Archive for November 2010

විදෙස් රැකියා උප ඒජන්තවරුන්ට අලුත් ජොබ් එක


විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමු කරන උප ඒජන්තවරුන් ඔවුන් සේවය කරන ඒජන්සි ආයතනය යටතේම විදේශ රැකියා ප්‍රවර්ධන සහායකයින් ලෙස ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

අධීක්ෂණයකින් ‍යුතුව විධිමත් ක්‍රමවේදයක් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව එම කාර්යාංශය පවසයි.

ඒ අනුව සියලු වලංගු ඒජන්සි ආයතන සහ ඔවුන් යටතේ ක්‍රියාත්මක වන උප ඒජන්තවරුන් විදේශ රැකියා ප්‍රවර්ධන සහායකයින් ලෙස බඳවා ගැනෙනු ඇත.

මේ වසරේ දෙසැම්බර් 15 වැනිදාට පෙර ඊට අදාළ සියලු තොරතුරු කාර්යාංශය වෙත යොමු කළ යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Leave a comment

2011 දී ජපන් සංචාරකයින් ලක්ෂයක් දිවයිනට

ලබන වසරේ දී ලක්ෂයකට ආසන්න ජපන් ජාතික සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන වන බව ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසයි. සංචාරක මණ්ඩලයේ ‘විසිට් ශ‍්‍රී ලංකා - 2011’ ප‍්‍රවර්ධන වැඩසටහන හරහා මෙම සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීමට සංචාරක මණ්ඩලය අපේක්ෂා කරයි.

දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින සමීප සබඳතා මත මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන බව සංචාරක මණ්ඩලය සඳහන් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ශ‍්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ ප‍්‍රමාණය 44% කින් වර්ධනය වී තිබෙන බවයි.

Leave a comment

ඇඟලුම් අපනයනකරුවන්ගේ වාර්ෂික සමුළුව අද

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ 2010 වාර්ෂික සභා රැස්වීම අද (09) කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වෙයි.


මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.

Leave a comment

උදුල්ට ඇප නෑ-ඇප දෙන්න බලයක් නෑ


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතාට ඇප ලබාදීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරන ලදී.

පසු ගිය දිනෙක උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අනවසරයෙන් ඇතුළු වී රජයේ දේපළ වලට අලාභ හානි සිදුකිරීම

අද උදුල් ප්‍රේමරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ගේ නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා මෙම සැකකරුට ඇප ලබාදෙන ලෙසයි.

එසේ වුවද මෙම සැකකරුට එරෙහිව නඩු පවරා ඇත්තේ පොදු දේපළ පනත යටතේ බැවින් සැකකරුට ඇප ලබාදීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව කොළඹ මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලී මහතා සඳහන් කළේය.

එසේ හෙයින් මෙම සැකකරුට ඇප ලබාදිය නොහැකි බව මහේස්ත්‍රාත් වරයා අවධාරණය කර තිබේ

Leave a comment

උතුරු ප්‍රදේශයේ සීඝ්‍රයෙන් සිදුවන සංවර්ධනය


උතුරු ප්‍රදේශයේ සීඝ්‍රයෙන් සිදුවන සංවර්ධනය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානය, විදේශීය මෙන්ම දේශීය රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගය ඉදිරියටද බලාපොරොත්තුවන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

එසේම මෙම සංවර්ධන කටයුතුවලදී මෙන්ම අවතැන් කඳවුරුවල වෙසෙන ජනතාවට සහන ලබාදීමේදි තීරණ ගනු ලබන්නේ රජය විසින් පමණක් බවද උතුරේ සංවර්ධන ක්‍රියාදාමයට නිසා ඒකාබද්ධ ක්‍රියාකාරි සැළැස්මක් සකස් කරන ඒ මහතා බවද ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, ඊයේ (08) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යා‍ලයේදි ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානින් හමුවූ අවස්ථාවේදීය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ලෝක ආහාර වැඩසටහන ඇතුළු සංවිධාන 12ක නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින්, උතුරේ කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය නැංවීමටත් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් ස්වේච්ඡා සංවිධානවල උපකාර ලබාගැනීමට අදහස් කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, නිවාස ලබාදීමේදි තාවකාලික හා අර්ධ තාවකාලික නිවාස වෙනුවට ස්ථිර නිවාස ලබාදීම අගය කරන බවද සඳහන් කළේය.

විශේෂයෙන් නව ධීවර ක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමට යොමුවන ලෙසත් නව ආධාර ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ධීවර කර්මාන්තයේදි භාවිත කරන බෝට්ටු හා දැල් ආම්පන්න බෙදාදීම වෙනුවට විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදි ඉල්ලා සිටියේය. එසේම දැනටමත් උතුරේ සමහර සිංහල සහ මුස්ලිම් ජනතාව ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ඇති අතර ඔවුන් සඳහා මූලික අවශ්‍යතා ලබාදීමට ක්‍රියා කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
…………..

Leave a comment

උතුරු-නැගෙනහිර


උතුරු-නැගෙනහිර සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, සංචාරක කර්මාන්තය හා පාලන ව්‍යුහය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 125.4 ක සහන ණය මුදලක් ලබාදීමට සූදානම් බව ලෝක බැංකුව කියයි.
ශ්‍රී ලංකාව මැදි ආදායම් රටක් බවට පත්වීමට යන ගමනට මෙම ව්‍යාපෘති මගින් සවියක් ලැබෙන බව මෙම ණය ලබාදීම පිළිබඳව අදහස් දක්වමින් ලෝක බැංකුවේ මෙරට වැඩබලන ප්‍රධානී, අමිට් ඩාර් සඳහන් කර තිබේ.
මෙම ණය මුදල ලබාදෙන්නේ ලෝක බැංකුවේ ආයතනයක් වන ජාත්‍යන්තර සංවර්ධන සංගමය (International Development Association) හරහා වන අතර වසර විස්සකින් ගෙවා නිමකළ යුතුවන සේ ලැබෙන මෙය ගෙවීම සඳහා වසර 10 ක සහන කාලයක්ද ලබාදී ඇත.

Leave a comment

ඉහළ කොත්මලේ


තලවාකැලේ නගරයේ රාත්‍රී නිහඬ බව බිඳී යන්නේ කොත්මලා ඔයේ සීතල දිය රළ ගලා බසිමින් නංවන ගීත නාදයෙන්.


මහා වැසි සමයන්හි ඉවුරු බිඳිමින් සැඩ වෙමින් පහළ කොත්මලා නිම්නයට ගලා ගිය කොත්මලා ඔයේ දියවර තවත් පෝෂණය වුණේ තලවකැළේ දී එයට නානු ඔයත් එකතු වීමෙන්. මේ මහවැලි ගං කොමලියේ ආරම්භක දිය මංපෙත් බව අදත් බොහෝ දෙනෙකු දන්නේ නෑ.

‘මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා
සමනොළ කන්ද මුදුනේ සිට පැන නැංගා...’

අප අතීතයේ සිට අසා දැනගෙන තිබුණේ එහෙම වුණත් මහවැලිය ආරම්භ වන්නේ සමනොළ කන්දෙන් නො වන බව මේ වන විට තහවුරු කර ගෙන තිබෙනවා.

හෝර්ටන් නිම්නයේ සිට ගලා බසින කොත්මලා ඔය එහි ආරම්භක දියවර යි. මහවැලි නදිය ත්‍රීකුණාමලයේ උප්පාරු දක්වා ගොස් මුහුද සිප වැළඳගන්නා දිගු ගමන් ම‍ඟේ දී එය පෝෂණය කරන දිය කඳුරු, ඇලදොළ, ගංගාවන් හා දිය ඇලි එමට යි.

මේ මහා නදිය එසේ ගලා යන්නේ සමස්ත රටට ම විදුලිය උත්පාදනය කරමින්. වගා බිම් සරුසාර කෙත් වතුබවට පත් කරමින්. රටට ම මහා සම්පතක් වූ එවන් මහවැලි නදියේ ඉහළ ම ප්‍රදේශයේ ඉදිවන එහි අවසාන ජලවිදුලි බලාගාරය වන ‘ඉහළ කොත්මලේ ජල විදුලිබලාගාරය’, අනේකවිධ බාධාවන් මැද යථාර්ථයක් බවට පත්වෙමින් තිබී ම ජාතියේ ම වාසනාවක්.

2007 වසර මැද භාගය වන විට මෙ රටේ ජනගහනයෙන් 22%කට විදුලිබලය අහිමි ව තිබුණා. සමස්ත විදුලිබල සැපයුම තිබුණේ 78%කට පමණයි. නමුත් මේ වන විට රජය ක්‍රියාත්මක කළ විකල්ප විදුලි සැපයුම් යෝජනා ක්‍රම නිසා විදුලි පරිභෝජනය කරන සංඛ්‍යාව 85% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එදා මහවැලි කඩිනම් සංවර්ධන වැඩසටහන ආරම්භ කරද්දී අපට ඉන්දියාවටත් විදුලිය දිය හැකි බව දේශපාලඥයන් ප්‍රකාශ කළා. නමුත් රටේ ඉහළ යන බලශක්ති ඉල්ලුම හමුවේ අද නිපදවෙන ජල විදුලිබලය අප රටටවත් ප්‍රමාණ වත් වන්නේ නැහැ.

2007 වන විටත් බලශක්තිය 60%ක් නිපදවූයේ ඩීසල් බලාගාරවලින්. මෙරටට ආනයනය කරන ඉන්ධනවලින් 40%ක් ම වැය වන්නේ බලශක්තිය නිපදවීමට. ඒ සඳහා රජය සහන මිලකට ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සපයනවා.

ගණනය කර ඇති පරිදි මෙ රටේ වාර්ෂික ව ඉහළ යන 8%ත් 10%ත් පමණ වන විදුලිබල ඉල්ලුම හමුවේ නිහඬ ව බලා සිටින්නට කිසිදු රජයකට හැකිවන්නේ නෑ. එසේ ම විදුලිබල සැපයුම අඩාල වීමෙන් ඒ හා සමාන ව ම රටේ ආර්ථික සංවර්ධනයේ වේගය අඩාලවීමත් කිසිවකුට නතර කළ හැකි වන්නේත් නැහැ.

මේ සියලු අර්බුද හමුවේ එයට පිළියම් යෙදීමටයි මහින්ද රාජපක්ෂ රජය විදුලිය නිපදවීමේ ව්‍යාපෘති කිහිපයක් ම රටේ තැනින් තැන ආරම්භ කළේ.

නොරොච්චෝලේ, කෙරවලපිටිය, සහ මීට වසර 17කට පමණ පෙර සිට ම මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඉදිකිරීම් ආරම්භ කිරීමට බොහෝ බාධක ඇති වූ ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය ඒ අතරින් මුල්තැනට වැටෙනවා.

සාම්පූර් ගල් අඟුරු බලාගාරයටත් මේ වන විට ඉඩම් වෙන්කර අවසන්. එය ඉන්දියාවේ සහයෝගයෙන් ඉදිකිරීමයි රජයේ අපේක්ෂාව.

ඉහළ කොත්මලේ බලාගාරය සඳහා ජලාශය ඉදිකිරීමට, ශක්‍යතා අධ්‍යයනයෙන් යෝජනා කර තිබුණේ සංචාරක ආකර්ශනය නො අඩු ව පවතින අතිශය මනරම් කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් නෙත් සිත් පිනවන දිය ඇලි රැසක් සහිත සුන්දර භූමි භාගයක්.

මේ ව්‍යාපෘතියට එක් පසෙකින් රම්බොඩ හරහා දිවෙන මහා මාර්ගයත්, හැටන් - නුවරඑළිය මහා මාර්ගයත්, තවලන්තැන්න - තලවාකැළේ මහා මාර්ගයත් මායිම් වන විශාල භූමි ප්‍රදේශයක් ආවරණය වෙනවා. මේ මනස්කාන්ත පරිසරය නිසා ම එදා මේ ජල විදුලි ව්‍යාපෘතියට විශාල ආකර්ෂණයක් මෙන් ම විවිධ බාධාවන්ට මුහුණ පෑමට සිදු වුණා.


ජල විදුලිබලය නිපදවීමට නම් ස්වභාවික ජල ප්‍රභවයන් අත්‍යවශ්‍ය ම සාධකයක්. ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය මුලින් සැලසුම් කළ ආකාරයට එයට සුන්දර ජල ප්‍රභවයන් හයක් ඇතුළත් වුණා. ඒවා නම්,

- ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල
- ඩෙවෝන් දිය ඇල්ල
- රම්බොඩ දිය ඇල්ල
- කොත්මලා ඔය
- පූනා ඔය දිය ඇල්ල
- ශාන්ත ඇන්ඩෘස් දිය ඇල්ලයි.

මේ ඉහළ කොත්මලේ ව්‍යාපෘතියේ මුල් ම ශක්‍යතා අධ්‍යයනය සිදු කළේ 1985-86 තරම් ඈත කාලයක දී යි. 1995 වන විට දස වසරක් ගෙවී ගිය තැන පරිසරය පිළිබඳ සියලූ අධ්‍යයනයන් අවසාන ව තිබුණා. 1995දී ව්‍යාපෘතියට අනුමැතිය ලැබුණත් පරිසරය පිළිබඳ ගැටළු මතු වී තිබුණා. විවිධ පරිසර හා සමාජ සංවිධාන මේ කටයුත්තට එරෙහි ව නැඟී සිටියා. මේ ව්‍යාපෘතිය උසාවිය දක්වා රැගෙන යාමට ඔවුන් කටයුතු කළා.

නමුත් 1995-2000 අතර කාලය තුළ උසාවියට ද කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව 2000 වසරේ දී මේ ව්‍යාපෘතියට සම්පූර්ණ අනුමැතිය ලබා ගැනීමට විදුලිබල මණ්ඩලයට හැකි වුණා.

