Archive for October 2010

අනාවැකි කියූ ‘පෝල්’ බූවල්ලා මියයයි


මෙවර ලෝක පාපන්දු තරගාවලියේදී අනාවැකි පළ කරන ලද ‘පෝල්’ නමැති බූවල්ලා මියගොස් ඇත. ‍

මෙම බූවල්ලා මියගොස් ඇති බව දැනගැනීමෙන් තමන් ඉතා කණගාටුවට පත්වූ බව බූවල්ලා වාසය කළ ජර්මනියේ සමුද්‍ර ජීවී මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය පවසයි.
මෙවර ලෝක පාපන්දු තරගාවලියේදී ජයග්‍රහණය කරන රටවල් පිළිබඳව සාර්ථක ලෙස අනාවැකි පළ කළ මෙම බූවල්ලා ලොව පුරා ජනතාව අතර ජනාදරයට පත්විය.

සාමාන්‍යයෙන් බූවල්ලෙකුගේ ආයු කාලය වසර දෙකකට අධික නොවන බැවින් මෙය සාමාන්‍ය තත්ත්වයක් බව එම කාර්ය මණ්ඩලය පෙන්වා දෙයි. මියයන විට පෝල්ගේ වයස අවුරුදු දෙක හමාරක් පමණ වී ඇත.

මෙම බූවල්ලා සිහිවීම පිණිස ඔහු වාසය කළ සමුද්‍ර ජීවී මධ්‍යස්ථානයේ ස්මාරකයක් ඉදිකිරීමට තීරණය කර ඇත.

Leave a comment

ශ්‍රී ලංකාවට රන් අහිමිවෙයිද..?


19 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 56 බර පන්තිය යට‍තේ පැවැත්වෙන අවසන් බොක්සිං තරගයෙන් ජයග්‍රහණය ලබමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් මංජු වන්නිආරච්චි ට තහනම් උත්තේජක භාවිතා කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මේ මොහොතේ යමක් ප්‍රකාශ කළ නොහැකි බව ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා පවසයි.

මංජු වන්නිආරච්චි සම්බන්ධයෙන් මේ මොහොතේ විවිධ වාර්තා පළ වුවද නිල වශයෙන් පිළිගත හැකි කරුණු සනාථ වී නැතැයිද වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා අද දෙරණ කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේය. එසේ වුවද ඒ පිළිබඳ කෙරෙන විධිමත් විමර්ශනයකින් අනතුරුව හෙට දිනයේ නිල වශයෙන් යමක් ප්‍රකාශයට පත් කරනු හැකිවෙනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

කෙසේ වුවද නිල නොවන වාර්තා උපුටා දක්වන අන්දමට මංජු වන්නිආරච්චි තහනම් උත්තේජක ලබාගත් බවට‍ ඉන්දියාවේ නවදිල්ලි නුවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා බලධාරීන් විසින් මෙරට ක්‍රීඩා බලධාරීන් දැනුවත් කර තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුරදී මංජු වන්නිආරච්චිගෙන් ලබාගත් මුත්‍රා සාම්පල් වල නැන්ඩ්‍රොලෝන් නමැති තහනම් උත්තේජකය අඩංගුවී තිබුණු බවට එරට ක්‍රීඩා බලධාරීන් ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන්ට එවන ලද වාර්තාවක දැක්වෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එසේ වුවද පළමු මුත්‍රා සාම්පල් පරීක්ෂණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන්නේනම් ඒ සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් කරන ලෙස අභියාචනා කිරීමේ අවස්ථාව වන්නිආරච්චිට හිමිව ඇතැයිද කියැවේ. මෙම චෝදනා එල්ලවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩා බලධාරීන් මංජු වන්නිආරච්චිගෙන් මේ පිළිබඳ විමසා ඇතත් වන්නිආරච්චි එහිදී සඳහන් කර ඇත්තේ තමන් දැනුවත්ව තහනම් උත්තේජක භාවිතා නොකළ බවයි.

එසේ වුවද තමන්ට ඇදුම රෝගය පවත්නා බැවින් ඇදුම රෝගයට ප්‍රතිකාරයක් ලබාගත් බව හෙතෙම සඳහන් කර තිබේ. මේ අතර ජාතික ඔලිම්පික් කමිටුව විසින් මංජු වන්නිආරච්චිට කරුණු දැක්වීම සඳහා දින 14 ක කාලයක් ලබා දී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල ප්‍රදේශයේ හෝමියෝපති වෛද්‍යවරයෙකුගෙන් ඇදුම රෝගයට ලබාගත් ලබාගත් ප්‍රතිකාරයක් සම්බන්ධයෙන් මේ වන විට ක්‍රීඩා බලධාරීන්ගේ ඇස යොමුවී තිබෙන බව ද සඳහන් වේ.

