උත්සව සමයට මස්,බිත්තර ඒරොප්පෙන්


උත්සව සමයේ කුකුළු මස් ටොන් 25,000 ක් හා බිත්තර මිලියන 50 ක් ආනයනය කිරීමට පියවර ගන්නා බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී විවාදයකට එක් වෙමින් මේ බව ප්‍රකාශ කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කරයි.

ඉදිරි උත්සව සමයේ වෙළඳපොළේ කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවට තොරතුරු වාර්තාවීම නිසා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

එසේම මෙසේ කුකුළු මස් හා බිත්තර විදේශයෙන් ආනයනය කළද දේශීය ගොවිපළවල් වලට එයින් අනර්ථකාරී බලපෑමක් එල්ලවීමට ඉඩ ලබා නොදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

. Bookmark the permalink.

Leave a Reply