සියල්ල යහපත් තත්ත්වයට හැරුණත් 2000 වන විට රජයට මේ කාර්යයට ප්‍රතිපාදන තිබුණේ නෑ. 2002 දක්වා ම රජයට සිදු වුණා ප්‍රතිපාදන ලබා ගැනීමේ කටයුතු සැලසුම් කිරීමට. වසර ගණන් කල් ඉකුත් ව යන විට වෙළෙඳපොළ මිල මට්ටම් ඉහළ යාම නිසා ව්‍යාපෘතියේ බරපැන ද ඉතා ඉහළ මට්ටමකට නැඟ තිබුණා. මේ වන විට මේ ව්‍යාපෘතිය සඳහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 37,269ක් වෙනවා. සහනදායී පදනම මත සියයට දශම නවයයි පහක (0.95%) වාර්ෂික පොලියට ජයිකා ආයතනයෙන් ලැබෙන රුපියල් මිලියන 28,721කින් සහ විදුලිබල මණ්ඩලය සපයන රුපියල් මිලියන 8,548කින් අරමුදල් සම්පාදනය ‍වෙනවා.

මේ සමස්ත ව්‍යාපෘතියට වැය වන මුදලින් මිලියන 90ක් පමණ වැය වන්නේ ඉඩම් මිලයට ගැනීමටත්, බදු මුදල් සහ ආනයන තීරු බදු වැනි කටයුතු වෙනුවෙන්. එම මුදල් වැය වන්නේ මෙ රට තුළ ම යි.

ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියට ජල ප්‍රභවයන් හයකින් ජලය සපයා ගැනීමට මුලින් අපේක්ෂා කළත් 2005 අප්‍රේල් 07 වැනි දා අමාත්‍ය මණ්ඩලය මේ පිළිබඳව වැදගත් තීරණයක් අරගත්තා. ඒ අනුව ඉහතින් සඳහන් කළ ජල ප්‍රභවයන් හය වෙනුවට කොත්මලා ඔය හරහා පමණක් වේල්ල බැඳ ඉන් ජල විදුලිබලය නිපදවීමට තීරණය කෙරුණා.

මේ තීරණය නිසා ඉලක්කය වී තිබූ වාර්ෂික ව ගෙගාවොට් 528ක් වූ විදුලිබල නිපැයුම ගෙගාවොට් 409 දක්වාත් ව්‍යාපෘතියේ පිරිවැය සියයට දොළහකිනුත් (12%) අඩු වෙනවා.
‍‍මහවැලි නදිය ත්‍රීකුණාමලය දක්වා ගලා බසින්නේ කඳුවැටි, පතන් බිම්, නිම්න ඔස්සේ සෙල්කුළු මැදින් මහා බාධක රැසක් ජයගනිමින්. ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදිකිරීමට එරෙහි ව පැමිණි බාධක ඊටත් වැඩිවන්නට පුළුවන්.

එවන් සියලූ බාධා ජය ගෙන ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකියාව ලැබීම රටේ ම වාසනාවක්.

ඒ අනුව සුන්දර කොත්මලා ඔය හරහා ඉදිවෙන වේල්ලේ වැඩ පටන් ගත්තේ 2007 දී. ජලාශය ඉදිකිරීම ඇරඹු අවසාන සැලැස්ම අනුව ජලය රැස් කරන ජලාශය කොත්මලේ, කාසල්රී, මාඋස්සාකැලේ හෝ රන්දෙණිගල මෙන් අති විශාල ජලාශයක් වන්නේ නැහැ.
මේ ජලාශයේ වර්ගඵලය වර්ග කිලෝමීටර් කාලක් (0..253sq.km) පමණ ඉතා ම කුඩා පරිමාවකින් සමන්විතයි. කොත්මලා ඔය හරස්කර ඉදිකරන වේල්ලේ උස මීටර් 35.5ක්. පළල මීටර් 7ක්. සම්පූර්ණ දිග මීටර් 157ක්. මේ වේල්ල වාන් දොරටු 5කින් සමන්විතයි.

සම්පූර්ණ ජලාශය හෙක්ටයාර් 0.25ක් නැත්නම් අක්කර 60ක පමණ ප්‍රමාණයක පැතිර යනවා. ජලධාරක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 3.4ක් (3.43km) පමණ වෙනවා. මෙහි රඳවා ගත හැකි ජල ප්‍රමාණයත් ඝන මීටර් මිලියන 2.1ක් පමණයි. විදුලිය නිපදවීම සඳහා තලවාකැළේ ජලාශයේ සිට නියම්ගම්දොර දක්වා උපරිම ජලය පිටකිරීම තත්පරයට වර්ගමීටර් 36.9ක්.
ඉහළ කොත්මලේ ජලාශය අනෙක් ජලාශ සමඟ සසඳා බැලීමෙන් එහි කුඩා බව තවත් පැහැදිලි කරගත හැකියි. මේ ජලාශයට වඩා පහළ කොත්මලේ ජලාශය 85 ගුණයකින් විශාලයි. රන්දෙනිගල 450 ගුණයකින් විශාලයි. ජලාශය කුඩා වීමේ වාසිය ලැබී තිබෙන්නේ සුන්දර කඳුකරයටයි. පරිසරයට අව ම හානි සිදු වන ලෙසිනුයි දැන් මේ ව්යා පෘතිය සැලසුම් කර තිබෙන්නේ.

ඒ අනුව ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල, ඩෙවෝන් දිය ඇල්ල, රම්බොඩ දිය ඇල්ල, පූනා ඔය දිය ඇල්ල සහ ශාන්ත ඇන්ඩෘස් දිය ඇල්ල මතු පරම්පරාවලටත්, සංචාරකයින්ටත් දැක බලාගත හැකි වන සේ ආරක්ෂා වෙනවා.

මේ ව්‍යාපෘතියට එරෙහි ව ජනතාවගේ උද්ඝෝෂණ පැන නැඟුණේ මේ ව්‍යාපෘතිය පිළිබඳ කරුණු සම්පූර්ණයෙන් විකෘති ලෙසින් ඔවුන් වෙත ගෙන යාමෙන්. ඇතැම් පරිසර සංවිධාන මිනිසුන් උසිගැන්වීමේ කටයුතුවල නියුතු වුණත් 2007 වන විට අවතැන් වන ජනතාව‍ට වැඩමුළු පවත්වමින් මාසික හමුවීම් පවත්වමින් ඔවුන් නිවැරදි ව දැනුවත් කිරීමට තලවාකැළේ ව්‍යාපෘති කාර්යාලය මඟින් පියවර ගෙන තිබුණා.

කොත්මලේ හෝ වික්ටෝරියා ජලාශ ඉදිකළ ආකාරයට මෙන් මෙන් මේ ව්‍යාපෘතියෙන් විශාල ජනාවාස අහිමි වන්නේ නෑ. ඒ වගේ ම සශ්‍රීක බිම්, කෙත්වතු විනාශ වන්නේත් නැහැ. මේ ව්‍යාපෘතියේ ඇති සුවිශේෂත්වය වන්නේ ද එයයි
තලවාකැළේ දී කොත්මලා ඔය හරහා ඉදිවන වේල්ලෙන් එකතු වන ජලය ග්‍රේට් වෙස්ටර්න් කඳු පන්තිය මැදින් භූගත උමඟක් තුළින් කිලෝමීටර් 12.9ක් දක්වා දුරට ගෙන යනවා. උම‍ඟේ විෂ්කම්භය මීටර් 5.8ක්. කන්ද මුදුනේ සිට මීටර් 600ක් පමණ පහළිනුයි උමඟ ඉදිවන්නේ.

මේ ගැනත් පරිසරවේදීන් විවිධ මතවාද පතුරවන්නට වුණා. “උමඟ නිසා නාය යාම් ඇති වෙන්න පුළුවන්. මේ පළාතේ දෙදරීම් ඇති වන්නට පුළුවන්. ජලය කාන්දු වීමෙන් තේ වතු විනාශ වෙන්නට පුළුවන්...” වැනි මතවාද ඒ අතරින් කැපී පෙනෙන මාතෘකා වුණා. නමුත් මේ උමඟ තනිකර ම කළුගල් කුලක් මැදින් ගමන් කරන නිසා එසේ වන්නේ නෑ. මේ ප්‍රදේශයෙන් නානුඔය ඔස්සේ බදුල්ල දක්වා ගමන් කරන දුම්රිය මාර්ගයේත් මෙවැනි උමං අතීතයේ සිට ම පැවතෙනවා.

ග්‍රේට් වෙස්ටර්න් කඳු යාය මැදින් ගමන් කරන උමඟ පූඩළු ඔය පරනා දේශයෙන් අවසන් වන්නේ භූගත ව ඉදිකෙරෙන ජල විදුලි බලාගාරයට මීටර් 500ක් පමණ ඉහළින්. කන්ද මැද විදුලි බලාගාරය ඉදිවෙන්නේ නියම්ගම්දොර ප්‍රදේශයෙන්. මේ ප්‍රදේශයේ දී කොත්මලා ඔයට පූඬළු ඔයත් එකතු වෙනවා. නියම් ගම් දොර ප්‍රදේශයෙන් කන්දේ උමඟ කැනීම දැන් ආරම්භ වුණේ 2007 දී.
මේ උමඟ කන්ද මැදට හාරා ගෙන ගොස් එහි ඉදිකරන විදුලි බලාගාරය සඳහා මීටර් 65 උස 45ක් පළල විශාල කොටසක් කන්ද මැදින් හාරා ඉවත් කරනවා. මෙය තනිකර ම කළුගලින් සමන්විත කන්දක්. කන්ද මැද ඉදිවන විදුලි බලාගාරය තට්ටු 7කින් සමන්විත වෙනවා. විදුලි බලාගාරය දක්වා යන උමඟ වටා සෙන්ටිමීටර් 40ක ඝනකමින් යුත් කොන්ක්‍රීට් ආවරණයක් දමනවා. කන්ද මැද ස්වභාවික ව පිහිටි පොළොවේ ඉදිවන නිසා දරා ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි ඉංජිනේරුවන්ගේ මතය.

විදුලි බලාගාරයේ සිට මීටර් 461ක් ඉහළිනුයි තලවාකැලේ සිට එන ජල උමඟ පිහිටන්නේ. එම ජල කඳ පහළට කඩා වැටෙන්නේත් කළු ගල විදීමෙන් සකස් කරන නල මාර්ගයකින්. එය ජලය උම‍ඟේ සිට පහළට පැමිණ දෙකට බෙදී ජල විදුලි උත්පාදන යන්තරළුග දෙකකට ඉතා දැඩි වේගයකින් පතිත වෙනවා. ඒ වේගය නිසා විදුලි උත්පාදන යන්ත්‍ර (ටර්බයින්) ක්‍රියාත්මක වෙනවා.
විදුලිබලය උත්පාදනය කරන ජල කඳ කන්දෙන් පිටතට ගැනීමට තවත් උමඟක් සකස් වෙනවා. විදුලි බලාගාරයේ සිට පිටාර ජලය එම උමඟ දිගේ පහළට ගමන් කර කොත්මලා ඔයට නැවත එක්වෙනවා. උත්පාදනය කරනු ලබන විදුලිය පිටතට ගෙන යන විදුලි රැහැන් සඳහා තවත් උමඟක් ප්‍රධාන උමඟට වම් පසින් සකස් කෙරෙනවා. ඒ අනුව කන්ද මැද විදුලි බලාගාරයේ සිට පිටතට උමං මාර්ග තුනක් නියම්ගම්දොර ප්‍රදේශයට ගමන් කරනවා. මෙය විශ්වකර්ම නිර්මාණයක් සේ අපට හැ‍ඟෙන්නේ ස්වභාවික කන්දක් මැද මෙරට ඉදිවන ප්‍රථම විදුලි බලාගාරය මෙය වන නිසයි.

රටක් සංවර්ධනය කිරීමේ දී රජයකට මුහුණදෙන්නට සිදුවන අපමණ බාධා කොපමණ ද යන්න මැනවින් කියා දුන් ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය දැන් යථාර්ථයක් බවට පත් වෙමින් තිබීම රට ම දුටු සිහිනයක් සැබෑ වීමක්.

ඒ සිහිනය මල්ඵල ගන්වන්නට රටේ නායකයා ලෙසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ව්‍යාපෘතියට මූලික පරිසරය සකස්කර දුන් ආකාරය මෙ රටේ දේශපාලනයේ නියැලෙන සැමට ම ආදර්ශයක්. ජනතාවට සේවය කිරීමේ දී අනන්ත අප්‍රමාණ ඇනුම්බැනුම්, නින්දා අවමාන, රැවුම්ගෙරවුම් බාධක ජයගත යුතු වෙනවා. එසේ ම ජනතාවගේ සිහින සැබෑ කිරීමේ දී ඒ වෙනුවෙන් ලැබෙන කීර්ති ප්‍රසංසා, ‍ගරුබුහුමන් මෙන් ම පොදුජන හදවතේ තබන නොමැකෙන සලකුණු දේශපාලනයේ දී කාටත් උරුම වීම ද ස්වභාවයක්.

එවන් බාධක කම්කටොළු ජයගනිමින් 30 වසරක යුද්ධයක් නිමාවට පත් කළ, ජනතාවගේ විස්වාසය දිනෙන්දින දිනාගත් අපේ කාලයේ ලෝකයේ ප්‍රබල ම රාජ්‍ය නායකයකු ලෙස ලොව ම පවසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යශූරත්වයේ කැපවීමේ තවත් සාධකයක් ලෙස ඉහළ කොත්මලේ විදුලි බලාගාරය ඉදිකිරීම ඉතිහාසගත වෙනවා.