කෙසේ වෙතත් වන්නිආරච්චිට එල්ල වන චෝදනා මේ වන තුරුත් සනාථ වී නැති අතර යම් හෙයකින් එකී චෝදනා සනාථ වුවහොත් ‍මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙන් අප ලැබූ එකම රන් පදක්කම ශ්‍රී ලංකාවට අහිමි වී යනු ඇත. පසුගිය ඔක්තෝම්බර් මස 13 වන දින පස්වරු 3.00 ට වේල්සයේ ෂෝන් මැක් ගෝල්ඩ්රික්ට එරෙහිව තරඟ කරමින් මංජු වන්නිආරච්චි විසින් මෙම රන් පදක්කම දිනා දීමට සමත්විය.

එසේ වුවද වසර 72 ට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකින් බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට රන්පදක්කමක් ගෙනා ක්‍රීඩකයා ලෙස මංජු වන්නිආරච්චි ගේ නම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයට එක්වීමේ අවදානමක් දැන් මතුව තිබේ.

අප කළ විමසුමකදී ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරියෙකු කියා සිටියේ අන්තර් ජාතික වශයෙන් ජයග්‍රහණය ලබන අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවැනි චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන බවයි.විශේෂයෙන්ම ලෝකයේ කුඩා රටක් ලෙස නැඟී සිටින ශ්‍රී ලංකාවට අභූත චෝදනා එල්ල කරමින් මෙරටට අපකිර්තියක් එක්කිරිමට ඇතැම් බලවත් රටවල් උපාය උපක්‍රම සොයමින් සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a comment

මහනුවර -පේරාදෙණිය දුම්රිය ධාවනය ඇනහිටියි


අද(19) පෙරවරු 9 .30 සිට හෙට(20) පෙරවරු 5 .00 දක්වා පේරාදෙණිය -මහනුවර මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දමන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. එම මාර්ගයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් සිදුකිරීම ඊට හේතුව බව ද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මහනුවර -මාතලේ සහ කොළඹ -බදුල්ල උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

Leave a comment

මාධ්‍යවේදීන්ට පහරදීම ගැන කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට පොලිස් නිලධාරීන් විසින් පහරදුන් බවට එල්ලවන චෝදනාව සම්බන්ධව අදාළ නිලධාරීන්ට එරෙහිව ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර පදනම (IFJ) ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය ඔක්තොම්බර් මස 14 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. එහිදී එම සිසුන් බලහත්කාරයෙන් අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ඇතුළු වූ අතර එම සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කර තිබුණි. එහිදී සිසුන් හා පොලිස් නිලධාරීන් අතර ගැටුමක් හටගත් අතර ඉන් සිසුන් හා පොලිස් නිලධාරීන් පිරිසක් ද තුවාල ලැබීය.

එම අවස්ථාවේදී අදාළ සිදුවීම ආවර්ණය කිරීමට ගිය ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු ද පොලිස් පහරකැමට ලක්විය. එම මාධ්‍යවේදීන් ඔවුන්ගේ මාධ්‍ය හැදුනුම්පත් පෙන්වමින් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට උත්සාහ කළ ද පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ට පහර දී ඇති බව පදනම මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනමාධ්‍යවේදීන් බවට හඳුනාගනිමින්ම අමානුෂික ලෙස අදාළ මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස එම පදනමේ මහ ලේකම් එයිදන් වයිට් මහතා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ලංකාදීප පුවත්පතේ බිඟුන් මේනක ගමගේ, නෙත් FM නාලිකාවේ සඳරුවන් යටිකින්ද, ඩේලි මිරර් පුවත්පතේ ප්‍රදීප් දිල්රුක්ෂාන්, රිවිර පුවත්පතේ චමිල කරුණාරත්න සහ සිරස ටීවි නාලිකාවේ සුබ්‍රමනියම් ගුණරත්නම් යන මාධ්‍යවේදීන් පොලිස් නිලධාරීන්ගේ පහරකෑමට ලක්ව තිබිණි.
Sri Lanka News-Adadearana-Truth First

Leave a comment

Sri Lanka News-Adadearana-Truth First

Sri Lanka News-Adadearana-Truth First

Leave a comment

මේ වසරේ මග නැගුමට මිලියන 1200 ක්


මග නැගුම වැඩසටහන යටතේ මේ වසරේ ග්‍රාමීය මාර්ග නවීකරණය සඳහා රුපියල් මිලියන 1200ට වැඩි මුදලක් වැය කර තිබේ. මේ වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ ඒ සඳහා රුපියල් මිලියන 1214ක් වැය කර ඇති බව මුදල් අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.

