ඇමරිකාවේ කනෙන් රිංගා ශ්‍රී ලංකාවට උතුරු කොරියාවෙන් ආයුධ ගෙන්නුවාලු


ඇමරිකාවේ විරෝධය නොතකා ශ්‍රී ලංකා රජය විසින් උතුරු කොරියාවෙන් අවි ආයුධ මිලදීගෙන ඇති බව විකිලීක්ස් වෙබ් අඩවිය විසින් අනාවරණය කරමින් සිටින ප්‍රවෘත්ති කේබල් වල අන්තර්ගතව ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

ඒ අනුව රොකට් ලොන්චර්,ස්කුඩ් මිසයිල් ශ්‍රී ලංකා රජය විසින් 2009 වසරට ආසන්න මාසයකදී මිලදී ගෙන ඇතැයි ඇමරිකානු ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නිලධාරියෙකු ප්‍රකාශ කළ බව 2009 ජූලි මස ප්‍රවෘත්ති කේබලයක සඳහන් වී තිබෙන බව වාර්තා වේ.

කොරියාව විසින් ඔවුන්ගේ ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර හා උපාංග ආනයනය වෙනුවෙන් කොරියානු කර්මාන්ත සංවර්ධන සංස්ථාව හරහා චීනය,ජපානය,චීනය හා තායිවානය යන රටවල් දෙස බැලුම්හෙළාගෙන සිටින බව ද විකිලීක්ස් වෙබ් අඩවිය අනාවරණය කර තිබේ.

මීට පෙරාතුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සන්නිවේදන තොරතුරු හුවමාරු වී ඇති බව අනාවරණය වූ අතර ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෙකු පත්කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයට දැනුම්දී තිබුණු බව ද හෙළිදරව් විය.

කෙ‍සේ වෙතත් මේ වන විට විකිලික්ස් වෙබ් අඩවියේ හා ප්‍රවෘත්ති ජාලයේ නිර්මාතෘවරයා වන ජූලියන් අසන්ජි මේ වන විට ‍අත්අඩංගුවේ පසුවන අතර ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

. Bookmark the permalink.

Leave a Reply