තවත් වසරකින් ජලාශය දියවරින් ගැබ්බර ව ගිය කල්හි තලවාකැළේ නගරයේ රාත්‍රී නිහැඬියා ව බිඳිමින් සියවස් ගණනක් මුළුල්ලේ සීතල වාතලය හා මුසු වූ කොත්මලා ඔය ගලා ගිය ඒ සොඳුරු නාදය සදහට ම නැවතේවි. නමුත් තලවාකැළේ බිහිවන නව නගරයට පහළින් ඉදි වූ සිත් පිනවන මනරම් ජලාශයේ සිසිල රැගෙන, සිහින් සරින් මඳනල ගයන විදුලි ගීතය මේ රටේ අනාගත උරුමක්කාරයනට බොහෝ දේ පවසන්නේ ය.

මහවැලි ගංදියෙන් තවත් නිවාස දහස් ගණනක අඳුර දුරු වී ආලෝකමත් වෙද්දී මේ සා විශාල මෙහෙවරක් ඉටුකරන්නට ඇපකැප වූ උත්තම මිනිසුන්ගේ හැඩරුව පොදුජන හදවතේ නොමැකෙන ලෙස සනිටුහන් වන්නේ ය.

Leave a comment


ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් සියයට පනහක් (50%) සපුරා ගැනීමේ ඉළක්කයක් කරා ගමන් කිරීමේ සැලැස්මක් උක් පර්යේෂණ ආයතනය සකස් කර තිබීම අප රට සංවර්ධන මාවතේ තබා ඇති ඉදිරි පිම්මක් ලෙස හැඳින්විය හැකි ය. මෙකී ඉලක්කය කරා යාමට අපේක්ෂා කරන්නේ ඉදිරි වසර තුන අවසානයේ ය. එනම් 2015 වන විට ය. සීනි කර්මාන්තයේ නිෂ්පාදන ඵලදායිත්වය හා ලාභදයිතාව වැඩි කොට එහි තිරසාර බව ගොඩනැඟීමට අවශ්‍ය උචිත පර්යේෂණ රැසක් උක් පර්යේෂණ ආයතනය විසින් මේ වන විට සිදූ කර ඇත.

දැනට ශ්‍රී ලාංකික ජනතාවගේ වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හයලක්ෂ තිස් අට දහසක් (638000) පමණ වන අතර එය සපුරා ගැනීම දූෂ්කර වී තිබේ. මේ නිසා පසුගිය 2008 වසරේ දී සීනි මෙට්‍රික් ටොන් පන් ලක්ෂ හැත්තෑපන් දහසක් (575000) ආනයනය කර ඇත. ඒ සඳහා කර ඇති විදේශ විනිමය වියදම රුපියල් දශ ලක්ෂ 23250 කි.

ඉකුත් කාලය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුබ සීනි කම්හල් දෙකක් වන හිඟුරාන සහ කන්තලේ යන කම්හල් දෙකම පෞද්ගලික ව්‍යවසායකයින් වෙත භාර දී තිබූ අතර ඒවා නැවත රජය වෙත පවරාගෙන යළිත් ආරම්භ කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ද පියවර ගෙන තිබුණි. එයින් අපේක්ෂා කළේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වැඩි දියුණු කිරීම තුළින් වසරකට සීනි මෙට්‍රික් ටොන් 20000ක් නිෂ්පාදනය කිරීමටත් හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව වැඩි දියුණු කිරීම තුළින් සීනි වසරකට මෙට්‍රික් ටොන් 34000ක් නිෂ්පාදනය කිරීමටත් ය. එය මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් සියයට 10 කි.

උක් පර්යේෂණ ආයතනයේ ඉලක්කවලට අනුව රටේ සීනි අවශ්‍යතාවෙන් සියයට 50ක් සපුරා ගැනීමට නම් තවත් සීනි කර්මාන්ත ශාලා පහක් (5) අලුතෙන් ස්ථාපිත කළ යුතු බව හඳුනාගෙන තිබේ. එය ´මහින්ද චින්තන`වැඩසටහනට සමගාමි ව ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.
ඒ අනුව පසුගිය කාලයේ දී අතිරේක වැවිලි බෝග සංවර්ධන අමාත්‍යංශය යටතේ කර්මාන්ත ශාලා පහක් වෙනුවෙන් මූලික වැඩ කටයුතු අරඹා තිබුණී. ඌවවෙල්ලස්ස, බිබිල සීනි කර්මාන්ත ශාලාව ඉන් එකකි. එයින් අප රටට අවශ්‍ය සීනි අවශ්‍යතාවෙන් තවත් සියයට 15ක් සපුරා ගැනීමට හැකියාව ඇත.

මෙයට අමතරව අලුතෙන් ඉදි කිරීමට යෝජිත සියඹලාණ්ඩුව සීනි කර්මාන්ත ශාලාවෙන් අප රටේ සීනි අවශ්‍යතාවෙන් සියයට 10 ක් ද, කුරුණෑගල හා අනුරාධපුර ඉදි කිරීමට යෝජිත සීනි කර්මාන්ත ශාලා තුනකින් ඉතිරි සම්පූර්ණ ප්‍රමාණය ම ද සපුරා ගැනීමට බලාපොරොත්තු වෙයි.
සියඹලාණ්ඩුව හා අනුරාධපුර සීනි කම්හල් සඳහා ඉදිකිරීමට අදාල ඉඩම් ද හඳුනාගෙන අවසන් කර ඇත.
ඌව වෙල්ලස්සේ බිබිල සීනි කම්හල පිහිටුවීමත් සමඟ ඊට සමගාමි ව පුළුල් පරාසයක් ආවරණය වන සංවර්ධන ක්‍රමවේදයක් ද භාවිත වෙයි. කර්මාන්ත ශාලාවට අවශ්‍ය උක් අස්වැන්න සඳහා බදූල්ල, මොණරාගල හා අම්පාර යන දිස්ත්‍රික්කවල උක් වගා කිර්ිමට නියමිත ය. එම දිස්ත්‍රික්කවල පිහිටි රිදීමාලියද්ද, බිබිල, මැදගම, මඬුල්ල, මොණරාගල, බඩල්කුඹුර, පදියතලාව, මහඔය, ලුණුගල, මීගහකිවුල හා මහියංගනය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඊට අයත් වෙයි.

ග්‍රාම සේවා නිලධාරි කොට්ඨාස 299ක ඉඩම් අක්කර 90000ක් වගාව සදහා හඳුනාගෙන ඇත. උක් වගා සඳහා ගොවීන් 28000ක් සිය කැමැත්තෙන් ඉදිරිපත් වී ඇති බව උක් පර්යේෂණ ආයතනය කියයි.
ඌව වෙල්ලස්ස බිබිල සීනි කම්හල පිහිටුවීමට ලංකාවේ ආයෝජකයින් මෙන් ම අවශ්‍ය විදේශීය තාක්ෂණය ද සොයාගෙන ඇති අතර ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට හැකි මට්ටමේ ඇති බව ද එම ආයතනය පවසයි.

කර්මාන්ත ශාලාවෙන් පමණක් ඍජු රැකියා 1500ක් ද වක්‍ර රැකියා 35000ක් ද බිහිවන අතර එය ප්‍රදේශයේ විරැකියාවෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් කෙරෙන මහඟු අයෝජනයක් වෙයි. ඒ හැරුණු විට ප්‍රදේශයේ ට්‍රැක්ටර්, බස්රථ, ත්‍රී වීල් හා ලොරි හිමියනට අමතර ආදායම් මාර්ග සැලසෙනු ඇත. නිල නිවාස, පාසැල්, රෝහල් හා ජල පද්ධති අලුතෙන් නිර්මාණය වෙයි. මෙකී සමස්ත ප්‍රදේශය ම කේන්ද්‍ර කරගෙන ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන අතර නව වාරිමාර්ග, ඵීදූලි සංදේශ සේවා හා කුඩා නගර ඇතුළු පහසුකම් ලබාදීම වෙනුවෙන් වෙන ම රුපියල් දශ ලක්ෂ 4000ක් වෙන් කර ඇත.

ඌව වෙල්ලස්ස බිබිල නව සීනි කර්මාන්ත ශාලාවෙන් පමණක් එතනෝල්, සත්ව ආහාර, මොලැසස්, විනාකිරි හා පොහොර නිෂ්පාදනය කරන අතර එයින් මෙගා වොට්ස් 25ක ධාරිතාවකින් යුක්ත විදුලි බලයක් ද උත්පාදනය කිරීමට නියමිත ය. එයින් ලැබෙන මුළු ආදායමේ වටිනාකම රුපියල් දශලක්ෂ 360කි. කන්තලේ හා හිඟුරාන සීනි කම්හල් නවීකරණය කිරීමෙන් මෙගා වොට්ස් 20ක පමණ විදූලි බලයක් නිපදවෙයි. එම කම්හල් දෙකෙන් හා බිබිලේ සීනි කම්හලෙන් නිපදවෙන එතනෝල් ස්ප්‍රීතු ලිටර් මිලියන 25ක ප්‍රමාණය පෙට්‍ර්ල්වලට මිශ්‍රකර ලාභදායි මිලකට බනිජ තෙල් සංස්ථාව මඟින් මහජනයා වෙත අලෙවි කිරීමට ද අවධානය යොමු වී තිබේ

Leave a comment


ශ්‍රී ලංකාවේ පලතුරු නිෂ්පාදනය හා වෙළෙඳපොළ පිළිබද වර්තමාන තත්ත්වය හා එහි අනාගතය සම්බන්ධයෙන් අප රට පසුගිය වසර දෙක තුන තුළ සුවිශේෂ අවධානයක් යොමු කර තිබීම කාගේත් සතුටට කාරණයකි. ඊට හේතුව වන්නේ මෙරට ජනතාවගේ පෝෂණයට පළතුරු කෑමෙන් කළ හැකි බලපෑම ඉතා අඩු මට්ටමක පවතින නිසා ය. කෘෂිකර්ම අමාත්‍යංශය ´´ අපි වවමු රට නඟමු ``ජාතික සැලැස්ම තූළ පළතුරු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත බවක් අත් කරදීම පිණිස විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියි.

ලෝක සෞබ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව සෑම පුද්ගලයෙකුම එක් දිනක් තූළ පලතුරු ග්‍රෑම් 112ක් පරිභෝජනය කළ යුතු වෙයි. දැනට පලතුරු පරිභෝජනය සඳහා යම් නැඹුරුවක් ජනතාව තුළ ඇති වී තිබුණත් එය නාගරික ප්‍රදේශවලට පමණක් වීමත් ග්‍රාමීය ප්‍රදේශවලදී එහි ඇත්තේ ජනතාව ඉතා දුරස් වීමක් බවත් වාර්තා වෙයි. ී ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම හෝ ආදායම් අඩුවීම නිසා සිදු වූවක් බව පෙනෙයි. බොහෝ ග්‍රාමීය පලතුරු ගමෙන් නගරයට ඇදී එන ආකාරය අපි මනා කොට දන්නා දෙයකි. එයින් ගමේ පෝෂණය ගමෙන් විතැන් වීමක් සිදුවන බව අපේ ගම්මු නොදනිති.

පලතුරුවලින් සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විටමින් හා බනිජ ලවණ වැඩි ප්‍රමාණයක් ඉතා පහසුවෙන් ලබා ගැනීමටත් ආහාර ජීර්ණය පහසු කරවීමටත් දායක වෙයි. එහෙත් දැනට අපට ලැබෙන්නේ දිනකට පලතුරු ග්‍රෑම් 40ක් තරම් කුඩා ප්‍රමාණයක් පමණකි.
අප රට, ලෝකයේ ඝර්ම කලාපීය රටක් වන අතර මෙහි පලතුරු වර්ග 55ක් තරම් විශාල ප්‍රමාණයක් ඉතා පහසුවෙන් වගා කිරීමට පුළුවන්කම ඇත. අපේ පලතුරු බොහොමයක්ම ගෙවතු වගා ලෙස පවතින අතර ඉතා සුළු ප්‍රමාණයක් ගොවිපොළ හැටියටත් ඇති බව හඳුනාගෙන ඇත. එයින් සියයට 85ක් 90ක් තරම් ගොවිපල ප්‍රමාණයක් හෙක්ටයාර් 0.25ට වඩා අඩු ඒවා ය. තවත් සියයට 5ත් 10ත් අතර ප්‍රමාණයක් හෙක්ටයාර් 2ට වඩා අඩු ගොවිපොළ ය. හෙක්ටයාර් 2ත් 10ත් අතර ගොවිපොළ ප්‍රමාණය සියයට 3ක් තරම් ය. හෙක්ටයාර් 2ට වඩා වැඩි ගොවිපොළ ප්‍රමාණය සියයට දෙකකි.

මෙවැනි තත්ත්වයක් තුළ අප රටේ පලතුරු නිෂ්පාදනය, අපට අවශ්‍ය තරම් නොවන බව පෙනෙයි. එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් හැටියට ගතහොත් සියයට එකකි (1%කි).

ඉහත කී පලතුරු වර්ග 55න් වර්ග 12ක් සඳහා අප රට තුළ පර්යේෂණ පවත්වමින් ඒවා සංවර්ධනය කිරීමට ප්‍රමුබත්වය ලබා දී තිබීම මෑත කාලය තුළ අප ලත් ජයග්‍රහණයකි. විශේෂයෙන් කෙසෙල්, අන්නාසි, පැපොල්, වැල් දොඩම්, අඹ, පැණි දොඩම්, මැන්ඩරින්, අලිගැටපේර, කොමඩු, දිවුල්, පේර, දෙළුම් හා පෙයාර්ස් ඒ අතර වෙයි. වත්මන් රජයේ කෘෂිකාර්මික සංවර්ධන පිළිවෙත්වලට අනුව මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ එළවළු පලතුරු යන අංශ දෙක කෙරෙහි ම වැඩි අවධානයක් යොමු කර තිබේ.
ජනලේබන හා සංබ්‍යාලේබන දෙපාර්තමේන්තුවේ සංබ්‍යාලේබනවලට අනුව 2008 වසරේ පලතුරු වගාව සඳහා හෙක්ටයාර් 100148ක් යොදවා තිබුණි. එයින් සියයට 48ක් කෙසෙල් වගාව සදහා පමණක් වෙන් විය. ශ්‍රී ලංකාවේ වැවෙන පලතුරු ප්‍රභේද 55න් වාණිජ මට්ටමේ වගාවන් සිදු කෙරෙන අතර පැපොල්, අන්නාසි, කෙසෙල්, රඹුටන් විධිමත් වගා ලෙසත්, අලිගැටපේර, අඹ, දිවුල් හා බෙලි ඉතා අඩු ප්‍රමාණයෙන් විධිමත් ලෙෂත් වගා කරයි.