මේ යටතේ ග්‍රාමීය මාර්ග කිලෝ මීටර 534ක් නවීකරණය කර තිබේ. ගම්පහ, කුරුණෑගල, හම්බන්තොට සහ කළුතර යන දිස්ත්‍රික්ක වල වැඩි මාර්ග ප්‍රමාණයක් සංවර්ධනය කර ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. ග්‍රාමීය ආර්ථිකය නැංවීමේ එක් පියවරක් වශයෙන් එම ප්‍රදේශ වල මාර්ග නවීකරණයට රජය සැලසුම් කර ඇත.

Leave a comment

දහ අට වන ව්‍යවස්ථා සංශෝධනය



දහ අට වන ව්‍යවස්ථා සංශෝධනයත් සම`ග බඩුමිල ඉහළ ගොස් ඇති බව මහජනතාව චෝදනා න`ගනවා.
එළවඵ මිල වෙනුවෙන් පාලන මිලක් පැනවිය නොහැකි වූවත් අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් පාලන මිලක් පැනවිය හැකි බව මහජනතාව පවසනවා.
යුධ සමයේදීත් අසීමිතව ඉහළ ගිය බඩු මිල යුද්ධය අවසන් වී වසරක් ගත වූවද ස්ථාවරව නොපැවතීම ජනතාවට මහත් ගැට`ඵවක්.

යුද්ධය වෙනුවෙන් රජයට වැයකරන්නට සිදු වූ අතිවිශාල ධනස්කන්ධය හේතුවෙන් එකල ජනතාව බඩු මිල දරාගත්තද අද වන විටත් භාණ්ඩ මිල ජනතාව කෙරෙහි පීඩනයක්ව පවතිනවා.

මැතිවරණයට පෙරාතුව අත්‍යාවශ්‍ය භාණ්ඩ 11 ක් වෙනුවෙන් ඉවත්කළ බදු මැතිවරණයෙන් පසුවත් පනවා තිබීම මේ තත්වයට හේතුව බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

මෙම බදු පනවා ඇත්තේ මැයි මස 07 වැනි දින අංක 1652/59 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රය ම`ගිනි.

මෙම බදු වැඩිවීම මැයි මස 10 වැනි දින සිට ක‍්‍රියාත්මකවී ඉදිරිමාස 04 දක්වා වලංගුව පවතින බවද එම ගැසට් පත‍්‍රයේ වැඩි දුරටත් ස`දහන් වනවා.

කෙසේ වෙතත් රජය පවසන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට කරන බලපෑම, වෙළ`දපොල භාණ්ඩ උච්චාවචණය , භාණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් ඔවුන්ට වැය කිරීමට සිදුවන බදු වල වැඩි වීම මිල ඉහළ යාමට හේතුව බවයි.

දේශීය වශයෙන් වගාකරන ආහාර දාව්‍ය වලට බලපාන කාලගුණික හා දේශගුණික හේතු නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීමට සිදුවන බවරජය පවසනවා.

එ් වෙනුවෙන් සැලසුමි සහගත නව ආර්ථීක වැඩපිළිවෙලක් යටතේ ජනතාවගේ මූලික අවශ්‍යතා අතරට ගැනෙන ආහාර ප‍්‍රශ්නය නැතහොත් බඩු මිල ප‍්‍රශ්නය වෙනුවෙන් මූලික අවධානය යොමු කළ යුතු බව ආර්ථීක විශේෂඥයන් පෙන්වා දෙනවා.

Leave a comment

බෝඩර්-ගවස්කාර්


බෝඩර්-ගවස්කාර් කුෂලාන තර`ගාවලියේ අවසන් තර`ගය ඉන්දියාවේ මොහාලී ක‍්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

එහිදි ලකණු එකක තීීව‍්‍රජයක් අත්කර ගැනීමට ඉන්දීය පිල සමත් වුණා.
ඕස්ටේ‍්‍රලියානු පිල ලබාගත් ලකණු දෙසීය දාසයට පිලතුුරු ඉනිම ක‍්‍රිඩා කළ ඉන්දීය පිල ලකණු එකසීය විසිහතරක්ව තිබියදී කඩු`ඵ අටක් දැවීගියා.
නව වැනි ක`ඩුල්ල වෙනුවෙන් අගනා ඉනිමක් ක‍්‍රීඩා කළ ඉෂාන්ට් ෂර්මා හා ලක්ෂ්මන්්ට ලකණු අසූ එක සම්බන්ධතාවයක් පවත්වාගැනීමට හැකි වුණා.
ඉෂාන්ට් ෂර්මා ලකණ ුතිස් එකකට දැවී ගියා.
ලකණු එකොලහක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිලේ අවසන් පිතිකරු ලක්ෂ්මන් නොදැවී ලකණු එකසිය හැත්තෑ තුනක් රැුස්කරගනු ලැබුවා.

