පාසල් පෙළ පොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය අද


2011 වසර සඳහා පාසල් පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) ත්‍රිකුණාමලය ඔරිස්හිල් විවේකානන්ද විද්‍යාලයේ දී පැවැත්වේ.
2011 වර්ෂය සඳහා රජය මුද්‍රණය කර ඇති පොත් සංඛ්‍යාව මිලියන 37කි. එයට පොත් වර්ග 443ක් ඇතුළත් වේ. ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 3000ක් වැය කර ඇත.

පෙළපොත් බෙදාදීමට සමගා මී ව ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ද වර්ග 514ක් මිලියන 3.4 ක ප්‍රමාණයක් ද මුද්‍රණය කර බෙදා දීමට නියමිත තිබේ. පෙළ පොත් සඳහා තේමා ගීතයක් ද නිර්මාණය කර තිබේ.

මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව 'නිදහස් නිවහල් භූමියේ අනාගත හිමිකරුවන් වන්නේ අප රටේ දරුවන්ය' යනුවෙන් සඳහන් කර තිබෙන අතර ඔවුන්ගේ අභිප්‍රායන් යථාර්තයක් බවට පත් කිරීම වෙනුවෙන් මේ වන විට කටයුතු ආරම්භ කර තිබේ.

2011 වසරේ සිට පාසල් දරුවන්ගේ භාවිතය සඳහා සෞඛ්‍ය නිර්දේශයානුකූලව නිපදවන ලද පාසල් පොත් බෑගය හඳුන්වා දීම ද සිදු කෙරේ.

. Bookmark the permalink.

Leave a Reply