67067ක් මැතිවරණ නාම ‍ලේඛනයෙන් ඉවතට

බස්නාහිර පළාතේ මැතිවරණ නාමලේඛනවල බහුලියාපදිංචිය ලබා ඇති 67067 දෙනකුගේ නම් ඉවත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
2008 වසරේ ඡන්ද හිමි නාමලේඛනය සකස් කිරීමේ දී 2007 වසරේදී බහුලියාපදිංචිය ලබා තිබූ පුද්ගලයින් මෙසේ නාම ලේඛනයේ එක් ලිපිනයක් යට‍තේ පමණක් ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇත.

කොළඹ 51585ක් ද ගම්පහ 12549ක් ද කළුතර 2933 දෙනකු ද බහුලියාපදිංචිය ලබා ඇතැයි පරිගණකගත කිරීම්වලදී අනාවරණය වී තිබේ.

එම පුද්ගලයින්හට ලියාපදිංචි එක් ලිපිනයක පමණක් ඡන්දය පාවිච්චි කළ යුතු බව දැනුම්දීමට ද ඒ පිළිබඳ ව ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් දැනුවත් කිරීමට ද එවැනි අයෙකු ඡන්ද පොළකට පැමිණි විට ඡන්ද විමසීම් පනත අනුව සුදුසු ප්‍රකාශ ලබා ගැනීමට ද මැතිවරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

. Bookmark the permalink.

Leave a Reply