අලුත් අවුරුද්දට පැලවත්ත කිරිපිටි එයි

පැලවත්ත කිරිපිටි ඉදිරි සති 02 ක ඇතුළතදී වෙළෙඳ පොළට සහන මිලට නිකුත් කරන බව, එහි සභාපති ආරියශීල වික්‍රමනායක පවසයි.

දිනකට කිරි ලීටර් 150,000 ක ධාරිතාවයකින් මෙහි කිරිපිටි නිපදවන බවත් ඒ සියළු කිරි දේශීය වශයෙන් මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වලින් ලබා ගන්නා බවත් හෙතෙම “විමසුම” ට කීය.

“මේ වනවිට යෝගට්,අයිස් ක්‍රීමි අපි වෙළෙඳ පොළට දමලයි ඇත්තේ.කිරිපිටි තවම ඇත්තේ පර්යේෂණ අදියරේ.ජනපති තුමාගෙන් දිනයක් ලද වහාම මේ කිරිපිටි වෙළෙඳ පොළට දැමීමේ නිළ උත්සවය මේ වසර අවසන් වෙන්න පෙර ගන්න අපි බලාපොරොත්තු වෙනවා.”

“මිල්කෝ සමාගමේ කිරිපිටි මිල ගණන් වලටම මේ පැලවත්ත කිරිපිටි වෙළෙඳ පොළට දාන්න අපි සැලසුම් කරලයි ඇත්තේ.ජාතික කිරිපිටි අවශ්‍යතාවයෙන් සියයට 20 ක් දක්වා කිරි පිටි නිපදවන්න අපිට ශඛ්‍යතාවය තිබෙනවා”

යැයිද හෙතෙම කීය.

Pelwatte Dairy Industries Ltd. (PDIL) සමාගම රුපියල් බිලියන 1.4 ක ආයෝජනයක් ස්වකීය කිරි ආශ්‍රීත මෙම ව්‍යාපෘති වෙනුවෙන් සිදු කර ඇත.

. Bookmark the permalink.

Leave a Reply