ඉහත කී ප්‍රධාන පලතුරුවලට අමතර ව තවත් පලතුරු වර්ග රැසක් අප රට ජනතාව අතර භාවිතයට ගනිති. අනෝදා වර්ග කිහිපයක්, දොඩම් වර්ග රැසක් (පැණිදොඩම් ජමනාරං ජම්බෝල ඇතුළු වර්ග කිහිපයක්), වැල, වරකා, ජම්බු, ලාවුලු, ලොවි, නෙල්ලි, උගුරැස්ස, වෙරළු, දිවුල්, මැංගුස්ටින් ඒ අතර වෙයි. මේ බොහොමයක ඖෂධීය ගුණය ද ඉහළ මට්ටමක පවතී. එහෙත් මේවා අපේ සාමාන්‍ය ජනතාව පරිභෝජනය කිරීමේ මට්ටම ඉතා පහළ ය.

අප රට වැවෙන බොහොමයක් පලතුරු වර්ග විදේශ වෙළෙද පොළට අපනයනය කරයි. පසුගිය වසරවල එකී අපනයන මට්ටම ද ඉහළ මට්ටමකට නැඟ තිබේ. 2008 දී නැවුම් පලතුරු මෙ.ටො.14415ක් අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 1508ක විදේශ විනිමයක් උපයාගෙන ඇත. ශ්‍රී ලංකාව මාලදිවයිනේ පලතුරු වෙළෙඳ පොළ විශාල වශයෙන් දිනාගෙන සිටියි. මහින්ද චින්තන වැඩ පිළිවෙළ යටතේ ඉන්දියාව හා සෙසු කලාපීය රටවල් පලතුරු වෙළෙඳ පොල ජයගැනීමට අපේක්ෂා කරයි. මේ සදහා පලතුරු අපනයන බදු ලිහිල් කිරීමේ ප්‍රතිපත්තියක් ද රජය අනුගමනය කර තිබේ.

කාබනික පලතුරුවලට ලෝක වෙළෙඳ පොළේ පවතින ඉල්ලුම සලකා බලමින් කාබනික පලතුරු නිෂ්පාදනයට වැඩි නැඹුරුවක් රටතුළ ඇති කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද අවධානය යොමු කර තිබේ. එයින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ඉපැයීමට රජය බලාපොරොත්තු වෙයි. එය අප රටට විදේශ විනිමය උපයාගැනීම අරමුණු කරගත් ඉතා හොඳ පිළිවෙතකි. එහෙත් ලෝක සෞබ්‍ය සංවිධානයේ ඉලක්ක සමග සසඳන විට අපට ප්‍රමාණවත් පලතුරු නැතිව තිබියදී විදේශ වෙළෙඳපොළට අපනයනය අපගේ පෝෂණය අප විසින් ම තල්ලු කර දැමීමක් ද වන්නේ ය.
මේ අතර අප රටට විශාල වශයෙන් ආනයනය කරන පලතුරු වර්ග රැසක් ද ඇත. ඇපල්, දොඩම්, මැන්ඩරින් හා මිදි ඒ අතර ප්‍රමුබ වෙයි. මේවායින් ඇපල් අප රට දේශගුණික තත්ත්වයන් යටතේ වගා කිරීම දුෂ්කර ය. චීනය හා ඇමෙරිකාව යන දෙරටින් ඇපල් ද චිනය, ඔස්ට්‍රෙලියාව හා පාකිස්ථානය යන රටවලින් දොඩම් ද, ඉන්දියාව, ඔස්ට්‍රෙලියාව, දකුණු අප්‍රිකාව හා ඇමෙරිකාව යන රටවලින් මිදි ද ආනයනය කරයි. 1980 දී ශ්‍රී ලංකාවට ආනයනය කළ ඇපල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 137ක් වූ අතර, 1990 දී මෙට්‍රික් ටොන් 684ක් විය. එම මට්ටම 2000දී මෙට්‍රික් ටොන් 13514ක් දක්වා ඉහළ ගියේ ය. 2008 දී මෙට්‍රික් ටොන් 17222ක් තරම් ඉහළ අගයක් ගත්තේ ය.

දොඩම් ආනයනයේ දී පෙන්නුම් කරන්නේ වෙනස් තත්ත්වයකි. 2000 සිට පිළිවෙළින් මෙට්‍රික් ටොන් 10586 සිට 2001 දී මෙට්‍රික් ටොන් 9469 ක්, 2002 දී10812ක්, 2003 දී 8563ක්, 2004දී 7218ක්, 2005දී 3606ක්, 2006දී 4881ක්, 2007 3346ක් හා 2008දි 3579ක් වශයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් වාර්තා විය. මෙම පලතුරු වර්ග ආනයනය වෙනුවෙන් සැලකිය යුතු විදේශ විනිමයක් අප රටින් පිටරටවලට ඇදී යන අතර එය වළක්වාගෙන මෙරට දේශීය කෘෂිකර්මයේ ප්‍රමුබ වගා ලෙස සංවර්ධනය කිරීමට ඉඩ කඩ ඇත. දොඩම් හා මිදි ශ්‍රී ලංකාවේ වගා කිරීමට අවශ්‍ය තරම් පහසුකම් ද තිබේ. එකී ස්වයංපෝෂිත බව ළඟා කරගැනීමට අප ගම් මට්ටමින් සූදානම් කිරීම වැදගත් ය.

ශ්‍රී ලංකාවේ පලතුරු සැකසුම් කර්මාන්තය මෑත කාලයේ දී නව මාවතකට යොමුවෙමින් ඇත. බීම වර්ග සඳහා පලතුරු යෙදවීම දැන් බහුලව සිදු කරමින් තිබේ. එය අප රට ජනතාවගේ පලතුරු පරිභෝජනයේ නව වැඩිවීමක් සඳහා කරන යොමු කිරීමක් වී තිබේ. ඒ සඳහා විශේෂයෙන් මධ්‍යම පංතිකයින් හා තරුණ තරුණියන් මෙන්ම යෞවන වයසේ නාගරික පිරිස් නැඹුරු වෙමින් සිටිති. එය හොඳ තත්ත්වයකි. එහෙත් ගැමි බහුතරයක් ඊට යොමු වී නැත. දැනට පලතුරු පරිභෝජනයේ යෙදෙන ජනයාගෙන් බහුතරය නාගරික පිරිස් වන අතර ප්‍රාදේශීය මට්ටමින් එය ව්‍යාප්ත වන්නේ මුස්ලිම් ජනයා අතර ය. එහිදී පලතුරුවල මිල ගණන් අප රට සෙසු ජන කණ්ඩායම්වලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් පෙන්නුම් කරයි. අතිශය ගුණදායක පලතුරු වර්ග අතර අනෝදා හා දූරියන් ගෙවතු මට්ටමින් උඩරට ප්‍රදේශවල ව්‍යාප්ත වන නමුත් පසුගිය අවුරුදු කිහිපයක් තුළ එක දූරියන් ගෙඩියක්වත් පරිභෝජනය නොකළ සිංහල හා දෙමළ ජන කණ්ඩායම අති විශාල ය. සමස්ත දූරියන් නිෂ්පාදනයෙන් අඩු තරමින් සියයට 70ක් වත් පරිභෝජනය කරන්නේ මුස්ලිම් ජන පිරිස යි. ඊට ප්‍රධාන ම හේතුව වන්නේ මිල මට්ටම දරාගැනීමට නොහැකි වීමයි.

2010 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළේ සමහර පලතුරු වර්ග කිහිපයක මිල ගණන් මෙසේ ය. ඇඹුල් කෙසෙල් ගෙඩියක් රුපියල් 2ත් 3ත් අතර කෝලිකුට්ටු ගෙඩියක් රුපියල් 6ත් 10ත් අතර පැපොල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 30ත් 65ත් අතර අන්නාසි ගෙඩියක් රුපියල් 60ත් 90ත් අතර අඹ (කර්ත කොළොම්බන්) රුපියල් 50ත් 60ත් අතර දිවුල් ගෙඩියක් රුපියල් 5ත් 20ත් අතර දූරියන් ගෙඩියක් රුපියල් 200ත් 400ත් අතර පරාසයක හැසිරෙමින් තිබිණි. මෙවැනි තත්ත්වයක් තුළ අප රට බහුතර ජනයාට පලතුරු පරිභෝජනයේ ඉලක්ක කරා ළඟාවීම දුෂ්කර වී තිබේ. එබැවින් මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ ඉදිරි කාලය තුළ පලතුරු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත තත්ත්වයක් ළඟා කර ගැනීමේ දී එය විදේශීය වෙළෙඳ පොළට වඩා දේශීය පරිභෝජනය අරමුණු කරගැනීම වඩාත් උචිත බව පෙනේ.

Leave a comment

ආඝාතයේ ඊළඟ ගොදුර ඔබ විය හැක


ලොව මිනිසුන් ආබාධයට පත් කරන මරණයට පත් කරන බියකරු රෝග අතරින් දෙවන තැන හිමිකරගෙන තිබෙන්නේ ආඝාත රෝගය(Stroke)යි. එය ඔබට විශ්වාස කළ හැකි ද?අකමැත්තෙන් වුවත් පිළිගත යුතු සත්‍ය එයයි.ඒඩ්ස් තරම් ම මිනිසාට බලපෑමක් එල්ල කිරීමට මෙම බෝ නො වන රෝගය සමත් වෙලා.

අද (29) ලෝක ආඝාත දිනය ලෙස නම් කර තිබෙන්නේ ලොවට මෙහි ඇති බලපෑම දැනෙන නිසා විය හැකියි. මේ ලිපිය සකස්වන්නේ අදට යෙදී තිබෙන ලෝක ආඝාත දිනය නිමිති කරගෙනයි.

සෑම හය දෙනෙකුගෙන් එක් අයෙක් ජීවිත කාලය තුළ ආඝාත තත්ත්වයට ගොදුරු වීමේ අවදානම පවතින බවයි ඒ පිළිබඳ පර්යේෂණ සිදුකළ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. මෙය ලෝක මට්ටමින් ගැණෙන විට ඉතා විශාල සංඛ්‍යාවක්.

ආඝාතය හෙවත් Stroke රෝගී තත්ත්වය රෝග ලක්ෂණ රැසකින් සමන්විත බෝ නො වන රෝගයක්. අංශභාග, ශරීරයේ අසාමාන්‍ය හැඩයන්, සුළු හිරිවැටීම්වල සිට ජීවිතයේ අවසාන මරණය දක්වා මෙම රෝගය අප ව කැඳවාගෙන යනවා. මේ රෝගයේ බරපතළකම රෝගියාගෙන් රෝගියාට වෙනස්.

ආඝාත තත්ත්වය අඩු වයසින් වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බවයි වෛද්‍යවරුන් පවසන්නේ. වයස අවුරුදු 60ට අඩු එනම් අවුරුදු 25 -40 වයස්වල තරුණ අය ද ගොදුරු වීමේ අවදානම පවතිනවා.

ආඝාතය රටක සංවර්ධනයට බාධාවක්

රකට ශ්‍රම බලකායෙන් වැඩි කොටසක් නියෝජනය කරන්නේ තරුණ ප්‍රජාව. ඔවුන් ඍජු ලෙස රටක ආර්ථික සංවර්ධනයට දායක වෙනවා. මේ නිසාම ඔවුන් රටේ ආර්ථිකයේ සුක්කානම වන්නේ නිතැතින්. එහෙත් ක්ෂණික ව ඇතිවන මෙවැනි ආඝාත තත්ත්වයන් නිසා සංවර්ධනයේ ශ්‍රම බලකායට තර්ජනයක් එල්ල වෙනවා. ඉන් සිදුවන්නේ රටක සංවර්ධනයේ ගමන් මඟට බාධා එල්ල වීම.

එ පමණක් ද නො ව,තුන්වන ලෝකයේ ආඝාත තත්ත්වය සියයට 80%ක් දක්වා ඉහළ අගයකයි පවතින්නේ. මෙය මෙම කලාපයට බරපතල තත්ත්වයක්. මේ බව පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා ජාතික විශේෂඥ නිලධාරී වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය. ඇයට අනුව මෙම රෝගී තත්ත්වයෙන් පවුල් සංස්ථාවට සිදු කරන බලපෑම අති මහත්. පවුලේ ආදායම උපයන්නා, තම පියා, මව, සහෝදරිය, සහෝදරයා, ස්වාමිපුරුෂයා, බිරිඳ මේ තත්ත්වයට අකාලයේ ගොදුරු වුවහොත් ඉන් පවුලේ සංවර්ධනයට, පැවැත්මට වන බලපෑම විග්‍රහ කළ හැක්කේ කෙසේ ද? ඒ නිසා ම ආඝාත රෝගය රටක ආර්ථික කොඳු නාරටියට එල්ල කරන්නේ ප්‍රබල තර්ජනයක්.

ආඝාතය ඇති වීමට හේතුව මොකක් ද?...

