මුල් වීඩියෝ පටය නොමැතිව සරත් ෆොන්සේකා මහතාගේ සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩුවේ වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන්නේද නැද්ද යන තීන්දුව ලබන 16 වෙනි දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබේ.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දී සිටියේ මෙම නඩුවට අදාළ තවදුරටත් කරුණු දැක්වීමට තවදුරටත් නීතිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු බවයි.
එයට තම විරෝධය පළ කරන බව විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට දන්වා සිටියේය.
කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ වැඩිදුර කරුණු දැක්වීමට අවශ්‍ය නම් එම කරුණු ලිඛිත දේශන වශයෙන් මීළඟ නඩු දිනයට ප්‍රථම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබන 16 දා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කර තිබේ. -
ඉකුත්දා අධිකරණය නියෝගයක් නිකුත් කරමින් පසුගිය ජනාධිපතිවරණය සමයෙහි විත්තිකාර සරත් ෆොන්සේකා මහතා රත්නපුරේදී කළ කතාව අඩංගු මුල් වීඩියෝ පටය අධිකරණයට ඉදිරිපත් කරන මෙන් දෙරණ රූපවාහිනී ආයතනයට නියෝග කර තිබුණි. එහෙත් එහි මුල් පිටපත තමන් සතුව නොමැති බව දෙරණ රූපවාහිනී ආයනතය අධිකරණයට දැනුම් දෙන ලදී.
Archives
-
▼
2010
(102)
-
▼
December
(27)
- හමුදා සාමාජිකයින්
- ගංගොඩවිල සෝම හිමි ගුණ සැමරුම
- තායිලන්තයේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් පිරිස...
- ජ -පුර සරසවි සිසුන් 109 ගේ පන්ති තහනම ඉවතට
- මහාධිකරණ නියෝගය පරිදි උදුල් ඇප මත මුදාහැරීමට නියෝග...
- කොළඹ වරායේ කන්ටේනරයකින් හෙරොයින් කිලෝ 50 ක් හමුවෙයි
- ජුවෙල්ස් ශ්‍රී ලංකා 2010, ස්වර්ණාභරණ, මැණික් හා ඛණ...
- ස්විට්සර්ලන්ත ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවට පැමිණීම...
- මෙරට පළමු වන ජීවි කෞතුකාගාරය 16 විවෘත වෙයි
- ශ්‍රී පාද වන්දනා සමය 20වන දා ඇරඹේ
- නකල්ස් රක්ෂිතයේ පහත රට වැසි වනාන්තරයක්
- පාකිස්තාන නාවික හමුදාපති ජනපති හමුවේ
- කාලගුණය අගුණ වී පීඩා වූවන් එක් ලක්ෂ තිස් අටදහස ඉක්...
- ත්‍රස්ත ක්‍රියාවලට සහය දුන්නු සිව් දෙනා යළි රිමාන්ඩ්
- සිරිමාවෝ මැතිණියගේ ප්‍රතිපත්ති අද ද ජීවමානයි
- 67067ක් මැතිවරණ නාම ලේඛනයෙන් ඉවතට
- අලුත් අවුරුද්දට පැලවත්ත කිරිපිටි එයි
- අලුත් අවුරුද්දට පැලවත්ත කිරිපිටි එයි
- වස කන්න දී දළ ඇතා මරාදමයි
- වස කන්න දී දළ ඇතා මරාදමයි
- පාර්ලිමේන්තුව නොසන්සුන්-විනාඩි 15 ට කල්තබයි
- උදුල්ට අදත් ඇප නෑ
- ඇමරිකාවේ කනෙන් රිංගා ශ්‍රී ලංකාවට උතුරු කොරියාවෙන්...
- උත්සව සමයට මස්,බිත්තර ඒරොප්පෙන්
- සුදු කොඩියට මුල් වීඩියෝ ඕනද..?-තීන්දුව 16 දාට කල්තබයි
- හොරට වීසා ගන්න හැදූ බව කියූ නදී චන්ද්‍රසේකර නිදොස්...
- පාසල් පෙළ පොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය අද
-
▼
December
(27)
Followers
Pages
About Me
Powered by Blogger.