Leave a comment

පෞද්ගලික බස් රථවල ගාස්තු


පෞද්ගලික බස් රථවල ගාස්තු වැඩි කිරීම සිදු නොකළ හොත් සියළු පෞද්ගලික බස් රථ අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට ස¥දානම් බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
පෞද්ගලික බස් රථ සංගමයේ සම සභාපති රූබන් සිල්වා මහතා ප‍්‍රකාශ කළේ එවැනි වර්ජනයක නිරත වීමේදී ජනතාවට සිදුවන අපහසුතාව ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා සහ ජාතික ගමනාගමන කොමිසමේ සභපති සශී වෙල්ගම මහතා භාර ගත යුතු බවයි.
බස් ගාස්තු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියට අනුව මේ වසරේ ජූලි මාසයේ සිට පෞද්ගලික බස් ගාස්තුව වැඩිවීම සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක නොකර කෙටිදුර ගාස්තු පමණක් ඉහළ දමන ලෙස ඇමති වරයාට සහ කොමිසමේ සභාපතිට දැණුම් දී තිබෙනවා.
මේ වන විට මාස හතරක් ගතවී ඇතත් ප‍්‍රවාහන ඇමති වරයා තම සංගමයට මේ පිළිබඳව සාකච්ඡුාවක් ලබා දී නොමැති බව බස් සංගමයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා ලිපියක් මඟින් පෙන්වා දී තිබෙනවා
කෙසේ වෙතත් බස් රථ වර්ජනයක් ඇතිවිම සම්බන්ධයෙන් අප මගී ජනතාවගෙන් හා බස්රථ සේවකයන්ගෙන් අදහස් විමසීමක් කළා.

Leave a comment

බිත්තර හි`ගයක්


බිත්තර හි`ගයක් මවා පා මිල ඉහළ දැමුවොත් බිත්තර ස`දහා පාලන මිලක් වහාම නියම කරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළ`ද අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්¥ මහතා පවසනවාx
පසුගියදා පැවති සුඵ හා මධ්‍ය පරිමාණ කුකුඵ ව්‍යාපාරික හමුවකදී එතුමා මේ බව ප‍්‍රකාශ කළා.
එහිදී සු¥ බිත්තරක් රුපියල් 12ට සහ රතු බිත්තරක් රුපියල් 12x50ක තොග මිලට ලබා දීමට මෙහිදී කුකුඵ ව්‍යාපාරිකයන් එක`ගතාවය පලකලාx

එමෙන්ම කුකුඵ ගොවිපොළට ගොස් බිත්තර මිලදී ගෙන ලංකා සතොස සමූපකාර හා ආර්ථික මධ්‍යස්ථාන හරහා ජනතාවට අලෙවි කිරීමට අමාත්‍යාංශය මේ වන විට පියවර ගෙන තිබෙනවාx

ඉකුත් මස අග සතියේදී බිත්තර මිල රුපියල් 13ක්ව පැවති අතර මේ සතියේදී බිත්තර මිල රුපියල් 3කින් වැඩිවී තිබූණීx

කෙසේ නමුත් දේශීය නිෂ්පාදකයා
රැුකගනිමින් පාරිභෝගිකයන්ට සහනදායී මිලකට බිත්තර ලබාදීම මෙහි මූලික අරමුණයිx

Leave a comment

එක්සත් ජාතීන්ගේ සංවිධානය


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් නැගෙනහිර පළාතේ සංචාරය කිරීමට නියමිතයි.එහි ප‍්‍රධානත්වය දරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ ප‍්‍රධානී නීල් බූනේ මහතායි.
මෙම සංචාරය අතර තුර දී අදාළ නියෝජිත පිරිස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රියල් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සිවනේතුරෙයි චන්ද්‍රකාන්තන් සහ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේඛම් හමුවීමට සැලසුම් කර තිබෙනවා.

යුරෝපා කොමිසම මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ක‍්‍රියාත්මක නැගෙනහිර පළාත් සංවර්ධන ව්‍යාපෘති වල ප‍්‍රගතිය සොයා බැලීම මෙම සංචාරයේ අරමුණයි.

Leave a comment

Trapped miners 'working to freedom'

Leave a comment

Rescue capsule arrives at Chile mine

Leave a comment

ජනපති දෙවන පදවිප‍්‍රාප්තිය නොවැම්බර් 19 වැනිදා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවන ජනාධිපති ධුර කාලය සඳහා ලබන නොවැම්බර් 19 වැනිදා දිවුරුම් දිමට නියමිතයි.

ජනාධිපතිතුමාගේ පළමු ධුර කාලය 2005 නොවැම්බර් මාසයේ ආරම්භ විය.

එය හය වසරක් සඳහා වුවත් පළමුධුරයේ සිව්වසර අවසානයේ නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීම නිසා ව්‍යවස්ථානුකූල ව එම කාලය පස් වසරකට සීමා වුණා.