ආඝාතය ඇතිවීම වෛද්‍ය විධ්‍යාත්මක ව පැහැදිළි කෙරෙන්නෙ මෙලෙසින්. රුධිරය සපයන නාළිකා ජාලගත ව පවතී. විවිධ හේතු නිසා නාළ තුළ ඇතිකරන කොලොස්ටරෝල් තැන්පත්වීමෙන් එම සිදුරු කුඩා වෙයි. මේ නිසා රුධිරය සැපයීම නතර වීම හෝ අඩුවීම නිසා ආඝාතය ඇතිවීමට මුල්වෙයි. අනික් හේතුව නම් රුධිරවාහීනී අවහිර වූ ස්ථාන දුර්වල වී පුපුරායෑමෙන් මොළයේ ඇතිවන අභ්‍යන්තර රුධිර වහනය නිසා ඇතිවන ආඝාතය. මේ අවස්ථා දෙකේ දී ම සිදුවන්නේ මිනිස් මොළයේ කොටසක ක්‍රියාකාරී අවස්ථා බිඳ වැටීම. මේ නිසා මොළයේ පාලනය යටතේ පවතින ශරීරයේ එක් එක් අංග පාලනයෙන් බැහැර වෙනවා. අවයව දුර්වල වෙනවා.

පුරෝකථනය කර ඇති අන්දමට වසර 2020 වන විට ඉතා විශාල ප්‍රතිශතයක් මෙම රෝගයට ගොදුරු වෙන බවයි පැවසෙන්නේ. ශ්‍රී ලංකාව තුළ ද බෝ නො වන රෝගවල වර්ධනයක් පෙන්නුම් කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පී.ජී. මහීපාල මහතා පවසන්නේ. අතිරේක ලේකම්වරයාට අනුව, වසරකට බෝ නො වන රෝග හේතුවෙන් 250ක් පමණ මිය යනවා. මේ වනවිට ආගාත රෝගීන්ගෙන් මිය යන ප්‍රතිශතය සියයට 11ක් බවයි ඔහු පවසන්නේ.

ලෝක තත්ත්වය සලකා බලන විට ඇත්තේ බියකරු වාර්තාවන්. සෑම තත්පර 06කට වරක් පුද්ගලයෙක් ලෝකයේ කොතැන හෝ තැනක ආඝාතය හේතුවෙන් මරණයට පත්වන බව ලෝක සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා. වසර 2005 වනවිට ලෝකයේ මිලියන 35,000ක් දෙනා මෙම රෝගයට ගොදුරු වී අවසන් බවයි වෛද්‍ය ලංකා ජයසූරිය මහත්මිය පවසන්නේ.

වෛද්‍ය ජයසූරිය මහත්මිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ මරණවලින් සියයට 60ක් සිදුවන්නේ බෝ නොවන රෝගවලින්. දැන් දැන් තුන්වන ලෝකය මේ අවදානමේ ගිලිලා. එය සියයට 80ක් දක්වා ඉහළ අගයක්.

සුළු ආඝාත තත්ත්වය පැය 24කින් පහව යා හැකියි. අතක් හෝ කකුලක්, මුහුණේ අතිවන හිරිවැටීමක්, එකවර ඇති වී නැති වී යන ක්ලාන්තයක්, කතා කිරීමේ හෝ තේරුම් ගැනීමේ අපහසුතාව, පෙනීම අඩුවීම, ඉතා තද හිසරදය, ශරීරයේ සමබරතාව බිඳී යාම, ඇවිදීමේ අස්ථාවරත්වය ආඝාත රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකියි.

ඉහත සඳහන් කළ සුළු ආඝාත තත්ත්වය දීර්ඝ කාලයක් පැවතීම පූර්ණ ආඝාතයක ලක්ෂණ විය හැකියි. ශරීරයේ කොටසක පණ නැති වීමේ සිට සදාකාලික ආබාධිකවීම හා මරණය දක්වා මෙම තත්ත්වය වර්ධනය විය හැකියි.

ආඝාතයට හේතුව ...

මෙයට ප්‍රධාන හේතුව ලෙස වෛද්‍යවරු පෙන්වා දෙන්නේ රුධිරනාලවල අවහිර වීම හා අයහපත් ජීවන චර්යාවන්. එමෙන් ම දුම් පානය හා මත්පැන් පානය මෙයට ප්‍රධාන ලෙස බලපානවා.මත්පැන් හා දුම්පානය සමාජය තුළ බොහෝ සෞඛ්‍ය ගැටළු ඇති කරලා.

මේ පිළිබඳ ව අඳහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පාලිත කරුණාපේම මහතා; ආඝාත රෝගයට ගොදුරුවීම වයස අවුරුදු 65 අඩු සියයට 20ක ප්‍රතිශතයක්. මසකට රෝගීන් 40 පමණ වාර්තාවෙනවා. සියයට 37ක් දුම්පානය ඍජු ව ම මෙම ආඝාත රෝගයට හේතු වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ.

ශරීරයට අහිතකර ආහාර ගැනීම අද සංස්කෘතික අවුලක් වෙලා. ආඝාත රෝගයට මෙම ඇතැම් කෘත්‍රීම ආහාර ද හේතුවක් වී ඇති බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ. වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසන්නේ ලංකාවේ සියයට 80ක් පමණ පෝෂ්‍යදායක ආහාරවලට හුරු වී නො මැති බවයි. පෝෂදායක ආහාර හා යහපත් චර්යා රටාවන් මෙහි දී ඉතාමත් වැදගත් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වළක්වා ගැනීමට නම්...

ප්‍රධාන වශයෙන් මත්පැන් පානය හා දුම්පානයෙන් ඉවත්වීම වැදගත් බව පවසන වෛද්‍යවරු රුධිර පීඩනය නිරන්තරයෙන් මැන බැලීම, දිනපතා ව්‍යායාම සිදු කිරීම, සීනි සහ ලුණු අඩුවෙන් ආහාර ගැනීම, උසට සරිලන බර තබා ගැනීම, මනස සැහැල්ලු කර ගැනීම හා වෛද්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව පෙන්වා දෙනවා.

එහෙත් මෙහි ඇති අවාසනාවන්ත බව නම් ආඝාතය වැළදීමෙන් අනතුරු ව සියයට 60ක් පමණ පුද්ගලයින් කොටසක් මරණයට හෝ සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වෙනවා. මින් සියයට 10ක් පළමු දින 30 ඇතුළත මරණයට ගොදුරු වෙනවා. සම්පූර්ණ සුවය ලබන්නට තරම් වාසනාව ලබන්නේ සියයට 30ක් පමණයි.

අභියෝගය ජයගැනීම...

මෙම රෝගය සුව කිරීමේ දැවැන්ත අභියෝගය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ බාරගෙන අවසන්. මේ වනවිට ශ්‍රී ලංකාවේ සියලු ප්‍රධාන රෝහල්වල සී.ටී. ස්කෑනර් මඟින් රෝගීන් පරික්ෂා කිරීම සිදු කෙරෙනවා. ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ, රෝග ලක්ෂණ පහළ වූ වහා ම රෝහලක් කරා රැගෙන ඒමයි කළ යුත්තේ. මේ වනවිට ජාතික රෝහලේ ආඝාත ඒකකය මඟින් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර පුනරුත්ථාපන කටයුතු සිදු කෙරෙනවා.

මෙම රෝගීන් පුනරුත්ථාපනය කිරීමට ද සෞඛ්‍ය අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර අවසන්. එමෙන් ම සමාජ සේවා හා සමාජ සුබ සාධන අමාත්‍යාංශය ද මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගෙන. මෙමඟින් ආබාධිත පුද්ගලයින්ගේ ආර්ථික සුරක්ෂිතතාව හා ඔවුන්ගේ ජීවිත ගොඩනැඟීම සඳහා වැදගත් පියවර රැසක් මේ වන විටත් එම අමාත්‍යාංශය ක්‍රියාත්මක කරලා.

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මත සියලු ජනතාවට සෞඛ්‍ය සේවාව ලබා ගැනීමට ඉඩහසර සැලසීම මෙම කාර්යන් ප්‍රායෝගික ව සාර්ථක වීමට හේතුවක්.ආඝාත රෝගය ඇතුළු ස්නායු රෝග සඳහා වසරකට සෞඛ්‍ය අංශය රුපියල් බිලියන 2ක් පමණ වැය කරන බවයි අතිරේක ලේකම් වෛද්‍ය මහීපාල මහතා සඳහන් කරන්නේ.

මේ අනුව ඉදිරි කාලය තුළ දිවයිනේ සෑම ප්‍රාථමික සෞඛ්‍ය ආයතනයක ම මේ රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමටත් දැන් අවධානය යොමු ව තිබෙනවා. මෙය රටක් ලෙස පුරවැසියා වෙනුවෙන් ගනු ලබන වැදගත් මෙහෙවරක් බව සිහිපත් කළ යුතුයි.

කෙසේ වෙතත් රෝගය ඇත්තේ අප තුළ ම යි.එය කාට කොයි මොහොතේ ඇති වෙයි ද?කියා කිව නො හැකියි.එයින් ඔබට මිදීමට නම් වෛද්‍ය උපදෙස් අනුව සියලු අයහපත් චර්යාවන්ගෙන් මිදිය යුතු ම යි.

Leave a comment

ශ්‍රී ලංකාවේ සම්මත වේලාව සංවර්ධනයට ප්‍රවේශයක්.


ශ්‍රී ලංකාවේ වේලාව සම්මත වේලාවක් බවට නිල වශයෙන් ගැසට් කිරීමට තීරණය කර ඇත. මිණුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව මේ පිළිබඳ සියලු කටයුතු සිදු කරයි.
සම්මත වේලාව ගැසට් කිරීම හා මේ පිළිබඳව පවතින තත්ත්වය පිළිබඳ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, කේ. ප්‍රේමසිරි කුමාර මහතා සමඟ රජයේ නිල පුවත් වෙබ් අඩවිය සිදුකළ අඳහස් විමසීම මෙසේ සටහන් කෙරේ.

'වේලාව' ලෝකයේ මිනිය හැකි රාශීවලින් ඉතා නිවැරදි ව මිනිය හැකි රාශියකි. දැනට පවතින වේලාව, ගැසට් කරන වේලාව අතර බරපතල වෙනසක් සිදුවන්නේ නැත.

එහෙත්, 1995 අංක 35 දරණ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනතට අනුව ශ්‍රී ලංකාවේ මිනුම් සම්බන්ධ සියලු පාලනය සිදු කරන්නේ මෙම මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව මඟිනි.

ලෝකයේ ''ග්‍රිනිච්'' නමින් සම්මත වේලා ක්‍රමයක් භාවිත කෙරේ. එය ලෝකය සාමාන්‍ය මධ්‍යම රාත්‍රිය බිංදුව යැයි සලකා, ලෝකය තලයක් ලෙස ගෙන එය වමට හා දකුණට අඩු වන හා වැඩි වන පිළිවෙළට සිදුකරන බෙදීමක් අනුව වේලාව ගණනය කර තිබේ. ඒ අනුව ලොව මෙම වේලාවට සාපේක්ෂ ව සම්මත වේලාවන් හා කලාප වශයෙන් වේලාවන් සකස් කර ගෙන තිබේ.

එය මීට වඩා විද්‍යානුකූල ව හා තාක්ෂණික ව ජාතික මිනුම් පර්යේෂණාගාර එකතු වී ලොව එක ම වේලාවකට එකතු කර ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව දවසේ ගතවන පැය 24 වේලාව සම්මතයක් ලෙස එක මට්ටමකට පවත්වාගෙන යාමට පියවර ගෙන තිබේ. මේ ක්‍රමය තුළ මෙම සම්මත වේලාව යන සංකල්පය ඉදිරිපත් වී ඇත.

නීත්‍යානුකූලව වේලාව විකාශනය කිරීමේ අවශ්‍යතාව කලක සිට අවශ්‍ය වී තිබුණි. එය සිදු කිරීමට ප්‍රධාන වශයෙන් උපකරණවල අවශ්‍යතාව හා නීත්‍යානුකූල කිරීමට අවශ්‍ය වන නියෝග සැදීම අවශ්‍ය ව තිබුණි.

1995 අංක 35 දරණ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනත යටතේ නියෝග සැදීම හා උපකරණවලින් සියයට 75%ක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ. අවශ්‍ය රෙගුලාසි සකස් කොට අවසන් වූ පසු සම්මත වේලාව වසර 2011 ජනවාරි 01 සිට ශ්‍රී ලංකාවේ සම්මත වේලාව බවට විකාශය කිරීමට කටයුතු කළ හැකිය.

වේලාව නිවැරැදි ව ගණනය කළ යුතුයි. එය විද්‍යාත්මක ව හා තාක්ෂණික වශයෙන් සිදු කිරීම අත්‍යාවශ්‍යයි. විශේෂයෙන් දුරකථන සන්නිවේදනයේ දී එය ඉතා වැදගත් වෙයි. උදාහරණයක් ලෙස, දුරකතනයක වේලාව වැරදි ලෙස සටහන් කෙරෙන වේලා උපකරණයක් තිබේ නම් එමඟින් ඇතැම් විට ව්‍යාපාරිකයාට හා පාරිභෝගිකයාට ආවාසියක් සිදුවිය හැකි ය.

තවත් හඳුනාගත් ගැටළුවක් වන්නේ විද්‍යුත් මාධ්‍ය තම ''පීක් අවර්ස්'' හී දී උදාහරණයක් ලෙස රාත්‍රී පුවත් වේලාවේ දී තප්පර කිහිපයක් කලින් විනාඩි කිහිපයක් කලින් වේලාව සකස් කොට ප්‍රචාරය සිදු කරන බවට ආරංචි ලැබී තිබේ. ඇතැම් චැනල
ග්‍රාහකයා තම නාලිකාවට කල් ඇති ව රඳවා තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙවැනි ක්‍රම භාවිත කරයි. මෙය තරගයක් නිසා ඇති ව තිබෙන තත්ත්වයකි. එහෙත් මෙහි බරපතල තත්ත්වය වන්නේ අවසානයේ දී නිවැරදි වේලාව කුමක් ද යන්න පිළිබඳ ව ගැටළුවකට පත් වීමයි. ඒ නිසා මෙවැනි ක්‍රමවේද නිවැරදි කිරීමට බලාපොරොත්තු වෙයි.

