ප්‍රවාහන සේවය


කොළඹ නගරයේ ක්‍රියාත්මක සම ගාස්තු ප්‍රවාහන සේවය ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට පටහැනි බව සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සමිති සම්මේලනය චෝදනා කරයි.

මෙම ක්‍රමය මගින් ජනතාවට අසාධාරණයක් ද සිදුවන බව එහි සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පවසයි.

සාමාන්‍ය බස් රථයක එක් නැවතුමක් සඳහා අය කෙරෙන රුපියල් 6 ක ගාස්තුව කොළඹ නගරයේ හඳන්වා දී තිබෙන සම ගාස්තු බස්රථ සේවය යටතේ රුපියල් 10 ක් දක්වා ඉහළ යන බව ස්ටැන්ලි ‍ප්‍රනාන්දු මහතා පෙන්වාදෙයි.

මේ අතර බස් හිමියන් නඟන මෙම චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති පියසේන දිසානායක මහතා කියා සිටියේ බස් ගාස්තු ප්‍රතිපත්තියට අදාළ ක්‍රමවේදය පටහැනි වුව ද වැඩිදුරක් ගමන් කරන මගී ජනතාව සඳහා එය වාසිදායක බවයි.

එසේම ලංගම බස් රථ සඳහා පමණක් මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බැවින් ගැටලුවක් මතු නොවන බව ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

. Bookmark the permalink.

1 Response to ප්‍රවාහන සේවය

  1. අනේ උන්ට ජනතාව මතක් වෙලා තියෙන්නෙ දැන්. ජනතාව ඉස්සරහට දාගෙන මේක නවත්තගන්නයි උන්ට ඕන වෙලා තියෙන්න. මේකෙන් ජනතාවට සෙතක් වෙනව බලාගෙන ඉන්න බැරි හිකනල්ලු ටික කෑගහපුවාවේ. අපිනෙ දන්නෙ පුග්ගලික උන්ගෙ කෙරුවාව. තූ නොදෝමකින්. හැදිගෑවිලා පල හැත්තම.

Leave a Reply