1978 ව්‍යවස්ථාව අනුව ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිධූරයකට තරග කළ හැකි වාර ගණන දෙවරක් පමණි.

පසුගිය දා සම්මත වූ 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එය ඉවත් කෙරුණා.

ජනතාවගේ කැමැත්ත මත ඕනෑ ම වාර ගණනක් ජනාධිපතිධූරය දැරීමට ඒ අනුව අවස්ථාව හිමි වෙනවා.

Leave a comment

එළවඵ මිල ඉහළට


වෙළ`ද හා පාරිභෝගික අමාත්‍යාංශයට යැවෙන නිළ වාර්තා හා වෙළ`දසැල් අතර ඇති එළවඵ මිල ගණන් වල ඉතා විශාල වෙනස්කම් දක්නට ලැබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
වෙළ`ද හා පාරිභෝගික අමාත්‍යාංශයට ලැබුණු පැමිණිල්ලක් මත පාරිභෝගික සේවා අධිකාරිය ම`ගින් මේ පිළිබ`දව පරීක්ෂණ සිදුකරණු ලැබුවා.
ආර්ඵික මධ්‍යස්ථාන වලට ලැබෙන දෛනික එළවඵ ප‍්‍රමාණයේ අඩුවීමක් පෙන්නුම් කරන බව වෙළදසැල් හිමියන් පවසනවා.

මේ නිසා එළවළු මිල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

Voice cut
(එළවළු මිල වැඩිවීමක් එචිචර නෑ.වැස්ස හින්දා තමයි ප‍්‍රශ්නේ තියෙන්නේ. වැස්ස හින්දා බඩු ගේන්න කරදරයි. බඩු ඊටත් හි`ගයි.*

එළවළු මිල වැඩිවීම පිළිබ`ද අප හා අදහස් දැක්වූ පාරිභෝගික ජනතාව

Voice cut
(දැන් වැස්ස කාලේ හින්දා එළවළු මිල වැඩිවෙලා තියෙන්නේ.ජීවත්වෙන්න බොහොම අමාරුයි.*

Voice cut
(රුපියල් සීයට ගත්ත එළව`ඵ මල්ලක් දැන් රුපියල් දෙසීයට ගන්න වෙලා තියෙන්නේ. එළවළු මිල දවසින් දවස වැඩිවෙලා.පාරිභෝගිකයන් වශයෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ එළවළු මිල අඩුකරලා සහනයක් ලබාදෙන්න කියලා.*

ඉදිරි මාසය පුරාවට එළවළු මිලෙහි වැඩිවීමක් පැවතිය හැකිබව වෙළ`දුන් අනතුරු අ`ගවනවා. එළවළු මිලට පාලන
මිලක් පැනවීම ම`ගින් නිසි පිළිතුරක් ලබාදිය හැකිබවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.එම`ගින් ජනතාවට හා වෙළ`දුන්ට සහනයක් හිමිවන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙනවා.

Leave a comment

ක්ෂණික ආහාර අංශභාගයට ම`ග පාදයි


ක්ෂණික ආහාර වලට හුරුවීමෙන් අංශභාග රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවණතාවය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ පිරිමින් ගෙන් සියයට අසූ එකක් (81%* හා කාන්තාවන් ගෙන් සියයට අසූතුනක් (83%* ක්ෂණික ආහාර වලට හුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

ක්ෂණික ආහාර වල අඩංගු තෙල් වර්ග , නොයෙකුත් වර්ණකාරක හා රසකාරක වල අඩංගු රසායනික දාව්‍ය ම`ගින් ස්නායු දුර්වලතාවයට ලක්වන බව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා.

මේ නිසා මෙයින් වාර්ෂිකව සියයට එකොළහක (11%* පිරිසක් මිය යනවා.

ශ්‍රී ලංකාවේ වැඩි පිරිසක් මරණයට පත්වන රෝග අතර දෙවන ස්ථානය හිමිවන්නේ අංශභාග රෝගයට බව ඔහු වැඩි දුරටත් ස`දහන් කළා

Leave a comment

ගුවන් විදුලි හා රූපවාහිනි සංඛ්‍යාත බලපත‍්‍ර


ශ‍්‍රී ලංකා රජය සතු සියඵම රූපවාහිනි හා ගුවන් විදුලි බලපත‍්‍ර විවිධ ජනමාධ්‍ය ආයතන වලට පවරාදීම අවසන්කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මේ නිසා ඉදිරියේදී ගුවන් විදුලි හෝ රූපවාහිනි නාලිකා ස`දහා බලපත‍්‍ර ලබාදීමේ හැකියාවක් නොමැතිබව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේඛම් ඩබ්.බී ගනේගල මහතා ස`දහන් කරනවා.

ශ‍්‍රී ලංකාවේ රූපවාහිනි ආයතන එකොලහකටත් ,ගුවන් විදුලි ආයතන දාහතකටත් මේ වනවිට බලපත‍්‍ර නිකුත්කොට තිබෙනවා.