මෙය අප විසින් කළ යුතු යුතුකමකි. මෙය රටේ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් සපයයි. නීත්‍යානුකූල ව වේලාව විකාශනය කිරීම ආරම්භ කරන විට විද්‍යුත් නාලිකා හා දුරකතන ආයතනවලට මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන වේලාව භාවිත කරන ලෙස උපදෙස් ලබා දීමට නියමිත ය. ඒ අනුව එම වේලාව අනුව එම ආයතන කටයුතු කළ යුතු ය.

මෙම සම්මත වේලාව ජාත්‍යන්තර ගුවන් ගමන්වල දී බලපෑමක් සිදු කරන්නේ නැත. එය සමස්ත සමාජ ක්‍රියාවලියට බරපතළ බලපෑමක් සිදු කරන්නේ ද නැත. වෙළෙඳපොළ තුළ හා මාධ්‍ය ආයතන මඟින් සිදු කරන වේලාව සම්බන්ධ ගැටළු නිවැරදි කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.

ජ්‍යොතිෂ්‍ය කටයුතුවලට මින් බලපෑමක් ඇති නො වේ. මෙය විද්‍යාත්මක හා තාක්ෂණික භාවිතයක් පමණයි. ජ්‍යොතිෂ්‍ය සිදුකරන්නේ ඔවුන්ගේ සම්මත ක්‍රමවේද අනුව ය. ඔවුන්ට කැමති ලෙසකින් භාවිත කළ හැකියි. එයට ලෝක සම්මත ක්‍රම පවති. සම්මත වේලාව පිළිබඳ ව අන්තර් ජාතික බලපෑමක් එල්ල වී නැත.

අප විසින් හඳුනාගත් ගැටළු නිරාකරණය කර ගැනීමට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. මෙම ක්‍රමවේදය ජනමාධ්‍ය මඟින් ක්‍රියාත්මක කිරීම තුළ නිවැරදි කාලය කුමක් ද යන්න ජනතාවට දැන ගැනීමට අවස්ථාව උදාවෙයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ මෙම වසරේ අවසන් කිරීමට උපදෙස් ලැබී තිබේ. මේ වනවිට අදාළ කටයුතු සිදු කරමින් පවතින අතර ලබන ජනවාරි සිට සම්මත වේලාව ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

රෝබිඩියම් පරමාණුක ඔරලෝසුව මඟින් ලෝකයේ ජී.පී.එස්. (GPS) මඟින් ගෝලීය ගණනය කිරීම ඇමෙරිකාවේ පිහිටි එන්.අයි.එස්.ටී. ආයතනය මඟින් නිකුත් කරන කාල සංඥා පසු තත්පරයට යාවත්කාලින කරනු ලැබේ. ජාත්‍යන්තරව ලබා ගන්නා එම වේලාව ශ්‍රී ලංකාව වෙත ලබා දීම සිදු කරයි.

පළමු අදියරේ වැඩකටයුතු මේ වනවිට අවසන් වී ඇත. මෙම නව වැඩපිළිවෙළ යටතේ ගුවන් විදුලි තරංග මඟින් වේලාව දැනගැනීමට සැලැස්වීම, ජංගම දුරකතන මඟින් ශ්‍රී ලංකාවේ ඕනෑ ම තැනක සිට වේලාව නිවැරදි ලෙස ලබා ගැනීමට ජංගම දුරකතන සේවාවක් ආරම්භ කිරීම යනා දී ජනතාවට වැදගත් පියවර රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Leave a comment

ජර්මන් පාර්ලිමේන්තු කණ්ඩායම විදේශ ඇමති හමු වේ


දිවයිනට පැමිණ සිටින ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම ඊයේ (06) විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවිණි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ‍එම හමුව සිදුවුණු අතර අටදෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස සහ විදේශ අමාත්‍යවරයා සාකච්ඡාවක ද නිරත වූහ.

පශ්චාත් අර්බුද සමයේ දී මෙරට ඇති සංවර්ධන ප්‍රගතිය සියැසින් දැක බලා ගැනීමට ජර්මානු පාර්ලිමේන්තු නියෝජිත පිරිසට අවස්ථාවක් ලැබීම ගැන තමා සතුටට පත්වන බව විදේශ අමාත්‍යවරයා එහිදී පවසා සිටි අතර දශක තුනකට පසු ව ශ්‍රී ලාංකේය ජනතාව බියෙන් සැකෙන් තොර ව නිදහසේ වෙසෙන බව ද අවධාරණය කෙළේ ය.

ජර්මානු නියෝජිත පිරිසේ නායිකා පෙට්රා අර්න්ස්ට්බර්ගර් මෙනවිය සිය අදහස් දක්වමින් උතුරු සහ නැඟෙනහිර සංචාරයන්හිදී බොහෝ යහපත්දේ සිදුවෙමින් තිබෙන බව දැක බලාගත් බවත් ශ්‍රී ලංකා‍ව අත්කරගෙන ඇති ප්‍රගතිය දැකගැනීමට අවස්ථාව ලබාදීම ගැන ස්තූතිවන්ත වන බවත් පැවසුවා ය.

Leave a comment

මඩකලපුව පවුල් 100කට වන්දි


ගැටුම් හේතුවෙන් විපතට පත් මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 100කට වන්දි පිරිනැමීම ලබන 12 වනදා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩිව් ගුණසේකර සහ නියෝජ්‍ය අමාත්‍ය විජිතමුණි සොයිසා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙහිදී මෙම පවුල් වෙත රුපියල් මිලියන 12ක පමණ වන්දි මුදල් පිරිනැමේ.

එසේම ස්වයං රැකියා සඳහා ණය ලබාදීමේ වැඩසටහන යටතේ එදින පෙරවරුවේ සිට පස්වරු‍ව දක්වා මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදුස්සන් තෝරාගැනීම සිදුකෙරේ. මෙම ණය 4%ක සහනදායී පොළී අනුපාතයක් යටතේ රුපියල් 250,000ක උපරිමයකට යටත්ව ලබාදෙයි.

මේ අතර මෙම වසර තුළ පුලියන්කුලම, මුලතිව් හා නැදුන්කර්නි යන ප්‍රදේශයන්හි නිවාස 250ක් පිළිසකර කරගැනීම සඳහා මුල්‍යාධාර පිරිනැමීමට නියමිතය.

එසේම පසුගියදා මුල්‍යාධාර ලබාදුන් කිලිනොච්චියේ නිවාස 500 පිළිසකර කටයුතු ජනපති පදවි ප්‍රාප්තියට සමගාමීව සම්පූර්ණයෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

Leave a comment

ජාල් සුළි කුණාටුවෙන් ලංකාවට බලපෑමක් නෑ


ජාල් සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මේ වන විට එම සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වී ඇති ඇති අතර එය දුර්වල තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.
චෙන්නායි උතුරු ප්‍රදේශය ආසන්නයේ පිහිටි දකුණු අන්ද්‍රා ප්‍රදේශයට හා චෙන්නාහි වයඹ ප්‍ර‍දේශයට මේ වන විට මෙම සුළි කුණාටුව බලපා ඇත.

මේ හේතුවෙන් අන්ද්‍රා ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත.

මෙම සුළි කුණාටුව හේතුවෙන් එරට ඇතැම් ප්‍රදේශවලට දැඩි සුළඟ සමඟ තද වැසි ද ඇති වී තිබෙන බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a comment

අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ජාතික ප්‍රදර්ශනය හා තරගය 28 සිට


අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ජාතික ප්‍රදර්ශනය හා තරගය - 2010 දෙසැම්බර් මස 28, 29 සහ 30 දිනවල දී පෙ.ව. 10.00 සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව පවසයි. මෙම ජාතික ප්‍රදර්ශනය මඟින් ඉහළ ප්‍රමිතියෙන් හා නිර්මාණශීලීත්වයෙන් යුතු අත්යන්ත්‍ර රෙදිපිළි දේශීය හා විදේශීය ජනතාව අතර ප්‍රචලිත කිරීම, අත්යන්ත්‍ර නිෂ්පාදකයින් දිරිමත් කිරීම, නිෂ්පාදකයින්ට හොඳ වෙළඳපොළක් සපයා දීම සහ නිර්මාණශීලී භාණ්ඩ ඇගයීම අරමුණු කෙරේ.

සිත් ගන්නා සුළු ප්‍රදර්ශන කුටි 40කින් මෙන්ම පේෂකාර්මිකයින්ගේ සමූපකාර සමිති, පළාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තු සහ පෞද්ගලික පේෂකාර්මිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අලෙවි කුටි 60කින් ද මෙම ප්‍රදර්ශනය සමන්විත වේ.

දේශීය අනන්‍යතාවයට ප්‍රමුඛත්වයක් දෙමින් මෙවර ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇත. එසේම නැටුම්, ජන කථා, නාට්‍ය, ආදී නොයෙකුත් සංස්කෘතික අංග සහ විලාසිතා දැක්මකින් යුතුව මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයේ ආරම්භක දින වන දෙසැම්බර් මස 28දා පෙ.ව. 10.00ට අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත තරගය සඳහා ඉදිරිපත් වී ඉන් ජයග්‍රහණය ලබාගත් ජයග්‍රාහී නිර්මාණ සඳහා සම්මාන ප්‍රදානෝත්සවයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Leave a comment

මාදු ගඟේ මසුන් වගාවට පියවර


ශ්‍රී ලංකා ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මඟින් මාදු ගඟේ කොටු තුළ මසුන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා මාදු ගඟ තෝරාගෙන ඇත්තේ මත්ස්‍ය වගාවට යෝග්‍ය පසුබිමක් එහි තිබෙන බැවින් බව ශ්‍රී ලංකා ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය පවසයි. කොටු තුළ මසුන් වගා කිරීමේ ක්‍රමවේදය හා තාක්ෂණය මාදු ගඟ අවට සිටින ජනතාවට ලබා දීමටත් ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක් ලෙස ආදර්ශ ව්‍යාපෘතියක් වශයෙන් මෙය ක්‍රියාත්මක වෙයි.

පවුල් 21කට ප්‍රතිලාභ සැලසෙන මෙහි වටිනාකම රුපියල් මිලියන 1.8කි. කොටු 12ක් සහ ස්ථාවර කූඩු 10ක් මීට අයත්වන අතර එක කොටුවක තිලාපියා මත්ස්‍ය පැටව් 2000ක් පමණ වගා කෙරේ. මෙයින් මත්ස්‍ය කිලෝ 600ක් නිපදවාගත හැකි වෙයි. රුපියල් 72,000ක් පමණ ආදායමක් ඉන් උපයාගත හැකිය.

මෙය ආදර්ශයට ගනිමින් මාදු ගඟ අවට සිටින ධීවර ජනතාව අලුතින් කොටු ඉදිකරමින් ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි ශ්‍රී ලංකා ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (වෙරළබඩ ජලජීවී වගා සංවර්ධන) නිමල් චන්ද්‍රරත්න මහතා අපේක්ෂා කරයි.

මෙම මත්ස්‍ය කොටු අයිතිය අම්පිටිය ධීවර සමූපකාර සමිතියට පවරා දී ඇති අතර ධීවර සමිතියේ අනුමැතිය ඇතිව ව්‍යාපෘතිය නැරඹීමට ජනතාවට අවකාශ ලබා දී

Leave a comment

ජාතික ජනමාධ්‍ය සමුළුව හෙට සහ අනිද්දා


කැලණිය විශ්වවිද්‍යාලය මඟින් සංවිධානය කෙරෙන ජාතික ජනමාධ්‍ය සමුළුව හෙට (09) සහ අනිද්දා (10) දිනවල කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ. මෙම ජාතික ජනමාධ්‍ය සමුළුවේ දී මෙරට ජනමාධ්‍ය අධ්‍යයනයේ ගමන් මඟ පිළිබඳ ව විමසා බැලීම මෙන් ම, ජනමාධ්‍ය හා සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයේ අනාගත අභියෝග පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය දැනට මුහුණ දී ඇති ගැටළු පිළිබඳ ව විමසා බැලීම මෙන් ම ජනමාධ්‍ය අධ්‍යයනය හා සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධානයක් ගොඩනැඟීම යන කරුණු පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිත ය.

මීට සමගාමී ව අන්තර් විශ්වවිද්‍යාලයීය වශයෙන් බුද්ධිමය හා මානව සම්පත් හුවමාරු කර ගැනීම පිළිබඳ ව මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.බී. ගනේගල මහතා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා, කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා ඇතුළු විද්වත්හු සහභාගී වෙති.

Leave a comment

එක්දින ශ්‍රේණිගත කිරීම්වල දී දෙවැනි තැන ශ්‍රී ලංකාව


ඕස්ටේ‍්‍රලියානු එක්දින කි‍්‍රකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයග‍්‍රහණය කිරීමත් සමඟ ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව දෙවන ස්ථානය හිමිකරගෙන සිටී. නවතම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ප‍්‍රසාද ලකුණු 118ක් ලබා ගනිමින් ශී‍්‍ර ලංකාව මෙසේ දෙවන ස්ථානයේ පසු වේ.

ප‍්‍රසාද ලකුණු 128ක් ලබා ගනිමින් ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රථම ස්ථානයේ පසුවන අතර ප‍්‍රසාද ලකුණු 117ක් ලබාගනිමින් ඉන්දියාව තුන්වන ස්ථානය හිමිකරගෙන සිටී.

