කාලගුණය අගුණ වී පීඩා වූවන් එක් ලක්ෂ තිස් අටදහස ඉක්මවයි


ජල ගැලීම් හා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් ලක්ෂ තිස් අටදහස් තිස් අටදෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් අතුරින් පවුල් 450 ක පිරිසක් අවතැන්ව සිටින බව එම මධ්‍යස්ථානය පැවසුවේය. නායයෑම් හා ජල ගැලීම් ‍හේතුවෙන් ගතවූ සති කිහිපය තුළ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

තවත් අටදෙනෙකු තුවාල ලබා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියි. නිවාස 315 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 3715 කට අර්ධ හානි සිදුව ඇති බව වාර්තා වේ.

අවතැන්වූවන් කඳවුරු 53 ක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

. Bookmark the permalink.

Leave a Reply