එක් මාධ්‍ය ආයතනයකට නිකුත් කරන සංඛ්‍යාත ස`දහා වූ බලපත‍්‍ර යටතේ ගුවන් විදුලි හෝ රූපවාහිනි නාලිකා ගණනාවක් විකාශය කිරීමට පු`ඵවන.
දැනට රූපවාහිනි හා ගුවන් විදුලි බලපත‍්‍ර යටතේ නාලිකා හතලිස් එකක් විකාශන කටයුතු ආරම්භකර තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඉදිරියේදී අලූතින් රූපවාහිනි හා ගුවන් විදුලි බලපත‍්‍ර ලබාදීමට නම් ශ‍්‍රී ලංකාව අංකන සංඛ්‍යාත ක‍්‍රමයට යා යුතු බවයි.

Leave a comment

නව ගස් ලබු ප‍්‍රභේදයක්


MS hundrand නැමැති නව ගස් ලබු ප‍්‍රභේදයක් හ`දුන්වාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී තිබෙනවා.
එ් දේශිය දෙමුහුන් බීජ භාවිතයෙන් ඔවුන් සිඳුකරන ලද පර්යේෂණයක ප‍්‍රතිපලයක් වශයෙන්.

මෙමගස් ලබු හටගෙන ඉදීම ස`දහා දින හතරත් පහත් අතර කාලයක් ගතවනවා.
ඉඳුණු ගෙඩියේ මදය රතු පාටින් හා ප‍්‍රනීත රසයකින් යුක්තයි.

වෛරස් වලට ලක් නොවන ඵී යමබාර්බා ගස් ලබු වර්ගය වසර තුනක කාලයක් නොකඩවා ලවත්නාගත හැකියි.
සාමාන්‍ය ගස් ලබු වලය වඩා අඩි තුනක් පමණ උසින් අඩුය.

ක`ද ශක්තිමත් නිසා සුළ`ගට ඔරොත්තුදෙන අතර එම නිසා දේශගුණික විපර්යාස වලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස`දහන් කරනවා.

ගස් ලබු ප‍්‍රභේදය දීප ව්‍යාප්තව හ`දුන්වාදීමට කටයුතු යොදන බව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
සහකාර අධ්‍යයක්ෂක කේ.එම්.පී හේරත් මහතා පවසනවා.

Leave a comment

Mexico floods affect nearly 200,000

Leave a comment

මෙක්සිකෝවේ `ගංවතුර


මෙක්සිකෝවේ ට්බැස්කෝ ප‍්‍රාන්තය දරුණු `ගංවතුර අවධානමකට ලක්ව තිබෙනවා.
එ් හේතුවෙන් ජනතාව දැඞී අපහසුතාවයකට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කරනවා.

මෙක්සිකෝවේ ට්බැස්කෝ ප‍්‍රාන්තයේ ජනතාව තම බඩු බාහිරාදිය නිවස් වලින් ඉවත් කර ගැනීමට කටයුතු කලා.ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ එම ප‍්‍රදේශයට බලපා ඇති ගං වතුර තත්ත්වය හේතු කොට ගෙනයි.

මෙක්සිකෝවේ ටබැස්කෝ ප‍්‍රජාතන්ත‍්‍ර වාදීන් එම ප‍්‍රදේශයෙන් ඉවත් වීමටත් ඔවුන්ගේ බඩු බාහිරාදිය නිවෙස් වලින් ඉවත් කර ගැනීමටත්,කටයුතු කර තිබෙනවා.මෙයට හේතු වී ඇත්තේ එම ප‍්‍රදේශයට හා අවට ප‍්‍රදේශ කිහිපයකට බලපා ඇති කැමරා තත්ත්වයයි.

ටබැස්කෝ ප‍්‍රාන්තය අතර ඇති ගංගා වල ජල මට්ටම ඉ හළ යෑම එම ප‍්‍රදේශයේ ජන කොට්ටාස රැුසකට ගං වතුර තර්ජන එක්ල්ල කර තිබෙනවා.

මෙම හේතුවෙන් එම ප‍්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් ආරංචි මාර්ග වාර්ථා කරනවා.

මෙම ගං වතුර තත්වය 1996,000 පමණ පිරිසකට බලපා ඇති බවද වාර්ථා වේ.

මේ සම්බන්ධයෙන් වෙළ`දසැල් හිමියන් හා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී වෙළ`ද අමාත්‍යවරයාගේ අනුදැනුම යටතේ ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් ස`දහන් කළාx

Leave a comment

කඩිනමින් ඉදිවන හම්බන්තොට වරාය


හම්බන්තොට වරායේ දෙවන අදියරේ වැඩකටයුතු කඩිනමින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව වරාය අදිකාරිය පවසනවා.
දෙදහස් දොළහ වසරේ දී මෙහි වැඩවටයුතු අවසන් කිරීමට හැකිවන බව වරාය අදිකාරියේ සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතා පවසනවා.