සිව්වන ස්ථානය දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ද පස්වන සහ හයවන ස්ථාන පිළිවෙළින් එංගලන්ත සහ පාකිස්තානු කණ්ඩායම් හිමිකරගෙන තිබේ.

Leave a comment

ජාත්‍යන්තර පාසලේ පොත ගැන බී වාර්තාවක් අධිකරණයට


කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුන් අතර බෙදාහරින ලද බවට වාර්තා වූ ලිංගික අධ්‍යාපනය පිළිබඳ පොත සම්බන්ධයෙන් බී වාර්තාවක් අද (08) බත්තරමුල්ල ළමා අධිකරණයට ඉදිරිපත් කරන බව ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන අතර ඉදිරියේදී මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ළමා හා කාන්තා කාර්යාංශයට පවරන බව එහි සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළාය.

ජාත්‍යන්තර පාසලක කුඩා දරුවන් අතර මෙවැනි පොතක් බෙදාහරින බවට ළමා ආරක්ෂක අධිකාරිය වෙත පසුගියදා වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් අධිකාරිය විසින් පරීක්ෂණ ආරම්භ කරන ලදී.

Leave a comment

නැඟෙනහිරට ආගමික ප්‍රාදේශීය කාර්යාලය

නැඟෙනහිර පළාතේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා ප්‍රාදේශීය කාර්යාලයක් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කාත්තන්කුඩියේ දී විවෘත කෙරිණ. මෙම කාර්යාලයෙන් නැගෙනහිර පළාතේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතුවලට අදාල සියලු සම්බන්ධීකරණ සේවාවන් සිදු කෙරේ. මෙවැනි ප්‍රාදේශීය කාර්යාලයක් පළමු වරට ස්ථාපිත කෙරුණු අතර රජය සියලු ආගමික කොටස්වල සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීමට බැඳී සිටින බව අග්‍රමාත්‍යවරයා මෙහිදී පැවසීය.

රට ගොඩනැගීමේ කාර්යයේදී ආගමික පාර්ශවයට විශාල වගකීමක් පැවරී ඇති බැවින් ආගමික ගැටළු විසඳාගැනීම වැදගත් වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ.

Leave a comment

යෝජිත හෙද වර්ජනය පිළිකුලෙන් හෙළා දකිනවා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති හිමි

හෙද ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කළ ඉල්ලීම් ඉටුවෙමින් තිබෙන අවස්ථාවක එක්තරා වෘත්තීය සමිතියක් පටු දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන බවත් නොවැම්බර් 10 සිදු කිරීමට යන වැඩ වර්ජනය රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉතාමත් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.



අද (08) රජයේ නිල වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව පැවසීය.

මේ වර්ජනය පටු දේශපාලන වුවමනා මුදුන් පත්කිරීමට සිදුකරන පහත් ක්‍රියාවක්. මෙ සිදු කරන්නේ අසරණ රෝගීන් බිල්ලට ගැනීමයි. මෙය අප සංගමය දැඩි ලෙස හෙළා දකිනවා.

හෙද ව්‍යවස්ථාව 1984 දී ප්‍රකාශයට පත් කළ එකක්. වසර 26ක් යනතුරු මේ කිසිවෙක් මේ පිළිබඳ ව කතා කළේ නැහැ. දැන් ඒ ගැන මතක් වී තිබෙනවා. මෙම හෙද ව්‍යවස්ථාව පිළිබඳව අප සංගමය අතිගරු ජනාධිපති මහින්ද රජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා කළා. සංගමය ඉල්ලීම ඉදිරිපත් කළා. ව්‍යවස්ථාව කාලීන වශයෙන් සංශෝධනය විය යුතු ආකාරය සාකච්ඡා කළා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර එය දැන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක ව තිබෙන්නේ.

වසර 20ක් ගතවන උසස්වීම් වසර 12 දක්වා අඩු කිරීම, අධි ශ්‍රේණි ඇති කිරීම, හෙද පුහුණුව වසර තුනයි මාස හතරක් දක්වා වැඩි කිරීම වසර 19 කින් පසුව හෙද කවුන්සලයක් ඇති කිරීම ආදී වැඩපිළිවෙළ රැසක් මෙහි ක්‍රියාත්මකයි.

මෙවැනි තත්ත්වයක් තුළ සිදු කරන වැඩ වර්ජනයේ පදනමක් නැහැ. නවක හෙදියන් මුලාකිරීමට ඔවුන් උත්සහ ගන්නවා.
වසර තිහක යුද්ධයෙන් පසුව රට සීග්‍ර සංවර්ධනයක් කරා ගමන් කරනවා. දැන් රටේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකියි. මේ සිදු කරන්නට හදන්නේ පටු අරමුණු ජයගැනීමටයි.

එම නිසා ලබන 10 දින වැඩ වර්ජනය සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කිසි සෙත් සහාය ලබා නොදෙන අතර උසි ගැන්වීම්වලට නොරැවටී හෙද පිළිවෙත් රකිමින් රාජකාරී කටයුතුවල නියැලෙන ලෙස ඉල්ලා සිටින බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

Leave a comment

යොවුන් ඡන්දයට 1934ක් නාමයෝජනා භාර දෙ


යොවුන් පාර්ලිමේන්තුව සඳහා වන යොවුන් මැතිවරණයට නාමයෝජනා භාර දීම සඳහා යෞවන සමාජ සාමාජිකයින්ගේ විශාල උද්යෝගයක් පවතින බව යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අද (08) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ මේ වන විට අපේක්ෂකයින් 1934 දෙනෙකු නාමයෝජනා භාර දී අවසන් ව ඇති බවයි.

මන්නාරම, ත්‍රීකුණාමලය, මඩකලපුව, යාපනය, මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්ක නියෝජනය කරමින් විශාල තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා අයැදුම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

අයැදුම්පතෙහි සඳහන් පරිදි අවශ්‍ය තොරතුරු සපුරා නොමැති සියලු ම අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඒ අනුව උප්පැන්න සහතිකයේ පිටපතක් නොමැති ව, පදිංචි ප්‍රදේශයේ අදාල පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහතිකයක් නොමැති ව සහ අදාළ යෞවන සමාජයේ සභාපති හෝ ලේකම් සහතික නොකරන ලද අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කෙරේ. අපේක්ෂකයා පුජ්‍ය පක්ෂයේ නොවිය යුතුය.

ප්‍රාදේශීය බල මණ්ඩලයකට එක් මන්ත්‍රීවරයෙකු බැගින් මැතිවරණයෙන් තෝරා පත් කර ගැනෙන මන්ත්‍රීවරුන් 332 දෙනාට අමතර ව ආදිවාසීන්, බර්ගර් සහ මැලේ ජාතීන් නියෝජනය වන පරිදි තවත් මන්ත්‍රී ධූර 3ක් පිරිනැමීමට ද තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

යොවුන් පාර්ලිමේන්තුව දෙසැම්බර් 12 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර කතානායක, නියෝජ්‍ය කතානායක, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ 13 දෙනා තෝරා ගැනීම සියලු ම මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් එදිනට සිදු කෙරේ.

ආණ්ඩු පක්ෂය සහ ප්‍රතිපක්ෂය අහඹු ලෙස තෝරා ගැනෙන අතර ඒ සඳහා අංක 1 සහ 2 යෙදූ කඩදාසි භාවිත කරනු ලැබේ. තෝරා ගනු ලබන ආණ්ඩු පක්ෂයට කැබිනට් මණ්ඩලයේ 13 දෙනා ඇතුළු ව සාමාජිකයින් 173ක් අයත් වන අතර ප්‍රතිපක්ෂයට හිමිවන සාමාජික සංඛ්‍යාව 160කි.

ආණ්ඩු පක්ෂයේ ලාංඡනය ලෙස ජාතික වෘක්ෂය නා ගස සහ ප්‍රතිපක්ෂයේ ලාංඡනය ලෙස ජාතික පුෂ්පය වන නිල් මහනෙල් මල තෝරා ගෙන ඇත.

මැතිවරණ ප්‍රචාරක කටයුතු ලබන 11 වැනිදා ආරම්භ කෙරෙන අතර 25 වැනිදා දහවල් 12.00ට අවසන් කෙරේ. අපේක්ෂකයින් පොදු ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතු වේ.

තරුණ මැතිවරණය නොවැම්බර් 27 දින පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 332ක දී පැවැත්වෙන අතර එම මධ්‍යස්ථානවලදී ම ඡන්ද ගණන් කිරීම සිදු කෙරේ.

එදින සවස 6.00 වන විට ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සමාජයේ ප්‍රජාතාන්ත්‍රික රාමුවට තරුණ ජනමතය එක් කර ගැනීමේ ප්‍රධාන අරමුණින් මෙම පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීමට අදහස් කර ඇත.

රට තුළ වාර්ගික සංහිඳියාව නිර්වචනය කිරීම, නූතන අභ්‍යාස අත්හදා බැලීම්, තරුණ පරපුරට අනාගත නායකත්වය ලබා දීම සහ 2020 වසර වන විට රටට අවශ්‍ය නායකයින් බිහි කිරීම ද මෙම පාර්ලිමේන්තුවේ අරමුණු වේ.

Leave a comment


මෙක්සිකෝවේ දී ඊයේ (08) ආරම්භ වූ ‘සංචරණ සහ සංවර්ධනය’ පිළිබඳ ගෝලීය සංසදයේ 4වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා ඇතුළු දූත පිරිස පසුගිය දා දිවයිනෙන් පිටත් ව ගියහ.

නියෝජ්‍ය අමාත්‍යවරයා හෙට (09) එම සභාව ඇමතීමට නියමිත ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම සැසිවාරය ලබන 11වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් 30කට අධික සංඛ්‍යාවක් සහභාගී වේ.

Leave a comment

සිසුන් අතර බෙදූ පොත ගැන වාර්තාවක් ළමා අධිකරණය

කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලක සිසුන් අතර බෙදාහරින ලද බවට වාර්තා වූ ලිංගික අධ්‍යාපනය පිළිබඳ පොත සම්බන්ධයෙන්"බී"වාර්තාවක් බත්තරමුල්ල ළමා අධිකරණයට ඉදිරිපත් කරන බව ළමාරක්ෂණ අධිකාරිය පවසයි

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු ළමා හා කාන්තා කාර්යාංශය බාරදීමට ඉදිරියේ දී කටයුතු කරන බව එහි සභාපති ‍අනෝමා දිසානායක මහත්මිය සඳහන් කළාය.

කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලක කුඩා දරුවන් අතර මෙම ලිංගික අධ්‍යාපනයට අදාළ පොත බෙදා හැර ඇති බවට සිය අධිකාරියට පසුගිය දා වාර්තා වූ බවත් ඒ අනුව අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා

Leave a comment

රිමාන්ඩ් භාරයේ පසුවූ සරසවි සිසුන් 21 දෙනා ඇප මත නිදහස්


පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී රජයේ දේපළ වලට හානි කළේ යැයි රිමාන්ඩ් භාරයේ පසුවූ සරසවි සිසුන් 21 දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද(08) නියෝග කරනු ලැබීය.

අදාළ සිසුන් 21දෙනා වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම සලකාබැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විසින් එක් එක් සැකකරු රුපියල් 25, 000 බැගින් වූ පුද්ගල ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.

මින් ඉදිරියට උද්ඝෝෂණ හා රැස්වීම් වලට සහභාගිවීම මෙම සිසුන්ට තහනම් කළ අධිකරණය එසේ සහභාගි වූ බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් ඇප අවලංගු කොට නැවත රිමාන්ඩ් භාරයට පත්කරන බවත් අධිකරණය සඳහන් කර තිබේ.

සිසුන් සරසවියට යන්නේ උපාධිය ලබාගැනීමට මිස උද්ඝෝෂණ කිරීමට නොවන බව ඇප ලබාදීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සිසුන් ඇමතූ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය සඳහන් කරනු ලැබීය.

එමනිසා රටට සේවයක් කිරීමට අවශ්‍ය නම් මුලින්ම උපාධිය දිනාගැනීම බවට සිසුන්ට අවවාද කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව දේශපාලනය කළ හැකි බවත් කියා සිටියාය. දේශපාලනය කිරීමට පෙර උපාධිය දිනාගැනීමට කටයුතු කරන ලෙස ද විනිසුරුවරිය සිසුන්ට පවසා සිටියාය.

Leave a comment

ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ නිලධාරීන් 11ක් පොලිස් රෝහල


වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙහෙයුමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සිදු වූ පහර දීමෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර සිටි පොලිස් නිලධාරීන් 48 දෙනාගෙන් 11 දෙනෙකු පොලිස් රෝහලට මාරු කර යවා තිබේ.

අනෙකුත් තුවාලකරුවන් තවමත් රෝහලේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා පැවසුවේය.

ඊයේ(07) උදෑසන වැලිකඩ බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමකට ගිය පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් පිරිසකට බන්ධනාගාර රැඳවියන් පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් නිලධාරීන් 48 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය.

වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ මෙම පහරදීම සැලසුම්ගතව සිදු වූවක් නොවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී ආර් ද සිල්වා මහතා පවසයි. සිරකරුවන්ගේ කලහාකාරී හැසිරීම පිටුපස බන්ධනාගාර නිලධාරීන්ගේ කිසිදු සබඳතාවක් නොමැති බව ඔහු සඳහන් කළේය.

කෙසේ ‍වුවත් සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන හෙයින් මෙම පහර දීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පසුව අනාවරණය වනු ඇති බව අද දෙරණ කළ විමසීමක දී බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

Leave a comment

වැලිකඩ බන්ධනාගාරය


වැලිකඩ බන්ධනාගාරය තුළ දී සිදු වූ පහරදීමේ සිද්ධිය සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබේ.

