වීසා අයදුම් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ බවට චෝදනා ලබා සිටි ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිණි නදී චන්ද්‍රසේකර නිදොස් කොට නිදහස් කරන්නට අද(08)කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.
ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස්හි පිහිටි සිනමා කොලීජියක අධ්‍යාපනය ලැබීම සඳහා ශිෂ්‍යත්වයක් ලබා සිටි ඇය වීසා ලබා ගැනීම සඳහා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කරනු ලැබූ ලේඛන ව්‍යාජ ඒවා බවටත්,එමගින් වීසා විමර්ශන නිලධාරියා රැවටූ බවටත් චෝදනා එල්ල කරමින් ඇයට නඩු පවරනු ලැබුවේ 2009 වසරේ අප්‍රේල් මාසයේදීය.
තම සේවාදායකයාට දණ්ඩ නීති සංග්‍රහයේ 454 වගන්තිය සමග කියවිය යුතු 459 වගන්තිය යටතේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ චෝදනා ඉදිරිපත් කර තිබුණද,පැමිණිල්ලි පාර්ශවයට මූලික සාක්ෂි හෝ ගොනු කිරීමට හැකියාවක් නොලැබුණු බව නදී චන්ද්‍රසේකර වෙනුවෙන් පෙනී සිටි මහාධිකරණ නීතිඥ මොහාන් සෙල්ලප්පෙරුම මහතා අද දෙරණට කියා සිටියේය.
අවම වශයෙන් මෙම සිදුවීම සිදුවූ දිනය හෝ පැහැදිලිව අධිකරණයට ඉදිරිපත් කරන්නට පැමිණිලි පාර්ශවයට නොහැකි වූ බව නීතිඥවරයා පෙන්වාදුන්නේය.
තමන්ට අභූත චෝදනා එල්ල කරමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු කඩා කප්පල් කරන්නට ඇතැමුන් උත්සාහ දැරුවද තමන්ගේ නිර්දෝෂිභාවය මේ වන විට තහවුරු වී ඇතැයිද,ඒ නිසා ඉදිරියේදී තමන් යළි ඇමරිකාවේ අධ්‍යාපන කටයුතු සඳහා සහභාගී වීමට කටයුතු සලසා ගන්නා බවද නදී චන්ද්‍රසේකර අද දෙරණට කියා සිටියේය.
Archives
-
▼
2010
(102)
-
▼
December
(27)
- හමුදා සාමාජිකයින්
- ගංගොඩවිල සෝම හිමි ගුණ සැමරුම
- තායිලන්තයේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් පිරිස...
- ජ -පුර සරසවි සිසුන් 109 ගේ පන්ති තහනම ඉවතට
- මහාධිකරණ නියෝගය පරිදි උදුල් ඇප මත මුදාහැරීමට නියෝග...
- කොළඹ වරායේ කන්ටේනරයකින් හෙරොයින් කිලෝ 50 ක් හමුවෙයි
- ජුවෙල්ස් ශ්‍රී ලංකා 2010, ස්වර්ණාභරණ, මැණික් හා ඛණ...
- ස්විට්සර්ලන්ත ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවට පැමිණීම...
- මෙරට පළමු වන ජීවි කෞතුකාගාරය 16 විවෘත වෙයි
- ශ්‍රී පාද වන්දනා සමය 20වන දා ඇරඹේ
- නකල්ස් රක්ෂිතයේ පහත රට වැසි වනාන්තරයක්
- පාකිස්තාන නාවික හමුදාපති ජනපති හමුවේ
- කාලගුණය අගුණ වී පීඩා වූවන් එක් ලක්ෂ තිස් අටදහස ඉක්...
- ත්‍රස්ත ක්‍රියාවලට සහය දුන්නු සිව් දෙනා යළි රිමාන්ඩ්
- සිරිමාවෝ මැතිණියගේ ප්‍රතිපත්ති අද ද ජීවමානයි
- 67067ක් මැතිවරණ නාම ලේඛනයෙන් ඉවතට
- අලුත් අවුරුද්දට පැලවත්ත කිරිපිටි එයි
- අලුත් අවුරුද්දට පැලවත්ත කිරිපිටි එයි
- වස කන්න දී දළ ඇතා මරාදමයි
- වස කන්න දී දළ ඇතා මරාදමයි
- පාර්ලිමේන්තුව නොසන්සුන්-විනාඩි 15 ට කල්තබයි
- උදුල්ට අදත් ඇප නෑ
- ඇමරිකාවේ කනෙන් රිංගා ශ්‍රී ලංකාවට උතුරු කොරියාවෙන්...
- උත්සව සමයට මස්,බිත්තර ඒරොප්පෙන්
- සුදු කොඩියට මුල් වීඩියෝ ඕනද..?-තීන්දුව 16 දාට කල්තබයි
- හොරට වීසා ගන්න හැදූ බව කියූ නදී චන්ද්‍රසේකර නිදොස්...
- පාසල් පෙළ පොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය අද
-
▼
December
(27)
Followers
Pages
About Me
Powered by Blogger.