දෙදහස් එක වසරේ සැප්තැම්බර් අට වන දින හම්බන්තොට වරාය ස්ථාපනය ස`දහා යෝජනාව ඉදිරිපත් කෙරුණා.
ඒ එවකට විෂයභාර අමාත්‍ය වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්.
අදියර 03කින් නිමකිරීමට යෝජිත වරායේ මුළු භූමි ප‍්‍රමාණය හෙක්ටයාර දෙදහසක්.
එය නැංගුරම් පොලවල් 33කින් සමන්විතයි.
සමස්ත වරාය ඉදිකිරීම් ස`දහා වැයවෙතැයි ඇස්තමේන්තු කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 360ක්.
එයින් 85% ක මුදල් ප‍්‍රමාණයක් විශේෂ ණය පහසුකම් යටතේ මහජන චීන ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.
එහි පළමු අදියරේ වැඩකටයුතු පසුගිය දොළොස්වැනිදා නිමාවට පත්කෙරුණා.
නවීන තාක්්ෂණික ක‍්‍රම උපයෝගී කොට ඉදිකෙරෙන මෙම වරාය ඉදිකිරීම් අතර දියකඩනය ,සාමාන්‍ය නැව්බඩු පර්යන්තය .තෙල් හා ගෑස් ස`දහා වන ජැටිය, වාහන ආනයන හා අපනයන පර්යන්ත.අධි තාක්ෂණික සන්නිවේදන පරිඝණක පද්ධති ආදී අංගෝපාංග රැුසකින් සමන්විත වනවා.
මෙහි පළමු පියවර වශයෙන් කරගං ලේවායේ මඩ ඉවත්කර නැංගුරම් පොලවල් තුනක් ඉදිකිරීමට නියමිතයි.
සමස්ත හම්බන්තොට වරායම ඉදිවන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හරිත වරාය ලෙසයි.
ප‍්‍රදේශයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනය ශක්තිමත් කරමින් වරාය ඉදිකිරීමෙන් අනතුරුව සෘජු රැුකියා අවස්ථා හයදහසක් හා වක‍්‍ර රැුකියා අවස්ථා පනදහසක් පමණ බිහිවනවා.

Leave a comment

ලංකාවේ වන වියන අඩුවෙයි


ශ‍්‍රී ලංකාවේ මුඵ වනාන්තර ප‍්‍රමාණය සියයට විසිපහකින් අඩු වී ඇතිබව පරිසරවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා.
මේ නිසා පරිසරයේ ස්වභාවික සමතුලිතතාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ගැටඵ රැුසක් මතුවී ඇතිබව එහි සභාපති ජගත් ගුණවර්ධන මහතා පවසනවා.
දහනමවැනි සියවසේ දී සියයට හැත්තෑ පහක්ව පැවති වන සම්පත සීඝ‍්‍රයෙන් අඩුවීමට හේතුව වී ඇත්තේ මිනිසුන්ගේ වැරදී ක‍්‍රියා කලාපයන්ය.
අනවසරෙන් වනාන්තර එළිපෙහෙලි කර ගොවිතැන් කටයුතු ස`දහා යොදාගැනීම ඉන් එක් පියවරක්.
මෙයින් ජල පෝෂක ප‍්‍රදේශ වලට දැඩිතර්ජනයක් එල්ල කරණු ලබනවා.
උග‍්‍ර ජල හි`ගයක් ඇතිවීම ද මෙහි අනිසි ප‍්‍රථිපලයක්.
පස දුර්වල වී ජල වහනය අවහිර වීම නිසා පරිසරයේ සමතුලිතතාවය
බි`දී යෑමකට ලක්වනවා.
ඊට අමතරව සිදුවන දේශගුණික විපර්යාසද වන විනාශයට ප‍්‍රභල හේතුවක්.

නිය`ග ඇතිවූ කාලවල , එහි පීඩනය අවම කිරීමට හා `ගංවතුර ඇතිවූ කාලවල , එහි පීඩනය අවම කිරීමටද වනාන්තර පද්ධති බෙහෙවින් උපකාරී වනවා.
ලොව පැවැත්ම තීරණය කරන ප‍්‍රධානතම සාධකය වන්නේ වනගහනයයි.
එය චිරත්කාලීනව පවත්වා ගැනීම මිනිසා සතු පරම යුතුකමක්.
2010-10-08

Leave a comment

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ


පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත බව මැතිවරණ මහලේඛම් කාර්යාලය පවසනවා.
එ් ස`දහා දෙදහස් නවය ඡුන්ද හිමි නාමලේඛණය යොදා ගැනීමට නියමිතයි.
මෙවර ඡුන්දය ප‍්‍රකාශකිරීම ස`දහා ලියාපදිංචි මුඵ ඡුන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හතලිස් තුන්ලක්ෂ පහළොස් දහස් හාරසීය දාහතක්.