මේ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබන 30 වැනිදා ඉදිරිපත් කරන ලෙස බොරැල්ල පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ කොළඹ ‍අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ශා රණසිංහ මහත්මිය නියෝග කළාය.

අධිකරණය මඟින් ලබා දුන් සෝදිසි වරෙන්තුවක් මත වැලිකඩ, මැගසින් හා කොළඹ බන්ධනාගාර පරීක්ෂාවට ලක් කළ බව ඉන් සඳහන් කර ඇත. මෙම පරීක්ෂාවේ දී ජංගම දුරකථන බැටරි කැබලි සහ මත් කුඩු මිලිග්‍රෑම් 30ක් පමණ සොයා ගත් බව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව මගින් සඳහන් කර තිබේ.

බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පිළිබඳව රහස් පොලිසිය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබීය. මෙම පරීක්ෂණ වල ප්‍රගතිය දැක් වෙන වාර්තාවක් ලබන 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර සිටියාය.

Leave a comment

ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් රෝගීන් 35 දක්වා ඉහළයයි


ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් වෛරසයට ගොදුරු රෝගීන්ගේ සංඛ්‍යාව 35 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව එහි වසංගත රෝග පිළිබඳ විද්‍යාඥ වෛද්‍ය සුදත් පීරිස් මහතා සඳහන් කළේය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 22ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් පස් දෙනෙක්, මහනුවරින් රෝගීන් 4ක්, මාතරින් රෝගීන් තිදෙනෙකු සහ කෑගල්ලෙන් එක් රෝගියෙකු වාර්තා වී තිබේ. පවතින වතාවරණය අනුව ඉන්‍ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන්. රෝගයට ගොදුරුවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ක්‍රමිකව වැඩිවීමක් පෙන්නුම් කරන බව වෛද්‍ය සුදත් පීරිස් මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ජනතාව අවදියෙන් සිටිය යුතු බව ඔහු සඳහන් කළේය. විශේෂයෙන් කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව දින තුනකට වඩා පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බව වෛද්‍ය සුදත් පීරිස් මහතා අවධාරණය කර සිටියේය

Leave a comment

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයෙන් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

තම ඉල්ලීම් වලට බලධාරීන් විසින් නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතු කොටගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට අවතීර්ණ වන්නට තීරණය කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

කොළඹ මහ රෝහල සහ දිවයින පුරා රජයේ රෝහල් ගණනාවක හෙට දිනයේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය සිදුවනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.

Leave a comment

ජනාධිපති මහින්ද රාජපක්ෂ


රජය ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නවක මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන බව අරලියගහ මන්දිරයේ දී නවක මන්ත්‍රීවරුන් හා ජනාධිපතිවරයා අතර පැවති හමුවකදී හෙතෙම සඳහන් කර තිබේ.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන සැලසුම් පිළිබඳ නවක මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මෙම හමුව පැවැත්වුණු බව සඳහන් වේ.

මෙහිදී ඉදිරිපත් වූ නවක මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා පිළිබඳ සැලකිල්ලක් දක්වා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.

Leave a comment

සුදු කොඩි


සුදු කොඩි ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද යළි විභාගයට ගැනීමට නියමිතය.

දීපාලි විජේසුන්දර ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව යළි විභාගයට ගැනීමට නියමිතව ඇති බව සඳහන් වේ.

අද දින සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ෆෙඩ්රිකා ජෑන්ස් මහත්මිය විත්තියේ නීතීඥවරුන්ගේ හරස් ප්‍රශ්න වලට තවදුරටත් පිළිතුරු දීමට නියමිතව ඇති බව සඳහන් වේ.

එම නඩුවේ තවත් සැකකරුවෙකු වන සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රකාශක ලාල් වික්‍රමතුංග මහතාට ද අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියෝග කර තිබේ.

Leave a comment

ඉහළ කොත්මලේ උමං මග ජනපති අතින් විවෘත වෙයි

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ උමං මාර්ගය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විසින් විවෘත කරනු ලැබීය.

ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ උමං මාර්ගය මෙරට දිගම උමං මාර්ගය ලෙස සැලකෙයි. ග්‍රේට් වෙස්ටර්න් කඳු පන්තිය හරහා ඉදි කෙරුණු මෙම උමං මාර්ගය කිලෝමීටර් 12.9 ක දිගකින් යුතුය. මෙම සම්පූර්ණ ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 44 ක මුදලක් වැය කෙරෙයි.

මෙගාවොට් 150 ක විදුලි බලයක් නිපදවෙන ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයට කොත්මලේ ඔයේ ජලය සැපයීම අරමුණු කොට ගෙන මේ උමං මාර්ගය නිර්මාණය කෙරිණි. අදියර පහක් යටතේ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ඉදි කෙරෙන අතර මේ වන විට සමස්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වලින් 74%ක් නිම කර තිබේ.

Leave a comment

ඉඩම් අයිති ආණ්ඩුවටයි-ජන සංයුතිය අදාළ නෑ

උතුරේ ඉඩම් කිසිදු ජන කොටසකට අයත් නොවන බවත්,වත්මන් රජය ජන සංයුතියට අනුව ඉඩම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොකරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

රටේ සෑම බිම් අඟලක්ම කිසිදු ජාතියකට ආගමකට හෝ කුලයකට පමණක් අයත් නොවන බවත්,ඒවා මේ රටේ එක්කෝටි අනූ පන් ලක්ෂයක් වන සියලුම ජනතාවට අයත් බවත් හෙතෙම කියා සිටියේ අද(04)ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එබැවින් ඉඩම් පිළිබඳ අවසන් තීරණය ගැනීමට යුතුකමක් හෝ වගකීමක් හෝ අයිතියක් පවතින්නේ මහජන ඡන්දයෙන් තේරීපත්වන රජයකට බව ද ඒ අනුව ඉඩම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය වෙනස් නොවන බවද ඔහු කියා සිටියේය.

උගත් පාඩ්ම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් කොළඹ අගරදගුරු ගරු කාදිනල් රංජිත් මැල්කම් හිමිපාණන් උතුරු නැඟෙනහිර ජන සංයුතිය වෙනස්කිරීම සුදුසු නොවන බව ප්‍රකාශ කර තිබීමත්,ඒ පිළිබඳ රජයේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

උන්වහන්සේ උතුරට නොගොස් ඇත්නම් කැටුව යන්නට රජය සූදානම් බවත් රඹුක්වැල්ල අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

කොළඹ අගරදගුරු ගරු කාදිනල් රංජිත් මැල්කම් හිමිපාණන් ගේ අදහස් වලට තමන් ගරු කරන බවත්,ඕනෑම අයෙකුට මෙම ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දිය හැකි වුණත් කළ යුත්තේ කුමක්ද යන්න කොමිසම විසින් අවසානයේ තීරණය කරනු ඇති බවත් රඹුක්වැල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

Print this articlePrint this එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවට අනුව ශ්‍රි ලංකාවේ කැපී පෙනෙන ප්‍රගතියක් එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවට අනුව ශ්‍රි ලංකාවේ කැ

එක්සත් ජාතීන්ගේ නවතම මානව සංවර්ධන වාර්තාවට අනුව ශ්‍රි ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ. 2010 මානව සංවර්ධන වාර්තාව සඳහා රටවල් 169 ක මානව සංවර්ධන දර්ශක ඇතුළත්ය.

ඒ අතුරින් මානව සංවර්ධන කටයුතු පිළිබඳ වේගය අතින් මධ්‍යම ගණයට වැටෙන රටවල් 37 අතරට ශ්‍රි ලංකාව අයත් වේ. නවතම වාර්තාවට අනුව ඉන්දියාව එහි 119 වන ස්ථානයට පත්ව සිටියදී ශ්‍රි ලංකාව මානව සංවර්ධන දර්ශකයේ 91 වැනි ස්ථානයට පත්ව ඇත.

1980 වසරට සාපේක්ෂව මානව සංවර්ධන දර්ශකයේ ඒකක 0 .146 වර්ධනයක් ශ්‍රි ලංකාව පෙන්නුම් කර තිබේ. පුද්ගල ආයු අපේක්ෂාව, සාක්ෂරතාව ඇතුළු සංවර්ධන දර්ශකවල ප්‍රගතියක් පෙන්නුම් කිරීම මීට හේතු වී ඇති බව සඳහන්ය.

Leave a comment

Print this articlePrint this එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවට අනුව ශ්‍රි ලංකාවේ කැපී පෙනෙන ප්‍රගතියක් එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවට අනුව ශ්‍රි ලංකාවේ කැ

එක්සත් ජාතීන්ගේ නවතම මානව සංවර්ධන වාර්තාවට අනුව ශ්‍රි ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ. 2010 මානව සංවර්ධන වාර්තාව සඳහා රටවල් 169 ක මානව සංවර්ධන දර්ශක ඇතුළත්ය.

ඒ අතුරින් මානව සංවර්ධන කටයුතු පිළිබඳ වේගය අතින් මධ්‍යම ගණයට වැටෙන රටවල් 37 අතරට ශ්‍රි ලංකාව අයත් වේ. නවතම වාර්තාවට අනුව ඉන්දියාව එහි 119 වන ස්ථානයට පත්ව සිටියදී ශ්‍රි ලංකාව මානව සංවර්ධන දර්ශකයේ 91 වැනි ස්ථානයට පත්ව ඇත.

1980 වසරට සාපේක්ෂව මානව සංවර්ධන දර්ශකයේ ඒකක 0 .146 වර්ධනයක් ශ්‍රි ලංකාව පෙන්නුම් කර තිබේ. පුද්ගල ආයු අපේක්ෂාව, සාක්ෂරතාව ඇතුළු සංවර්ධන දර්ශකවල ප්‍රගතියක් පෙන්නුම් කිරීම මීට හේතු වී ඇති බව සඳහන්ය.

Leave a comment

ප්‍රවාහන සේවය


කොළඹ නගරයේ ක්‍රියාත්මක සම ගාස්තු ප්‍රවාහන සේවය ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට පටහැනි බව සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සමිති සම්මේලනය චෝදනා කරයි.

මෙම ක්‍රමය මගින් ජනතාවට අසාධාරණයක් ද සිදුවන බව එහි සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පවසයි.

සාමාන්‍ය බස් රථයක එක් නැවතුමක් සඳහා අය කෙරෙන රුපියල් 6 ක ගාස්තුව කොළඹ නගරයේ හඳන්වා දී තිබෙන සම ගාස්තු බස්රථ සේවය යටතේ රුපියල් 10 ක් දක්වා ඉහළ යන බව ස්ටැන්ලි ‍ප්‍රනාන්දු මහතා පෙන්වාදෙයි.

මේ අතර බස් හිමියන් නඟන මෙම චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති පියසේන දිසානායක මහතා කියා සිටියේ බස් ගාස්තු ප්‍රතිපත්තියට අදාළ ක්‍රමවේදය පටහැනි වුව ද වැඩිදුරක් ගමන් කරන මගී ජනතාව සඳහා එය වාසිදායක බවයි.

එසේම ලංගම බස් රථ සඳහා පමණක් මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බැවින් ගැටලුවක් මතු නොවන බව ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

1 Comment

හැටන් පාසල් වලට මදුරුවන්ගෙන් නිවාඩු


හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මගින් පාලනය වන ශාන්ත බොස්කෝ විද්‍යාලයේ පන්ති කිහිපයක සිසුන්ට අද නිවාඩු ලබා දී තිබේ.

විද්‍යාලයේ අවට මදුරු විශේෂයක් බෝ වී සිටීම හේතුවෙන් මෙම සිසුන්ට නිවාඩු ලබා දී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිර්දේශ මත එම මදුරු විශේෂය සඳහා කෘමි නාශක යෙදීම ද අද සිදු කර ති‍බේ.

කෙසේ වෙතත් පන්ති කිහිපයක් හැර පාසැලේ සෙසු පන්ති වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි අද සිදු කෙරෙන බව ද අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාව සහ එහි සිදුවන අක්‍රමිකතා සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.

ඒ සඳහා මේ මස පළමු වැනි දින විසි දෙනෙකුගෙන් යුත් පොලිස් නිලධාරීන් පිරිසක් අනුයුක්ත කර ඇති බව වාර්තා වේ.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමීණී නවරත්න මහතාගේ විශේෂ නියෝගයක් පරිදි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් අබේසිරි මහතා විසින් මෙම පොලිස් කණ්ඩායම පත් කර තිබේ.

මෙම පොලිස් කණ්ඩායම මගින් දඹුල්ල ප්‍රදේශයේ වෙළඳසැල් සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන් වේ.

Leave a comment

මාතලේ රෝහලේ මානසික රෝගි ඒකකය වැසීම ගැන විමර්ශනයක්


මාතලේ මහ රෝහලේ මානසික රෝගි ඒකකය තාවකාලිකව වසා දැමීම පිළිබදව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ, එවැනි තත්ත්වයක් ඇති වීමට බලපෑ හේතු සොයා ඊට කඩිනමින් විසදුම් ලබා දෙන බවය.

මාතලේ මහ රෝහලේ මානසික රෝගි ඒකකය පසුගිය බදාදා තාවකාලිකව වසා දැමුණි.

මානසික රෝගී ඒකකයේ කිසිදු හෙද හෙදියකු සේවයට වාර්තා නොකිරීම ඊට හේතුව විය.

පවතින තත්ත්වය හමුවේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මානසික රෝගීන් 13 දෙනෙකු මහනුවර මහ රෝහල වෙත මාරු කර යැවූ බව එහි රෝහලේ විශේෂඥ වෛද්‍ය එස්.එස්.අයි.එච්.ඒ.එන්. ෂෙහාන් මහතා පැවසීය.

Leave a comment