකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

ඉදිරි උත්සව සමයේ වෙළඳපොළේ කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවට තොරතුරු වාර්තාවීම නිසා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

එසේම මෙසේ කුකුළු මස් හා බිත්තර විදේශයෙන් ආනයනය කළද දේශීය ගොවිපළවල් වලට එයින් අනර්ථකාරී බලපෑමක් එල්ලවීමට ඉඩ ලබා නොදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

සුදු කොඩියට මුල් වීඩියෝ ඕනද..?-තීන්දුව 16 දාට කල්තබයි


මුල් වීඩියෝ පටය නොමැතිව සරත් ෆොන්සේකා මහතාගේ සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩුවේ වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන්නේද නැද්ද යන තීන්දුව ලබන 16 වෙනි දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දී සිටියේ මෙම නඩුවට අදාළ තවදුරටත් කරුණු දැක්වීමට තවදුරටත් නීතිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු බවයි.

එයට තම විරෝධය පළ කරන බව විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට දන්වා සිටියේය.

කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ වැඩිදුර කරුණු දැක්වීමට අවශ්‍ය නම් එම කරුණු ලිඛිත දේශන වශයෙන් මීළඟ නඩු දිනයට ප්‍රථම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබන 16 දා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කර තිබේ. -

ඉකුත්දා අධිකරණය නියෝගයක් නිකුත් කරමින් පසුගිය ජනාධිපතිවරණය සමයෙහි විත්තිකාර සරත් ෆොන්සේකා මහතා රත්නපුරේදී කළ කතාව අඩංගු මුල් වීඩියෝ පටය අධිකරණයට ඉදිරිපත් කරන මෙන් දෙරණ රූපවාහිනී ආයතනයට නියෝග කර තිබුණි. එහෙත් එහි මුල් පිටපත තමන් සතුව නොමැති බව දෙරණ රූපවාහිනී ආයනතය අධිකරණයට දැනුම් දෙන ලදී.

Leave a comment

හොරට වීසා ගන්න හැදූ බව කියූ නදී චන්ද්‍රසේකර නිදොස් කොට නිදහස්


වීසා අයදුම් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනා ලබා සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිණි නදී චන්ද්‍රසේකර නිදොස් කොට නිදහස් කරන්නට අද(08)කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස්හි පිහිටි සිනමා කොලීජියක අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්වයක් ලබා සිටි ඇය වීසා ලබා ගැනීම සඳහා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කරනු ලැබූ ලේඛන ව්‍යාජ ඒවා බවටත්,එමගින් වීසා විමර්ශන නිලධාරියා රැවටූ බවටත් චෝදනා එල්ල කරමින් ඇයට නඩු පවරනු ලැබුවේ 2009 වසරේ ‍අප්‍රේල් මාසයේදීය.

තම සේවාදායකයාට දණ්ඩ නීති සංග්‍රහයේ 454 වගන්තිය සමග කියවිය යුතු 459 වගන්තිය යටතේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ චෝදනා ඉදිරිපත් කර තිබුණද,පැමිණිල්ලි පාර්ශවයට මූලික සාක්ෂි හෝ ගොනු කිරීමට හැකියාවක් නොලැබුණු බව නදී චන්ද්‍රසේකර වෙනුවෙන් පෙනී සිටි මහාධිකරණ නීතිඥ මොහාන් සෙල්ලප්පෙරුම මහතා අද දෙරණට කියා සිටියේය.

අවම වශයෙන් මෙම සිදුවීම සිදුවූ දිනය හෝ පැහැදිලිව අධිකරණයට ඉදිරිපත් කරන්නට පැමිණිලි පාර්ශවයට නොහැකි වූ බව නීතිඥවරයා පෙන්වාදුන්නේය.

තමන්ට අභූත චෝදනා එල්ල කරමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු කඩා කප්පල් කරන්නට ඇතැමුන් උත්සාහ දැරුවද තමන්ගේ නිර්දෝෂිභාවය මේ වන විට තහවුරු වී ඇතැයිද,ඒ නිසා ඉදිරියේදී තමන් යළි ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු සඳහා සහභාගී වීමට කටයුතු සලසා ගන්නා බවද නදී චන්ද්‍රසේකර අද දෙරණට කියා සිටියේය.

Leave a comment

පාසල් පෙළ පොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය අද


2011 වසර සඳහා පාසල් පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) ත්‍රිකුණාමලය ඔරිස්හිල් විවේකානන්ද විද්‍යාලයේ දී පැවැත්වේ.
2011 වර්ෂය සඳහා රජය මුද්‍රණය කර ඇති පොත් සංඛ්‍යාව මිලියන 37කි. එයට පොත් වර්ග 443ක් ඇතුළත් වේ. ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 3000ක් වැය කර ඇත.

පෙළපොත් බෙදාදීමට සමගා මී ව ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ද වර්ග 514ක් මිලියන 3.4 ක ප්‍රමාණයක් ද මුද්‍රණය කර බෙදා දීමට නියමිත තිබේ. පෙළ පොත් සඳහා තේමා ගීතයක් ද නිර්මාණය කර තිබේ.

මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව 'නිදහස් නිවහල් භූමියේ අනාගත හිමිකරුවන් වන්නේ අප රටේ දරුවන්ය' යනුවෙන් සඳහන් කර තිබෙන අතර ඔවුන්ගේ අභිප්‍රායන් යථාර්තයක් බවට පත් කිරීම වෙනුවෙන් මේ වන විට කටයුතු ආරම්භ කර තිබේ.

2011 වසරේ සිට පාසල් දරුවන්ගේ භාවිතය සඳහා සෞඛ්‍ය නිර්දේශයානුකූලව නිපදවන ලද පාසල් පොත් බෑගය හඳුන්වා දීම ද සිදු කෙරේ.

Leave a comment