කේවල හා සමාණුපාත ක‍්‍රම මිශ‍්‍ර වූ නව ක‍්‍රමයකට මැතිවරණය පැවැත්වෙන අතර එහිදී මනාප ලකුණු කිරීමක් සිදුනොකෙරේ.

මෙයට අදාළ පළාත් පාලන මැතිවරණ සංශෝධන කෙටුම්පත ඉදිරි සති දෙකක කාලසීමාව ඇතුලත පළාත් සභා වෙත යොමුකිරීමට කටයුතු යොදන බව මැතිවරණ මහලේඛම් කාර්යාලය ස`දහන් කරනවා.
පළාත් පාලන ආයතන තුන්සිය තිහෙන් දෙසීය අසූවක පමණක් ඡුන්දය පවත්වන බව පළාත් පාලන හා පළාත්සභා අමාත්‍යාංශය ස`දහන් කරනවා.
ඊට හේතුව ඉතිරි පළාත් පාලන ආයතන හතලිස් හතරෙහි මැතිවරණය පවත්වා තිබීමයි.
2010-10-08

Leave a comment

ව්‍යාජ ඖෂධ මාෆියාව රට පුරා


දිවයින පුරා ඇති ඔසුසල් වල නියම්ත ඖෂධ වෙනූවට ව්‍යාජ ඖෂධ ලබාදෙන බවට තොරතුරු ලැබී ඇති බව ඖෂධ පාලන මණ්ඩලය පවසනවා.
ඔවුන් කරන ලද වැටලීමකට අනූව මේ පිළිබ`දව තොරතුරු අනාවරණය වූ බව එහි අධ්‍යයක්ෂක වෛද්‍ය අමල් කරුණාතිලක මහතා පවසනවා.

ශරීරයට හිතකර වූ , අතුරුඵල අවම කරන එමෙන්ම ලාභදායි මිලකට ජනතාවට ම්ලදී ගත හැකි ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරන ඖෂධ අත්‍යාවශ්‍ය ඖෂධයි.

ඖෂධ සමාගම් විසින් භාවිතා කරන ප‍්‍රචාරණ ක‍්‍රමය ව්‍යාජ ඖෂධ භාවිතය වැඩිවීම ට බලපාන බව ඖෂධ පාලන මණ්ඩලය පෙන්වා දෙනවා.

ව්‍යාජ ඖෂධ වලින් හටගන්නා අතුරු ආබාධ ශරීරයේ විකෘතිතා ඇතිකරනු ලබයි.

ශ‍්‍රී ලංකාව 1970 දශකයේ මුල් භාගයේදීම අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ප‍්‍රමාණය 2100 සිට 800 දක්වා අඩුකර තිබෙනවා.
1971 දී සේනක බිබිලේ වාර්තාව අනූව එම වසරේදීම පුද්ගලික අංශය ම`ගින් ආනයනය කරනු ලැබූ ඖෂධ වර්ග ප‍්‍රමාණය 800 ක්.

එදා සිටම අත්‍යාවශ්‍ය ඖෂධ ලේඛණ සකස් කිරීම රාජ්‍ය මට්ටමින් සිදුකරණු ලැබුවත් ශ‍්‍රී ලංකාවේ භාවිතා වන අනතුරුදායක ව්‍යාජ ඖෂධ ප‍්‍රමාණය මේ වසර වන විට වැඩිවීමක් සිදු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

රජයේ සෞඛ්‍ය ප‍්‍රතිපත්තිවල පවත්නා ලිහිල් ස්වභාවයත් , විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ ඖෂධ වෙළදාම සම්බන්ධයෙන් රජය අනුගමනය කරන්නාවූ ප‍්‍රතිපත්ති වල ස්වභාවයත් මේ ස`දහා හේතු වී තිබෙනවා.

රාජ්‍ය මට්ටමින් ඖෂධ වෙළදාම සම්බන්ධයෙන් සීමා පැනවීම අනිවාර්ය කරුණක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

මෙම සාර්ථක ඖෂධ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව හා ලාභදායි හා ප‍්‍රතිඵලදායක ඖෂධ ස`දහා ප‍්‍රමුඛත්වය දීම,විධිමත් ආකාරයට ඖෂධ නියම කිරීමේ ක‍්‍රමයක් සකස් කිරීම හා ඖෂධ පිළිබ`ද රෝගීන්ට අවශ්‍ය තොරතුරු සැපයීමේ විධිමත් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම ආදිය පිළිබ`ද අවධානය යොමු කිරීම වැදගත් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
2010-10-08

Leave a comment